Thursday, December 18, 2014

December 18, 2014 0 Comments
මායා ඇන්ජිලෝ ගැන බොහෝදෙනා එක එක විදියට කතා කරනවා. ඉතා කුඩා වියේදීම තමන්ගේ මවගේ පෙමිවතා අතින් ලිංගික හිංසනයට ලක්වන ඇය කලෙක ගණිකාවක් ලෙස සේවය කළා කියලත් සැලකෙනවා.බොහෝ දෙනා මායා ගැන කතාකරන්නේ ඇය ලියූ චරිතාපදාන තුළිනුයි. ෙමි ඇය ලියූ A Letter To My Daughter කෘතියෙන් මා සිත්ගත් තැනක්. ආදරණීය දෝණියේ ෙමි ලියමන මවිසින් ලියැවෙන්නේ ඊටම අනන්‍ය වූ අසාමාන්‍ය කාලයකදීයි. ඔබට කියාදීමට අත්‍යවශ්‍ය පාඩමි කීපයක්ම මගේ සිතේ ලියැවී තිබෙනවා. මගේ අභිප‍්‍රාය වී තිබෙන්නේ මම කුමන තත්වයක සිටියදී ඒ පාඩමි ඉගෙනගත්තා දැයි යන්න මගේ දෝණිට කියාදීමටයි. මගේ දිවියේ බොහෝ කාලයක් ගතව ගියේ ආදරය කිරීම දිවියේ මූලිකම කාර්ය බව සිතමිනුයි.පැකිලෙමින් වුවත් මම බොහෝ දෑ වලට තර්ජනය කර තිබෙනවා. නමුත් තවමත් එවැනි බොහෝ අභියෝගයන්ට මම තර්ජනය කරනවා. මගේ දිවියට අරුතක් ගෙන ආ බොහෝ මිනිසුන් සිටිිබවත් ඔවුන් මට බොහෝ පාඩමි කියාදී තිබෙන බවත් සිහිපත් කළයුතුයි.මාව අඩපණ කර තිබෙන බොහෝ දෙනා මට කියාදී තිබෙන්නේ මගේ දිවිය අර්ථවත් එකක් නොවන බවයි. මගේ දිවිය තුළ මා බොහෝ වැරදි සිදුකර තිබෙනවා.ඒ වැරදි ගොඩට තවත් වැරදි ප‍්‍රමාණයක් මගේ මරණයට පෙර අනිවාර්්‍යයෙන්ම එකතුෙවි යැයි මා විශ්වාස කරනවා. මම ෙවිදනාව දකිනා විට අසතුට පමණක්ම ගෙනදෙන මෝඩකමි කර තිබෙන බව දැනගන්නා විට, මගේ වගකීමි සහගත බව අවබෝධ කරගනිමින් ප‍්‍රථමයෙන් මම මටම සමාව දී ගන්නවා. මම ඊළගට කරන්නේ මම කළ කී දෑ වලින් අසතුටට පත් වූ අය වෙත ගොස් සමාව ඉල්ලීමයි. මගෙ දෝණියේ, නුෙඹි ඡීවිතය තුළ නුඹට මුහුණදීමට සිදුවන සියල්ලම පාලනය කිරීමට ඔබට නොහැකිෙවිවි. නමුත් එවැනි විඳවීමි පාලනය කළ හැක්කේත් නුඹටමයි. වෙනකෙකුගේ අහසක දේදුන්නක් වීමට උත්සහ ගන්න. ඔබ අකමැති යමක් සිදුවන විට එවැන්නක් වෙනස් කිරීීමට ඔබට කළහැකි සෑම උත්සහයක්ම ගන්න.නුඹට කිසිදු වෙනස්කමක් කිරීමට නොහැකි වුවහොත් මුලින්ම ඔබ හිතන පතන අයුරු වෙනස් කරගන්න. එවිට ඔබට නව මානයක් සොයාගැනීමට හැකිවනු ඇත. මගෙ දෝණියේ” කිසිදිනක මැසිවිලි නගන්නට නමි එපා” මන්ද එවැනි කන්කෙඳිරියක් ඇසෙන තිරිසනෙකුට හැගී යන්නේ තමන් මාන බලාහිඳින ගොදුර අතළගම ඇති බවයි” මිනිසත්කම වෙනුවෙන් කිසිවක්ම කර මිස නුඹ මිය නොවන බව තරයේ සිහි තබාගන්න

Wednesday, December 10, 2014

December 10, 2014 0 Comments
ෙමි දවස්වල බොහෝ දෙනෙක් කතාකරන්නේ කතා කරන්නේ විධායක ජනාධිිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැනනේ”.ඉතිං මි නිසාම විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න පිරිස විධායක ජනාධිිපතිධූරය අහෝසි කළයුතුයි කියලා පහුගිය දවසක සන්ධානගත වුණානේ”.ඔය ගැන මාධ්‍යයෙන් එක එක විදියේ කතාබහත් ඇතිවුණා”. ෙමි ගැන අහන්න දේශපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රබල චරිත කීපයකටම කතා කරන්නට කතාකරන්න සිද්ධ වුණූ අවස්ථාවක අහන්න දකින්න ලැබුණ දෙයක් තමයි ෙම. ෙමික මම දන්න කියන කෙනෙක්ට වුණා කියලා හිතන්නකෝ. මාදුළුවාෙවි සෝභිත,හිමි, ඵමි කේ එස් ගුණවර්ධන,හිටපු බුද්ධශාසන නියෝජ්‍ය කටයුතු ඇමති,ඒ අතරින් දෙන්නෙක් පමණයි. මුලින්ම කතාකරන්න හිතුණේ සෝභිත හාමුදුරුවන්ට. ‘‘ බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පිං මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ ’’ ‘‘ ලොකු හාමුදුරුවෝ ෙමි වෙලාෙවි නැහැ” හවසට ගන්න ’’. අනික් පැත්තෙන් ඇහුණු තරුණ කටහඩ එහෙම කිවිවා” හාමුදුරුවෝ නිවන හොයාගෙන වත් ගිහිංද? එහෙමත් අහන්න හිතුණා” .නැහැ උන්වහන්සේ විධායක ජනාධිිපති ක‍්‍රමය අහෝසි කරන මාර්ගය හොයාගෙන ගිහිං ඇති” ඊට පස්සේ මම කතාකරේ පහුගිය දවසක ශී‍්‍ර ල නි ප කාර්යාලයේ යකා නටපු ෙමි ගිවිසුමට අත්සන් තැබුව එක පාර්ශ්වයක් වුණු ගුණවර්ධන මන්ත‍්‍රීතුමත් එක්කයි” ’‘ රජකමි කෙරුවත් කළකමි පළ දේ ඇඟ ලේ රුහිරේ කාගෙත් උණු ෙවි ගිය වාරේ නුෙඹි ෙමි වාරේ මගේ ’’. ගුණවර්ධන මහත්තයෝ” ෙමි කතාව කියන්නේ කාට ඇහෙන්නද හැබෑටම ? මමයි රජා කියලා ගහපු බෝඞ් ලෑලි සිය දහස් ගණනින් ගහක් ගලක් ගානේ එල්ලිලා තියෙන අපූරුව නමි දැකගන්න පුළුවන්” දැන් කවුද ? රජා” එතකොට ලේ උණුවෙන්නේ කාගෙද? ඒ දෙකට උත්තරේ මොකක් උණත් ගුණවර්ධන මහත්තයා ‘‘ වාරේ ’’ ගැන කියන කතාව හරිහැටි තේරුමි ගත්තානමි එතුමා ආණ්ඩුවෙන් ගියේ ඇයි කියන කාරණෙත් හොඳහැටි පැහැදිලි කරගන්න පුළුවන්. මොකද? ඉතින් වාරයක් ගැන තියෙන හුටපටයක් නිසානේ එතුමා ගිහිල්ලා තියෙන්නේ. උතුමි රත්නත්තරේ ආනුභාවයෙන්” සියලු දෙවි දේවතාවන්ගේ පිහිටෙන් ආවඩා ආයුබෝ වේවා. ඉතිං අපේ ප‍්‍රාර්ථනාව සෝභිත හාමුදුරුවෝ නිවන් මාර්ගයේ යන එක පැත්තකින් තියලා ෙමි හොයාගෙන යන මාර්ගය ළඟදිම දිනෙක හමුෙවිවා යන්න සහ ගුණවර්ධන මහත්තයට වුවමනා කරන විදියේ වාරයකුත් ලැෙබිවා යන්නයි.