Thursday, January 28, 2016

January 28, 2016 0 Comments

භාෂාව පෙරළා අවියක් බවට පත්වූ කල ................... ?  


භාෂාව සිය අවිය බවට පත්කරගත් ලේඛිකාවකට ඒ අවියම පෙරළා ඇය වෙත එල්ල වන අවියක් බවට පත්වූ කල..........?

Jhumpa Lahiriඅද වන විට ලේඛිකාවක ලෙස ලොව දැන හැදින සිටියද සැබෑවටම ඇයට සිය ජීවිතය තුළ මුහුණදීමට තිබෙන ප්‍රධානතම ගැටළුව බවට පත්වී තිබෙන්නේ භාෂාවමය. බෙංගාලි හා ඉංග්‍රීසි භාෂාවේ පරතරය අතරින් Lahiriගේ ලේඛන දිවිය දිගහැරෙන විට ඇයට තවත් භාෂාවක් හා සටන් කිරීමට සිදුවී ඇත. ඒ ඉතාලි භාෂාවයි.

‘‘මගේ නොවන භාෂාවක ඇසුර නිසා මට පිටුවහල් කළා වැනි හැගීමක් දැනෙන්නේ  ඇයි?. ‘

Lahiriලොවෙන් විමසා සිටින්නීය. ඊට සාධාරණ හේතු ද ඇය සතුවම පවතියි.

‘සමහරවිට මට පිටුවහල් කළා වගේ හැගීමක් දැනෙන්නේ මම කිසිම භාෂාවකට අයත් නැති ලේඛිකාවක් හින්දා වෙන්න ඇති‘

බෙංගාලයේ සිට ලන්ඩනයට සංක්‍රමණය වන පියෙකුට දාව ඉපදෙන ඇය පසුව හැදිවැඩෙන්නේ ඇමරිකාවේදීය. එබැවින්ම, ඇය ඉන්දීය බෙංගාලි සම්භවයක් ඇතිව ඉපදුණු ඇමරිකානු ලේඛිකාවක ලෙස නම් ලද්දීය. නිමක් නොවන ගමනාන්තයන්ගෙන් අනතුරුව අද වන විට ඇය ඉතාලියේ දිවිගෙවන්නීය.

Jhumpa Lahiri සිය ප්‍රථම කෘතිය කෙටිකතා සංග්‍රහය වන Interpreter of Maladies (1999) වෙනුවෙන් 2000 වසරේදී  පුලිට්සර් සම්මානය හිමිකරගැනීමට  සමත්වූවාය.

මේ කෘතියෙන් පිළිබිඹු වන්නේ ඉන්දියාවේ ජීවත්වන මිනිසුන්ගේ ජීවිත වල හා  ඉන්දීය සංක්‍රමණිකයින්ගේ ජීවිත වල පැනනැග තිබෙන විවිධ දුෂ්කරතා හා ගැටළුය. එහිදී විශේෂයෙන් අවධානයට ලක්කර තිබෙන්නේ වැඩිහිටියන් හා දරුවන් අතර ඇතිවන පරම්පරා ගැටළුව, විවාහ සම්බන්ධයෙන් පැනනගින ගැටළු ආදියයි. මින් බොහොමයක් දෑ සංක්‍රමණික පියෙකුගේ දියණියක ලෙස  Lahiriගේ ජීවිතයට ද සමීපව බලපෑ ගැටළු වීම විශේෂත්වයකි. ඇය රචනා කළ  Unaccustomed Earth, The Namesake, The Lowland වැනි කෘතීන් ද අතිශයින් ජනප්‍රියත්වයට පත්වී ඇත.





‘මම පසුකර ගිය සෑම අගලක් පාසාම සිහිවිකල්ලෙන් පසුවුණු කාලයක් තිබුණා........ කටට ගත් හැම බත් පිඩක්ම, මා හදුනාගෙන සිටි හැම මිනිසෙකුම, ගමන අතරතුරදී සැතපුණු සෑම කාමරයක් පාසාම මා සිහිවිකල්ලෙන් පසුවුණු කාලයක් තිබුණා.
මේ හැමඑකක්ම, අතිශය සාමාන්‍ය අන්දමහ පෙනෙන්නට තිබුණත්, මා සිහිවිකල්ලෙන් පසුවුණු මගේ සිතැගි වලින් ඔබ්බට ගිය කාලයක් තිබුණා...‘
(Interpreter of Maladies)

‘නොහදුනන අයෙකුට ඔබ පෙම් කරන විට එය හදුන්වන්නේ ආකර්ශණීයත්වය නමිනුයි‘

 (Interpreter of Maladies)