Tuesday, July 3, 2018

අපි තාම ප්‍රමාද නැහැ – රුයිචි සකමොතෝ

‘සාමාන්‍යයෙන් මනුස්සයෙක් ජීවත් වෙන්නේ අවුරුදු 50 ක විතර කාලයක්. මේ කෙටි කාලේදී මිනිස්සු අපේක්ෂා කරන්නේ දෙවියෝ ඇවිල්ලා තමුන් බේරාගනීවි කියලා. නමුත්, මේ දෙවියෝ කිසි දවසක එන්නේ නැහැ.‘‘ – රුයිචි සකමොතෝ ඔස්කාර් සම්මාන දිනූ ජපන් ජාතික සංගීතඥයෙකු වන රුයිචි සකමොතෝ සුවිශේෂී හැකියාවන්ගෙන් පිරුණු තැනැත්තෙකි. ගායන ශිල්පියෙකු, සංගීත සංරචකයෙකු, සංගීත නිර්මාණ නිෂ්පාදකයෙකු, ලේඛකයෙකු, රංගන ශිල්පියෙකු මෙන්ම නර්තන ශිල්පියෙකු ද වන රුයිචි න්‍යෂ්ටික බලශක්තියට එරෙහිව හඬ අවදිකරන සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ද ජනාදරයට පත්වී ඇත. කෙසේවුවත්, කලෙක ගෙළෙහි හටගත් පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටින සමයේදී කලෙක විකිරණ ප්‍රතිකාර ප්‍රතික්ෂේප කළ ඔහු සිය ජීවිත අවදානම හේතුවෙන් අවසානයේදී විකිරණ ප්‍රතිකාර ලබාගැනීමට සිය කැමැත්ත පළකළේය. The Last Emperor සිනමාපටය වෙනුවෙන් 1988 වසරේදී හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු Merry Christmas Mr. Lawrence (1983), The Sheltering Sky (1990), Little Buddha (1993), The Revenant (2015) ආදී සිනමාපට වලට ද සංගීතයෙන් දායක වූවේය. Thousand Knives (1978), B-2 Unit (1980), Left-Handed Dream (1981), Ongaku Zukan (1984), Esperanto (1985), Futurista (1986), Neo Geo (1987), Beauty (1989), Heartbeat (1991), Sweet Revenge (1994), Smoochy (1995), 1996 (1996), Discord (1997), BTTB (1999), Comica (2002), Elephantism (2002), Chasm (2004), Out of Noise (2009), Playing the Piano (2009), Three (2013)හා async (2017) ඔහු විසින් කළ සංගීත නිර්මාණ අතරින් කීපයකි. සකමොතෝගේ ජීවිත කතාව අළලා සකස් කළ Ryuichi Sakamoto: Coda වාර්තා සිනමාපටය පසුගිය ජූනි 29 වැනිදා සිට එක්සත් ජනපදයේ තිරගත කිරීම ඇරඹුණි. ස්ටීවන් නොමුරා ෂිබල්ගේ අධ්‍යක්ෂණයක් වන මේ සිනමාපටය සකමොතෝගේ සංගීත දිවියේ සුවිශේෂී සිදුවීම් මෙන්ම පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් ද පදනම් කරගනිමින් නිර්මාණය වී ඇත. සකමොටෝගේ සමකාලීනයෙකු මෙන්ම කලක් ඔහු සමග එකට රංගනයෙන් දායක වූ ඩේවිඩ් බෝවේ ගැන මතකය අවදි කරමින් ඔහු අප සමග සාකච්ඡාවට පිවිසුණේ මෙලෙසිනි. මුලින්ම ඔබේ සුමිතුරෙකු වුණු ඩේවිඩ් බෝවේ ගැන සිහිපත් කරන්න කැමතියි ? ඔහු හා හා මා අතර තිබුණු සමීප සම්බන්ධය 90 දශකයේදී අහිමි වී ගිය බව දැනුණා. ඔහු නිව්යෝර්ක් වල ජීවත්වෙන බව මා දැන හිටියා ඒ වගේම ඔහුව කවදහරි දිනකදී මඟතොටේදී හෝ අවන්හලකදී මට හමුවෙනු ඇති බව හිතුණා. ඉතිං, ඒ නිසාම ඩේවිඩ්ව සම්බන්ධ කරගන්න මං ලොකු උත්සහයක් දැරුවේ නැහැ. ඒත් සමගම ඔහු අපෙන් සමුගත්තා. ඇත්තටම, මට ඒ ගැන ලොකු කණගාටුවෙක් තියෙනවා. ඔහුගේ අන්තිම ඇල්බමයට මං බෙහෙවින් ඇළුම් කළා. ඩේවිඩ් මියයන්න දින දෙකකට කලින් ඔහුගේ හඬ බොහොම ප්‍රාණවත්ව ඇහුණා. ඒ හඬ ජවයෙන් පිරී ඉතිරී තිබුණා. ඔහුගේ ජවය යෙදවුණු අවසන් අවස්ථාව වගේද ? ඔව්, නමුත් ඔහුගේ ජවය යෙදවූ අවසන් අවස්ථාව එය බව අප දන්නේ නැහැ. සමස්ත ඇල්බමය පුරාම දැනෙන්නේ ඔහු බොහොම ශක්තිසම්පන්නව හා අනාගතය ගැන යහපත් බලාපොරොත්තුවෙන් යුතුව හැකියාවන් පෙන්වන බවයි. එය ඔහුගේ අවසන් කැමැත්ත බව කිසිම විටක දැනෙන්නේ නැහැ. කිසිම දෙයක් ගැන හරිහැටි තේරුම් ගන්නට නොහැකි මේ හා සමාන අත්දැකීමකට ඔබ මුහුණපාලා තිබෙනවද ? හැමවිටම, ඔහු වගේම මාත් පිළිකාවකින් පෙළුණා. ඉතිං, ඔහු විඳි අත්දැකීම් හා සමාන අත්දැකීම් මාත් අත්වින්ඳා. නමුත්, වාසනාවකට වගේ මං සනීප වුණා. නමුත්, එහෙම සනීප වෙන්න වාසනාවක් ඔහුට තිබුණේ නැහැ. කෙනෙක්ට බුහුමන් කිරීම ඔබ දකින්නේ කොහොමද ? ඩේවිඩ් බෝවේ හෝ ලෝ රීඩ් වැනි බොහෝ දෙනෙකු එක තැනකට පැමිණියාම ඔවුන්ගේ ශක්තිය කෙතරම් දැයි දැනුණු අවස්ථා තිබුණා, ඔවුන් කවුරුන්දැයි යන්න ඔවුන් දැනහිටියා. ඔබත් මෙවැන්නක් හඳුනගන්නවද ? සාම්ප්‍රදායික ආසියානු සංස්කෘතිය තුළ හැදී වැඩුණු අයෙකු විදියට මං ඔවුන් වගේ කෙනෙකු නොවෙයි. බුදුදහමට මා දක්වන දැඩි ඇල්ම නිසා මෙවැන්නක් සිදුවී තිබෙනවා. මා බොහෝ දිගු කාලයක පටන් ශුන්‍යයත්වය ගැන හිත යොමුකරන්නට පටන්ගෙන තිබෙනවා. මේ සංකල්පය බුදුදහමේ එන මූලික ඉගැන්වීමක්. මමංකාරය අශුන්‍යයි. දැක්ම ද අශුන්‍යයි. ලොවපුරා විවිධ දේශයන්ට අනන්‍ය වූ සංස්කෘතිය ගැනද මා බොහෝ උනන්දුයි. ඇබෝර්ජිනර්වරු, ස්වදේශීය ඇමරිකානු ජනතාව, ජපානයේ අයිනු ජනතාවගේ ආදී පිරිස් වල සංස්කෘතිය ගැන දැනගන්න මා බොහෝ උනන්දු වෙනවා. ඔවුන්ගේ ජීවන විලාසිතාව මට අතිශය සමීපයි. ඉතිං, මං මමංකාරයෙන් ඔළුව උදුම්මාගත්ත බටහිර ජාතිකයෙකු නොවෙයි. ඔබේ නිර්මාණ, සංගීත කුසලතාව ලොව පුරා නගර වල ප්‍රදර්ශනය කරන විට විශේෂයෙන් කිව යුතු පණිවිඩයක් තිබෙනවාද ? මගේ සංගීත නිර්මාණ හරහා දේශපාලන හෝ සමාජයීය වශයෙන් වැදගත් පණවිඩයක් විශේෂයෙන් ලබාදෙන්නේ නැහැ. ඉතිං, මගේ රසිකයින්ට මං ලබාදෙන පණිවිඩය කුමක්දැයි දන්නේ මගේ නිර්මාණ තනි තනිව විඳගන්න රසිකයින්ම පමණයි. නමුත්, මගේ විශ්වාසය වෙන්නේ ඔබේ හැම නිර්මාණයක් පුරාවටම දේශපාලනික වශයන් වැදගත් පණිවිඩයක් ගැබ්වී තිබෙන බවයි ? හ්ම්, එවැනි දේශපාලනික දෙයක් ගැන කියන්න මං යොදාගන්නේ මගේ සංගීතය නෙමෙයි. වචනයි. සාමාන්‍ය මනුස්සයෙක් විදියට මං එවැනි දෑ වචන හරහා කියනවා. නමුත්, මගේ සංගීතය හරහා ප්‍රකාශ කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. සංගීතය එය විසින්ම තනිව නැගී සිටිය යුතු දෙයක් මිස මගේ දේශපාලනික හා සමාජමය පණිවිඩ රැගෙන යන මාධ්‍යයක් නොවිය යුතු බව මා දැඩිව විශ්වාස කරනවා. ඔබේ ජීවන අත්දැකීම් පදනම් කරගනිමින් 2017 වසරේදී ස්ටීවන් නොමුරා ෂිබ්ලි විසින් නිර්මාණය කළ Ryuichi Sakamoto: Coda වාර්තා චිත්‍රපටිය නැරඹුවාද ? ඔව්, ඇත්තටම ඒක මගේ වාර්තා චිත්‍රපටියක් නොවෙයි ඔබ එය මුලින්ම නැරඹුවේ කවද්ද ? මීට අවුරුද්දකට කලින් ඔබ Ryuichi Sakamoto: Coda වාර්තා චිත්‍රපටය මුලින්ම නැරඹූ අවස්ථාවේදී නැවත ඔබේ තරුණ කාලේ ගැන දුටුවම හිතුණේ මොනවද ? හ්ම්, මගේ තරුණ කාලේ දිහා ආපහු බැලුවම ඔහුට හොඳ කණේ පාරක් දෙන්න ඕන බව හිතුණා. ඒ තරුණයා ඔළුව උදුම්මාගත්ත, වුවමනාවටත් වඩා බලාපොරොත්තු වලින් පිරුණු, හැමදේම පමණටත් වඩා තිබුණු කෙනෙක්. ඇත්තටම ඔබට තිබිලා තියෙන්නේ බොහොම සුන්දර ජීවිතයක්නේ. ඔබ අහම්බෙන් වගේ නිර්මාණ ජීවිතයට පිවිසිලා තිබෙන්නේ. නමුත්, ඔබේ ජීවිතයේ හා සංගීතයේ තිබෙන මෙලන්කොලියාව මේ මේ වාර්තා චිත්‍රපටය තුළ ඇති බව එය නැරඹූ විට මට හිතුණා. ඔබ මේ කතාවට එකඟ වෙනවාද ? ඔව්, ඇත්තටම මගේ සංගීතය තුළත් ඒ මෙලන්කොලියාව තිබෙනවා ඒ වගේම ඔබ තුළත් මෙලන්කොලියාව තිබෙනවා ? හ්ම්, මං එහෙම හිතනවා මේක ඇතිවෙන්නේ කොතැනින්ද ? හ්ම්, ඇත්තටම ශෝකය ඉපදෙන්නේ මං ජීවිතය දෙස බලන අන්දමත් සමගයි. පාරිසරික ගැටළු නිසා ලෝකය විනාශ වේ යැයි 90 දශකයේ මුල් අවදියේදී මට හිතෙන්න ගත්තා. ඉතිං, 90 දශකයේ අගභාගයේදී මං මේ ගැන කතාකරන්න ගත්තම මගේ රසිකයින් බොහෝදෙනෙකු හිතුවේ මං උමතු බවයි. Bach and back දුක හා ශෝකය ගැබ්වුණු සංගීත නිර්මාණ කරන සමයේදී මා ඔවුන්ගේ සුවිශේෂී රසිකයෙක් බවට පත්වුණා. සාමාන්‍යයෙන් මනුස්සයෙක් ජීවත් වෙන්නේ අවුරුදු 50 ක විතර කාලයක්. මේ කෙටි කාලේදී මිනිස්සු අපේක්ෂා කරන්නේ දෙවියෝ ඇවිල්ලා තමුන් බේරාගනීවි කියලා. නමුත්, මේ දෙවියෝ කිසි දවසක එන්නේ නැහැ. දුක ගැබ්වුණු ඒ වගේ නිර්මාණ කරන්න Bach ට වගේම මටත් ආභාසය ලැබෙන්නේ දෙවියන් ගැන පෙර කීව සත්‍යය තුළින් ලැබෙන උත්තේජනයත් සමගයි. ලොව පළමු න්‍යෂ්ටික අවි ව්‍යාපෘතිය වුණු මැන්හැටන් ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටි පිරිස අතරින් මේ වනවිට ජීවතුන් අතර සිටින අවසන් තැනැත්තා වන විද්‍යාඥ ෆ්‍රීමන් ඩයන් සමග මෑතකදී මං සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. ඕපන්හේමර්ගේ සුප්‍රසිද්ධ වැකිය වී තිබුණේ ‘මං ලෝක විනාශකයෙක්‘ යන්නයි. මේ කතාබහේදී ඒ පුද්ගලයින්ගේ පසුබිම සම්බන්ධයෙන් තේරුම් ගන්නට හැකිවුණා. න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් වලින් නාසීන්ව මුදවාගන්නට ඔවුන් උත්සහගෙන තිබෙනවා. නමුත්, නාසීන් විනාශ වුණාට පස්සේ මේ අත්හදාබැලීම් නවතා දමන්නට ඔවුන්ට වුවමනා වී තිබුණා ඒ කටයුත්ත බරපතල ලෙස ගණන් ගෙන තිබුණේ නැහැ. හිරෝෂිමා හා නාගසාකි වෙත හැබෑ බෝම්බ හෙලා දමනු වෙනුවට පූජි කන්දේ පෙනුම වෙනස් කරන අදහසින් බෝම්බ හෙලා දමන අන්දම ගැන ඔවුන් අදහස් ලබාදී තිබෙනවා. මිනිස්සු පූජි කන්දට ඉමහත් භක්තියක් දැක්වූවා. ඉතිං, එහි ස්වරූපය වෙනස් කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ජපාන ජාතිකයින්ගේ අනන්‍යතාව විනාශ කර දැමීමටයි. හැබෑ මිනිස්සු මරාදමනු වෙනුවට මෙවැන්නක් කිරීම එතැන හිටි එක් විද්‍යාඥයෙකුගේ අදහසක් වී තිබුණා. නමුත්, න්‍යෂ්ටික අවි හෙලාදැමීමේ බරපතලකම සියැසින්ම දුටු ඕපන්හේමර් ඉන් බලවත් කණගාටුවට පත්වී තිබෙනවා. මේ සිනමාපටයේදී සලකා බැලෙන අනෙක් කරුණ වෙන්නේ න්‍යෂ්ටික විනාශයේ බරපතලකම අත්විඳ ඇති බව, ඔබ ෆුකුෂියාමා වල සංචාරය කරද්දි විකිරණ ප්‍රතිකාර අත්විඳිනවා. න්‍යෂ්ටික ශක්තිය ඔබව විනාශ කරදැමීමේ මෙන්ම සුවපත් කිරීමේ හැකියාවෙන්ද යුක්තයි. මේ අද්භූත වෙනස්කම ඔබ දකින්නේ කොහොමද ? ඇත්තටම, මං ඒ ගැන හිතුවා. ඒ ප්‍රතිකාරය නොගෙන හිඳීමේ හැකියාවත් තිබුණා. බටහිර වෛද්‍ය ප්‍රතිකාර නොගෙන ඉන්න මං තීරණය කළා. වෙනත් ප්‍රතිකාර ගැන මං අවධානය යොමුකළත් අවසානේදී තව ටික කලක් නොමැරී ජීවත්වෙන්න මට ඕන වුණේ සාමාන්‍යයෙන් ගන්න තීරණයක් ලෙසයි. හැබැයි, මෙතන තරමක හාස්‍යයකුත් තිබෙනවා නේද ? ඔව්, ඇත්තටම ඔබ සොබාදහම දෙස බලන අන්දම අපූර්ව බව මගේ විශ්වාසයයි. ෆුකුෂියාමා බලන්න යන ඔබ පවසන්නේ ‘හැමවිටම සුනාමි සිද්ධ වෙන්නේ හැබෑ තත්ත්වය නැවතත් පෙන්වන ප්‍රතිසංස්කරණ ලෙසයි‘‘ යන්නයි. මේක හැබෑවක් බව මගේ විශ්වාසයයි. නමුත්, යථාර්තය තුළදී සොබාදහම හැමවිටම තමන් ගැනම පවසන්න උත්සහ දරනවා. ඔබ මේ ගැන දරන්නේ මොනවගේ අදහසක්ද ? මේක අප කතාබහ කරන ශෝකයට අදාළයි. අවංකවම, හෝමෝසේපියන් ගැන දරන විශ්වාසය අහවර විය යුතුයි. අපි ලෝකය විනාශ කරමින් ඉන්නේ න්‍යෂ්ටික අවි වලින් නොවෙයි, නමුත්, අපේම ක්‍රියාවලිනුයි. අපි විශ්වයේ ඉන්න අනෙක් සත්තුන්ට පිළිකාවක් වගෙයි. නමුත්, මේ මොහොතේදී අපි සුසමාදර්ශයක් ඔස්සේ ගමන් කරමින් සිටින බව පැහැදිලියි. කුමක්ම හෝ යමක් සිද්ධ වෙනවා. මං හිතන්නේ අප තාම ප්‍රමාද නැහැ. තවමත් පුංචි හෝ බලාපොරොත්තුවක් හැමතැනකම තිබුණත් මුදල් බලය විසින් හැමදේම ඉක්මනින් විනාශ කරනවා. ආසන්න වශයෙන් පෘථිවිය වසර බිලියන 4.5 ක කාලයක් පැවතී තිබෙනවා. මේ කාලය තුළදී ඩයනෝසරයින් වගේ සමහර දේවල් ඇතිවී නැතිවී ගොස් තිබෙනවා. ඉතිං, පෘථිවිය මත මිනිස්සු ජීවත්වීම හෝ නැතිවීම සාමාන්‍යයි. නමුත්, අපි මේ පෘථිවියේ පරිසර පද්ධතියෙන් බොහෝ කොටසක් විනාශ කර දමමින් සිටිනවා. ඇත්තටම, මං ඒ ගැන බෙහෙවින් දුක් වෙනවා. සංගීතය ගැන ටිකක් කතා කරමු. ඔබේ ජීවිතය පුරාවට ධ්වනි පථයක් එකක් තිබුණා නම් ඒක මොකක් වේවිද ? මගේ ජීවිතය සිනමාපටයක් ලෙසින්ද ? සුවිශේෂී සිනමාපට ගණනාවකට ඔබ සංගීතය සපයා තිබෙනවා. මේ අතරින් ඔබේ හිත්ගත්තු, ඔබේ ජීවිතයට අතිශය සමීප වුණු චිත්‍රපටයක් තිබෙනවද ? කෙනෙක්ගේ ජීවිතය එක් සංගීත ඛණ්ඩයකින් පමණක් පෙන්වීම සාධාරණ නැහැ. සංගීත ඛණ්ඩයකට වඩා මිනිස්සුන්ගේ ජීවිත අතිශය සංකීර්ණයි. සමහර අය කියනවා ‘මම මැරුණම මේ සංගීතය ඇහෙන්න දාන්න‘ කියලා. ඒ වගේ ඔබේ ජීවිතයට තදින් බලපෑ, ඔබේ ජීවිතයේ දුක මෙන්ම සතුට ද පෙන්වන විශේෂ සංගීත ඛණ්ඩයක් තිබෙනවද ? මගේ හිතට එන පළවෙනි දේ බාර්ක්ගේ සංගීතය. මැතිව් පැෂන්. නමුත්, ඒක වඩාත් දුකින් පිරුණු එකක් විය හැකියි. මං බොහොම විනෝදෙන් ඉන්න කෙනෙක්. ඉතිං, ඒ නිසා ඒක බර වැඩි වෙයි. හිපොප්, තාක්ෂණයෙන් බලගැන්වුණු සංගීත ක්‍ෂේත්‍රය තුළ ඔබ සුවිශේෂී චරිතයක් බවට පත්වී සිටිනවා. ඒවගේම 70 හා 80 දශකයේදී සංගීත ශිල්පියෙකු විදියට ඔබ සමාජය තුළ විශාල බලපෑමක් ඇතිකරන්නට සමත්වුණා. එවැනි තැනැත්තෙක් විදියට ඔබ දරන අදහස මොකක්ද ? සංගීත ලෝකයේදී වයස කොහොමටවත් වැදගත් වෙන්නේ නැහැ. ඉතිං, වයස්ගත වුණත් තරුණ වියේ පසුවුණත් අනෙක් හැම පරම්පරාවක්ම සමගම එකම හැඟීම් බෙදාහදාගන්නට මට හැකියි. ඊට නිසි කාලයක් නැහැ. ඒ මිහිර ඇත්තටම මට සතුටක්. මං කුඩා අවදියේදී සංගීත ක්ෂේත්‍රයට පිවිසිලා අනෙක් අයවත් උනන්දු කළා, අප හැමදෙනාටම එකම භාෂාවක් බෙදාහදාගන්නට හැකිවීම හැබෑම සතුටක්. ඔබ නූතන සංගීතයට සවන්දෙනවාද ? ඔව්, මං Oneohtrix Point Never ගේ නිර්මාණ වලට මං බෙහෙවින් ඇලුම් කරනවා. අපි වසර 30 ක් තිස්සේ වෙන්වී හිටියා. නමුත්, අපිට එකම සංගීතය ගැන කතාකරන්නට හැකිවීම මා ලැබූ ඉමහත් භාග්‍යයක්. ‘මං ලෝක විනාශකයෙක්‘ වැනි ප්‍රකාශයක් නොවුණත් ඔබේ ජීවිතයට තදින් සමීප වූ විශේෂ ප්‍රකාශයක් තිබෙනවද ? මට ලෝකය විනාශ කරන්නෙක් වෙන්න වුවමනාවක් නැහැ. (සිනහසෙමින්). නමුත්, ‘කුඩා යනුවෙන් අදහස් වෙන්නේ බොහෝ ය‘ යන ප්‍රකාශයට මා කැමතියි. 52 Insights සඟරාව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකි (2018 ජූනි 28) අනුවර්තනය – වින්ධ්‍යා ගම්ලත්

No comments:

Post a Comment