Tuesday, November 6, 2018

‘මේ මොහොත තුළ ජීවත්වෙන්න‘ – හෙක්ටර් ඇබඩ්

November 06, 2018 0 Comments
කොළොම්බියානු ලේඛකයෙකු, මාධ්‍යවේදියෙකු හා ප්‍රකාශකයෙකු ද වන හෙක්ටර් ඇබඩ් 70 දශකයේදී ලතින් ඇමරිකානු කලාපය පුරා පැතිරී ගිය සුවිශේෂී සාහිත්‍යය ප්‍රබෝධයට පසු නැගී ආ සාහිත්‍යධරයෙකු වේ. Angosta හා මෑතකදී ලියැවුණු El Olvido que Seremos (t. Oblivion: A Memoir) නවකතා ඔහු විසින් රචිත විශිෂ්ඨ කෘතීන් අතරට අයත්ය. හෙක්ටර්ගේ පියා වෛද්‍යවරයෙකු හා ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ අතර සිවිල් යුද සමයේදී දක්ෂිණාංශික පැරා මිලිටරි කණ්ඩායම් විසින් හෙක්ටර්ගේ පවුලේ උදවිය විනාශකර දැමුණි. Oblivion : A Memoir කෘතියේ හෙක්ටර් සිය ජීවිතය පුරා අත්විඳි සිදුවීම් වල මතකය ගොනුකර ඇත. කොළොම්බියාවේ වාමාංශික කැරලිකරුවන් අවසන් කරන ලද සටනේදී පුද්ගලයින් 260,000 කට අධික පිරිසක් ඝාතනයට ලක්කරමින් මිලියන 7 කට අධික පිරිසකට උන්හිටිතැන් අහිමි කළ අන්දම ගැන මෙහි සඳහන් කර ඇත. ඔහුගේ නවතම කෘතිය වන The Farm තුළ ගරිල්ලා කණ්ඩායම්, පැරා මිලිටරි කණ්ඩායම්, යුද හමුදා සෙබළුන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතරට මැදිව ජීවන අරගලයට මුහුණදුන් කොළොම්බියානු පවුලක් ගැන සටහන් වී ඇත. ලා ඔක්ලුටාවේ අවසන් උරුමකරුවන් වන පිලාර්, ඊවා හා අන්තෝනියෝ ඒන්ජල් ප්‍රචණ්ඩත්වයෙන් හා වෛරයෙන් ඇවිලී ගොස් තිබූ සිය අතීත ජීවිතය ගැන සිහිපත් කරන අන්දම චිත්‍රණය කර ඇත. පියාගේ නිසල දේහය අසළ සිටින හෙක්ටර් ඔබේ නවතම කෘතියට පදනම් වී තිබෙන්නේ ඔබ කුඩා කල හැදී වැඩුණු කොළොම්බියාවද ? ඔව්, මං හැදී වැඩුණු කොළොම්බියාව ගැන මෙහි සනිටුහන් වී තිබෙනවා. උස් කඳු මුදුන් වලින් ගහණ වී තිබෙන මේ රට ලෝකයේ සුවිශේෂී කලාපයන්ගෙන් එකක්. මේ කලාපයේ නිමා නොවෙන උණුසුම් කාලයන් වගේම සීත කාලයන් ද නැහැ. මේ පරිසරය පුරා ඒකාකාරී බවක් දිස්වුණත් අතිශය ආකර්ශණීය වගේම හරිත පැහැයක් වසර පුරාවටම දැකගන්න හැකිවෙනවා. ඒ සුන්දරත්වයත් සමගින්ම ප්‍රචණ්ඩත්වය මෙන්ම භූමියේ අයිතිය සම්බන්ධයෙන් ද දැවැන්ත අරගලයක් දියත් වෙනවා. මේ කලාපය පීඩනයට හා තර්ජනයට ලක්වෙන පාරාදීසයක් වගෙයි. භූමියේ හිමිකරුවන්ගෙන් එල්ල වන පීඩනයට ගොවීන්ට මුහුණදෙන්න වෙනවා. ඒවගේම භූමිය අයිති මිනිස්සුන්ට ගරිල්ලා සටන්කරුවන්ගේ පීඩනයට හසුවෙන්න සිදුවෙනවා. ගරිල්ලා කණ්ඩායම් වලට පැරාමිලිටරි පිරිස් වල තර්ජනයන්ට මුුහුණදෙන්න සිදුවී තිබෙනවා. පැරා මිලිටරි කණ්ඩායම් වලට මත්ද්‍රව්‍ය අලෙවිකරන අයගේ තර්ජනයන් වලට මුහුණදෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඉන්න සමහර දෙනා ගරිල්ලා සටන්කරුවන් වී සිටි අයයි. මේ හැමදේම අවබෝධ කරගැනීම අතිශය අසීරු තත්ත්වයක් වෙනවා වගේම ප්‍රචණ්ඩත්වය පැමිණියේ කොහෙන්ද යන්න පවා කිසිම කෙනෙකු දන්නේ නැහැ. ඉතිං, රාජ්‍යය යන්න අතිශය දුරස්ථ, දූෂිත හා නොපැමිණි දෙයක් බවට පත්වී තිබෙනවා. මේ නවකතාවට පදනම් වී තිබෙන පවුලේ කතාව ඒ සමයේදී දිවිගෙවූ පවුල් වල කතාවන්ට සමාන වුණු ඒවාද ? කොළොම්බියානුවන්ගෙන් 1 % ක පමණ ප්‍රමාණයක් අතිශය පෝසතුන් විදියට දිවිගෙවද්දී පුරවැසියන්ගෙන් අඩක්ම දුප්පත්කමින් හෝ දුප්පත්කමේ අඩියට පත්වී දිවිගෙවනවා. මේ කෘතියේ නිරූපණය කර තිබෙන ඒන්ජල් පවුල වගේ මා නියෝජනය කරන්නෙත් 49 % ක් වූ අනෙක් ප්‍රමාණය වන අතර මේ ඔවුන්ගේ සැබෑ ස්වරූපයයි. මේක මධ්‍යම පංතියේ දිවිපෙවත පදනම් කරගත් නවකතාවක් වගේම බොහොමයක් පාඨකයින් ද මධ්‍යම පාංතිකයින් ද වෙනවා. දැවැන්ත පෝසතුන් බවට පත්වී තිබෙන පිරිස් වගේම අතිශය දුප්පතුන් විදියට දිවිගෙවන අය හිතන්නේ එක් දෙයක් ගැන විතරයි, ඒ වැඩි වැඩියෙන් ධනය උපයා ගැනීම හෝ පවතින මිල මුදල් සුරක්ෂිත කරගැනීමයි. ඔබ රචනා කළ The Farm නවකතාව ලියැවී තිබෙන්නේ පැතිකඩ කීපයකින් යුතුවයි. මේකට හේතු වුණේ මොකක්ද ? එක් තැනැත්තෙකු මුහුණදුන් අත්දැකීම් නැත්නම් එකම යථාර්තය විවිධාකාරයෙන් විස්තර කරන බහුත්වවාදී නවකතාවන්ට මං දැඩිව ඇළුම් කරනවා. සහෝදරයින් තිදෙනෙකුගේ හඬවල් ඉදිරිපත් කරමින් එකම කතාව එකිනෙකට වෙනස් ආකාරයෙන් ඉදිරිපත් වී තිබෙනවා. සාදයක් ගැන එකිනෙකා කතාකරන්නේ එය ඔවුන් දුටුව ආකාරය අනුව බවට වූ කියමනක් ස්පාඤ්ඤ ජනසමාජයේ පවතිනවා. සමහරු නටනවා, සමහරු නටන්නේ නැහැ, සමහරු ගොඩක් කතාකරනවා, තවත් සමහරු ගොඩක් මත්පැන් බොනවා, අනික් අය නිකං ඔහේ බලාගෙන ඉන්නවා පමණයි. ඉතිං, සාදයකදී කන බොන, සතුටුවෙන නැත්නම් සාදය නිසා අසතුටට පත්වෙන විවිධාකාර මිනිස්සු වගේ නවකතාවකදීත් මේ හැමදෙනාටම ඉඩක් ලබාදෙන්න අවශ්‍ය වෙනවා. කොළොම්බියානු ගැටුමත් සමග ඔබේ පියා අහිමි වීමත් සමග ඒ වාතාවරණය හමුවේ ඊට මුහුණදීම ඔබට අතිශය අසීරු වුණාද ? මේ නවකතාවේ නිරූපණය කර තිබෙන අන්දමේ මෙන් වූ ගොවිපොළක් මටත් තිබුණා. මගේ සොහොයුරියට හා මට එය උරුම වුණේ මගේ පියාගෙනුයි. ඔහු ඝාතනය වුණාට පස්සේ ඒ ගොවිපොළ අප්‍රාණික පූජා වස්තුවක් බවට පත්වුණා. ගෙදර ජීවයෙන් පිරීගියේ හරියට ඔහුත් එතැන කොටසක් වී හිටියා වගෙයි, තාත්තගේ මතකය එක්ක බැඳුණු වෙනස්ම විදියේ සම්බන්ධයක් සහෝදර සහෝදරියන් එකිනෙකා තුළ රැඳී පැවතියේ කොහොමද කියන දේ මට අවබෝධ කරගන්න හරිම අසීරු වුණා. මේ හැමෝටම හිටියේ එකම තාත්තා කෙනෙක්, හැමෝම දැනගෙන හිටියේ එකම ගෙදරක් වුණත් හැමෝම ඒ ගැන දැක්කේ එකම විදියට නෙමෙයි. රටක් විදියට ගත්තත් නැගුණේ එකම එක ප්‍රශ්නයක් විතරයි, ඔයාගේ තාත්තව මැරුවේ කවුද ?, ඔයාගේ සහෝදරයව මැරුවේ කවුද ?. ඔහුව ඝාතනය කළේ ගරිල්ලා කණ්ඩායම් නම් ඒ ගැන හිතන්නේ එක විදියකට, ඔහුව මරාදැමුවේ පැරා මිලිටරි කණ්ඩායම් නම් ඔබ හිතන්නේ තවත් විදියකටයි. ඉතිං මේ හැමදෙනාම හිතන විදියට හිතන්න නවකතාකරුවෙකුට සිද්ධ වෙනවා වගේම මේ සිද්ධි වල ගොදුර බවට පත්වූවන්ගේ මනස තුළ සිරගත වෙන්නත්, මේ සිදුවීම් වල ගොදුරක් බවට පත්නොවී ජීවත්වෙන්න වාසනාව ලැබූවන්ගේ හිතට දැනෙන දේවල් ගොනුකරන්නත් සිද්ධ වෙනවා.
වසර ගණනාවක් පුරා රට අභ්‍යන්තරයේ ගැටුම් පැවතුණු රටක් මේ හැම බාධාවකටම මුහුණදෙමින් යළි නැගී හිටින්නේ කොහොමද ? ගැටුම් අවසානයේදී දැඩි අවිශ්වාසයක් හා අනෙකා ගැන දැඩි අමනාපයක් ඉතිරි වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, ගරිල්ලා කණ්ඩායම් හෝ පැරා මිලිටරි කණ්ඩායම් නිසා මේ හැම වේදනාවක්ම අපිට අත්විඳින්න සිද්ධ වුණු බව අවසානයේදී දැනෙන්න ගන්නවා. නුරුස්නා ස්වභාවයෙන් ඉන්න රටක් හැමවිටම දැඩි ගැටුම් අද්දර ඉන්නවා. මේ ගැටුම් මතකයේ රැඳී තිබිය යුතු බව ඒ ගැන කතාබහ කරන බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබෙන නමුත්, මගේ අදහස වෙන්නේ ඒ අඳුරු මතකය අමතක කර දැමීමේ හැකියාව අප සතු විය යුතු බවයි. ඩේවිඩ් රිෆ් කිව්වා වගේ ‘හැමවිටම හැමදේම මතක් කරන්න එපා‘ යන්නයි. බද්ධ වෛරයෙන් ජීවත්වෙන්න එපා, ඉදිරියට ගමන් කරන්න, හැමවිටම අතීතය හෝ අනාගතය දෙස බලන්න එපා, මේ මොහොතේ වඩාත් හොඳ දේ කුමක් දැයි හඳුනාගෙන ඒ තුළ ජීවත්වීමට උත්සහ ගන්න. කොළොම්බියාවේ ඉතිහාසගත මතකය යළි කැඳවීමේ කාර්යයේදී සාහිත්‍යයට සිදුකරන්න හැකිවෙන කාර්යභාරය මොකක්ද ? නවකතා යනු කතා ඝන බවට හැරවීමේ යන්ත්‍ර වන බව මගේ විශ්වාසයයි. ඉතිහාසය එහි බිම්කඩවල් හා අනුරේඛාවන් ශේෂ කරන නිසා රටක ඉතිහාසගත කරුණු ගොවිපොළක් හරහා චිත්‍රණය කරන්නට හැකිවෙනවා. යුද්ධය නිමාවට පත්වුණත් එහි අළු තවමත් සැගවී තිබෙනවා. ගාර්ෂියා මාකේස් සිය නවකතා හරහා චිත්‍රණය කළ සමූලඝාතයන් මගින් ඉතිහාසය පුරා සිදුවූ සමූලඝාතනයන් ගෙනහැර පෑවා. එවෙලියෝ රොසෙරෝගේ කෘතීන් තුළ නිශ්චිත නමක් නැතිව සඳහන් කර තිබෙන සන්නද්ධ කණ්ඩායම් ගරිල්ලා කණ්ඩායම්, පැරා මිලිටිරි කණ්ඩායම් හෝ සාමාන්‍ය සෙබළුන් විය හැකියි. ජුආන් ග්‍රාබ්‍රියෙල් වස්කෝස්ගේ කෘතීන් වල සඳහන් කර තිබෙන ජර්මානු සම්භවයකින් පැවත එන යුදෙව්වන් දෙවන ලෝක යුද්ධයේදී නාසි පාලන සමයේදී මෙන් සැලකුම් ලබාතිබෙනවා. ලිංගික එක්වීම අනෙක් හැම ඉච්ඡාභංගත්වයකටම ආදේශකයක් බව සන්තියෝගේ ගැම්බෝආගේ කෘතීන් වල ගැබ්වී තිබෙනවා. මගේ Oblivion කෘතියේදී යහපත් මිනිසෙකුගේ ඝාතනය මගින් සංකේතවත් කර තිබෙන්නේ ගොදුරු බවට පත්වූ අහිංසකයින් ඝාතනයට ලක්වීමයි. නවකතා මගින් අපට, අප ගැනම අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා වගේම එකිනෙකා ගැන අවබෝධ කරගන්නටත් අවස්ථාව හිමිවෙනවා. කුඩා දුවා, දරුවන්ට කියැවීමට සුදුසු යැයි ඔබ නිර්දේශ කරන කෘතිය මොකක්ද ? ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රන්ගේ Pippi Longstocking හෝ Robinson Crusoe කෘතියයි. Pippi Longstocking කෘතිය කියවන පුංචි දැරිවියන්ට විශේෂයෙන්ම තමන් අතිශය ශක්තිසම්පන්න, දිරියවන්ත හා ස්වාධීන පිරිසක් බව වටහාගන්නට හැකිවෙනවා. කිසිවෙකුගේ උදව් උපකාර ලබානොගෙන තමන්ට තනිවම වුවත් ලෝකයක් ගොඩනැගිය හැකි බව Robinson Crusoe කෘතිය කියවන පුංචි දරු දැරියන්ට වැටහෙනවා. අහම්බයකින් වුණත් නැව් අනතුරකට මුහුණදුන්නු කෙනෙකුට නොමැරී ජීවත්වීමේ හැකියාව තිබෙනවා. ඔබ අවසන් වරට කියවූ විශිෂ්ඨතම කෘතිය මොකක්ද ? එය විශිෂ්ඨ කෘතියක් බව දැනෙන්න හේතුවුණේ මොනවගේ කරුණුද ? යුවල් නෝආ හරාරිගේ Sapiens: A Brief History of Humankind කෘතියයි. ප්‍රබන්ධ මගින් විවිධ සමාජ තලයන් වගේම මිනිස්සුන්ගේ විවිධාකාර අවධීන් එකට ගෙනහැර දක්වනවා යන පිළිගැනීම මට නැවුම්ව දැනුණා. ඔහු බොහොම බුද්ධිමත්, ශක්තිසම්පන්න හා අතිදක්ෂ ලේඛකයෙක්. මේ වෙද්දි ඔබේ පොත් මේසයේ පසෙකින් තබා තිබෙන පොත් මොනවද ? මගේ බිරිඳත් එක්ක එකතු වෙලා මෙඩලින්හි අන්ගොස්ටා වල පුංචි ප්‍රකාශන සමාගමක් මීට අවුරුදු දෙකකට කලින් ආරම්භ කළා. අලුතින් ක්ෂේත්‍රයට පිවිසෙන කොළොම්බියානු ලේඛකයින්ගේ කෙටිකතා, නවකතා හා ප්‍රබන්ධ නොවන රචනා වගේම සම්භාව්‍ය ගණයේ නව පරිවර්තන ප්‍රකාශයට පත්කරන්න අවස්ථාව ලැබුණා. මේ අනුව වෝල්ටෙයාර්ගේ Candide කෘතිය වගේම ජෝසෆ් කොන්රඩ්ගේ Heart of Darkness ද පරිවර්තනය කළා. මේ සම්භාව්‍ය ගණයේ පරිවර්තන ද්විත්වය මගේ මේසයේ පසෙකින් තිබෙනවා. යුද්ධයේ අසාරත්වය, දුෂ්ඨකමේ අඳුරු බව වගේම ප්‍රචණ්ඩත්වය අපව කර්කශ ජීවිතයකට මෙන්ම වෙනත් ඕනෑම තැනකට ඇද දමන්නට හැකි බව මේ කෘතීන් මගින් කියාදෙනවා සටහන – වින්ධ්‍යා ගම්ලත් (2018. 11. 04 වැනිදා ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

New collation between Sirisena and Rajapaksa is danger for Sri Lanka

November 06, 2018 0 Comments
“The government has backpedaled from those commitments and now Rajapaksa has been named Prime Minister, which means there will be a harsher crackdown on dissent and Tamils in the north-east are in real danger, Akil Kumarasamy the author of just-released book, Half Gods, published by HarperCollins India said in an interview with Windya Gamlath of Sri Lanka Guardian. A startlingly beautiful debut, Half Gods brings together the exiled, the disappeared, the seekers. Following the fractured origins and destines of two brothers named after demigods from the ancient epic the Mahabharata, we meet a family struggling with the reverberations of the past in their lives. These ten interlinked stories redraw the map of our world in surprising ways: following an act of violence, a baby girl is renamed after a Hindu goddess but raised as a Muslim; a lonely butcher from Angola finds solace in a family of refugees in New Jersey; a gentle entomologist, in Sri Lanka, discovers unexpected reserves of courage while searching for his missing son. By turns heartbreaking and fiercely inventive, Half Gods reveals with sharp clarity the ways that parents, children, and friends act as unknowing mirrors to each other, revealing in their all-too human weaknesses, hopes, and sorrows a connection to the divine. Excerpts of the interview; Question (Q): The New Yorker said that the book tells about war that has happened in Sri Lanka more than 30 years, and it’s like a history lesson for readers unfamiliar with the Sri Lanka war. How did you bring this history to your book? Answer ( A): I let the history emerge with the lives of the characters, who have been shaped by the war. I cannot capture everything, but at the same time I can be expansive of history. I can mention the 1937 massacre of Haitians in the Dominican Republic in the same line as the 1983 massacre of Tamils in Sri Lanka. By having a story set on the eve of independence, I can speak of the colonial construct of nationhood. I didn’t intend for this book to be a history lesson but the political is intertwined with the personal for these characters. I never tried to be explanatory and just shared what seemed natural to the narrative. Q: Once you have said ‘Half Gods’ is a struggle regarding ‘identity’; we are living in a Global Village. How ‘the identity’ is important in this context? A: Identity is the story we tell about ourselves but it is also positioned in larger narratives that are out of our hands. I wanted to explore the messiness of it. Like what does it mean to be Sri Lankan? It is such a loaded term because of the ethnic conflict and the violence that continues to this day. If you are killed by state forces for being Tamil, do you call yourself Sri Lankan, a Sinhala name for the island or do you say Eelam, the Tamil name? What happens to Tamil consciousness when the Jaffna library, one of the largest libraries in Asia is burned down? What happens when tens of thousands of Tamil civilians are killed by government forces and there is no accountability? When you are not given the rights of a citizen, how do you then identify yourself and what kinds of narrative are projected onto you? Q: Did you read much about Sri Lankan war and do research kind of thing ? have you ever met Sri Lankan refugees in USA ? A: My own sense of Tamilness is because of the war. I think the burning of the Jaffna library has lingered in my memory, even though it happened before my birth along with stories from refugee families escaping the violence of 1983. News about the north east was circulated through alternative platforms. Can you rely on state media when violence is being perpetrated by the state? Growing up in a mixed Indian Tamil and Sri Lankan Tamil community, I was well aware of how the different platforms and groups reported on the war or the lack of coverage and knowledge in certain circles. I am particularly interested in power structures embedded in language. For example, saying “Sri Lankan refugee” hides the fact that most of these refugees are Tamils. In terms of research, one of the stories is set in a tea plantation on the eve of independence, and though my grandfather was a laborer in a rubber plantation in Malaysia, I needed to find specific details about tea cultivation. Q: What kind of challenges that you have to faced when you write about Sri Lanka specially when you were writing regarding wartorn Sri Lankan village, university and an environment like tea especially A: Writing about places you have never visited might pose a difficulty and also another challenge is how do you write about violence in a way that feels imaginative but not exploitive. The Iraqi writer, Hassan Blasim, was definitely helpful in showing what is imaginatively possible in writing about war. There’s always a question if your vision resonates for the reader. Q: Have you ever experienced it by yourself? (did you ever visit Sri Lanka) A: I have never visited Sri Lanka, but the struggle has been in my consciousness since childhood. Q: Now we are in 2018 and still trying to reconcile the society (specially we have special reconciliation projects under Yahapalana government like Office for Missing Persons, Office for National Unity and Reconciliation, Office for Reparation). When I read several reviews about your book I got to know that you have criticized some of those efforts saying those are only shows that implement to get media attraction. As a writer how did you get guts to criticize those? A: How many people have the Office of Missing Person “returned”? Has anyone in the government been prosecuted for war crimes? With the election of Sirisena, there were pledges towards reconciliation and accountability. The government has backpedaled from those commitments and now Rajapaksa has been named Prime Minister, which means there will be a harsher crackdown on dissent and Tamils in the north-east are in real danger. It doesn’t take much guts for me to criticize the government from afar when there are journalists and activists risking their lives in the north-east to report on what is happening. Mothers have been protesting for over a year now to find answers about their disappeared loved ones, and still they are waiting. The situation has been dangerous for Tamils in the militarized north-east since the Rajapaksa-led genocidal offensive in 2009 and it looks like it is going to become worse.
Q: What is your ultimate goal as a writer? A: With writing I’m trying to process the world, but I don’t necessarily go into a book with a set of expectations. I want the work to feel truthful to the human experience in imaginative ways. How readers respond to a work I cannot really control. I hope they find it moving and it makes them see the world in a different light. Q: Do you have a special message for Sri Lankan readers? A: Since the publication is only published in Sinhala and English, I would ask readers to think about what does inclusiveness look like? What does it mean if a Tamil readership is not given access? Why is it controversial to call what is happening to Tamils as a genocide even though Tamils have been calling it that for decades? With continued militarization of the north-east and Tamil mothers protesting on the roadside for their disappeared loved ones, I wonder how there can be a path to reconciliation if there is no acknowledgement of past crimes or of the violence that continues to be committed in the north-east of the island.

”ආණ්ඩුවේ එක් නියෝජිතයෙකුවත් යුධ අපරාධ වලට අභිචෝදනා ලබා තිබෙනවාද ?” – අකිල් කුමාරස්වාමි

November 06, 2018 0 Comments
අකිල් කුමාරස්වාමිගේ පළමු කෙටි කතා එකතුව වන Half Gods කෘතිය ඉන්දීය HarperCollins සමාගම දායකත්වයෙන් ප්‍රකාශයට පත්කර ඇත. ඉන්දීය, දමිළ පවුලකට දාව ව ඉපදුණු අකිල් මේ වනවිට ඇමරිකාවේ දිවි ගෙවන අතර එකිනෙකට සම්බන්ධව ලියැවුණු කෙටිකතා මේ කෘතියේ දිගහැරේ. ලාංකික දමිළ පවුලක කතාවක් ද මෙහි සටහන් වී තිබීම විශේෂත්වයකි. මෙහි පළවන්නේ Half Gods කෘතිය සම්බන්ධයෙන් ඇය ශ්‍රී ලංකා ගාර්ඩියන් සමග පළකල අදහස්ය. (Half Gods කෘතිය මිලදී ගැනීමට පිවිසෙන්න). ඔබේ Half Gods කෘතියෙන් වසර 30 කට ආසන්න කාලයක් පුරා ලංකාවේ දියත් වුණු යුද්ධය ගැන කියැවෙන බවත්, ලංකාවේ යුද්ධය ගැන නොදන්නා අයට එය එක්තරා අන්දමේ ඉතිහාස පාඩමක් වූ බවත් The New Yorker සටහන් කර තිබෙනවා. ඔබ මේ ඵෙතිහාසික කරුණු මතුකළේ කොහොමද ? යුද්ධය නිසා විවිධ අත්දැකීම් වලට මුහුණදෙන්න වුණු මෙහි ජීවත්වෙන චරිත හරහා ඉතිහාසය එළිදරව් කිරීමට මා කටයුතු කළා. නමුත්, ඉතිහාසය එළිදරව් කරන අතරතුරදීම හැමදේම එලෙසින්ම ග්‍රහණය කරගෙන ඉදිරිපත් කරන්න හැකිවුණේ නැහැ. 1983 දී ලංකාවේ දමිළ පිරිස් සමූල ඝාතනය වූ අන්දමින්ම 1937 දී ඩොමීනිකන් ජනරජයේදී හයිටි පිරිස් සමූල ඝාතනයට ලක්වූ බව සඳහන් කළා. නිදහස් දවසේ හැන්දෑවේ ඇතිවුණු සිද්ධියක් පදනම් කරගෙන කතාවක් නිර්මාණය කිරීම හරහා ජාතිකත්වය ගැන අධිරාජ්‍යවාදී මතය ගොඩනැගිලා තියෙන්නේ කොහොමද යන්න මට කතාබහ කරන්නට හැකියි. මේ කෘතිය ඉතිහාස පාඩමක් කිරීමේ වුවමනාවක් මට තිබුණේ නැති වුණත් මෙහි ගොඩනැගූ චරිත වල පුද්ගලිකත්වයට දේශපාලනය බලපා තිබෙනවා. මා ඉතිහාසය ගැන පැහැදිලි කිරීම් සිදුකරන්න කිසිදින උත්සහ නොකළත් කතාවේ ආඛ්‍යානයට ස්වභාවයෙන්ම බලපෑ දේවල් බෙදාහදා ගෙන තිබෙනවා. Half Gods කෘතිය ‘අනන්‍යතා‘ අරගලය සම්බන්ධයෙන් ලියැවුණු කෘතියක් බව ඔබ මීට පෙර සඳහන් කර තිබෙනවා. අද අපි ජීවත්වෙන්නේ විශ්ව ගම්මානයක, මේ සන්දර්භය ඇතුළේ ‘අනන්‍යතාව‘ යන්න කොයිතරම් වැදගත් වෙනවද ? අනන්‍යතාව කියන්නේ අප, අප ගැනම කියන කතාවක් වුණත් එය අපේ පාලනයෙන් ගිලිහුණු දැවැන්ත ආඛ්‍යානයක් ලෙසත් ස්ථාපිත වී තිබෙනවා. මේ ‘අනන්‍යතාව‘ කෙතරම් වියවුල් ද ? , අපවිත්‍ර ද ? යන්න හොයා බලන්න මට වුවමනා වුණා. ‘ශ්‍රී ලාංකිකයෙකු‘ යැයි පැවසීමේ අරුත මොකක්ද ?, අද වනතෙක් ඇතිවී තිබෙන ජාතිවාදී අර්බුද හා ප්‍රචණ්ඩත්වය ගැන සලකා බැලුවොත් මේ යෙදුම බොහොම පිරිපුන් එකක් විය හැකියි. දමිළයෙකු වීම නිසා රජයේ ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්වුණා නම් ඔබ, ඔබව ලාංකිකයෙකු විදියට ආමන්ත්‍රණය කරගන්නවාද ? නැත්නම්, මේ රටට කියන සිංහල නම වෙනුවට ‘ඊළාම්‘ කියන දමිළ නම කියනවද ?. ආසියාවේ තිබුණු දැවැන්තම පුස්තකාල වලින් එකක් වුණු යාපනේ පුස්තකාලය ගිනි තබා විනාශ කරද්දී දමිළ පිරිසට දැනුණේ මොකක්ද ?. දස දහස් ගාණක් දමිළ සිවිල්වැසියෝ රජයේ ආරක්ෂක අංශ වලින් ඝාතනය කරද්දි මොකද වුණේ ? මේවට වගවෙන්නේ නැද්ද ?. පුරවැසියන්ගේ අයිතීන් නොදී ඉඳිද්දී, අප – අපව හඳුනාගන්නේ කොහොමද ? මේ නිසා අපට අහන්න වෙන්නේ මොනවගේ කතාද ? Half Gods කෘතිය රචනා කරද්දි මෙරට යුද්ධය ගැන ලියැවුණු පොත පත, ලිපි ලේඛන ආදිය කියවා මේ හා සම්බන්ධ පර්යේෂණයක නියැළුණාද ? රැකවරණ පතා ඇමරිකාවට සරණාගතයින් විදියට පැමිණි, යුද්ධයේ ගොදුරු බවට පත්වූවන් මුණගැහිලා තියෙනවද ? මං දමිළ පිරිස් ගැන දැනගත්තේ යුද්ධය හේතුවෙනුයි. යාපනය පුස්තකාලයට ගිනි තැබීමේ සිද්ධිය මං ඉපදෙන්න පෙර ඇතිවූ සිද්ධියක් වුණත් 1983 දී ඇතිවුණු ප්‍රචණ්ඩ කාල පරිච්ඡේදයේදී රැකවරණ පතා පැමිණුනු සරණාගත පවුල් වලින් ඒ ගැන අහලා දැනගත්ත මතකය තියෙනවා. උතුරු – නැගෙනහිර සම්බන්ධව පැතිරුණු පුවත් විකල්ප මාධ්‍යයන් තුළ හුවමාරු වුණා. රජය මගින්ම ප්‍රචණ්ඩ ක්‍රියා පතුරුවන විට රාජ්‍ය මාධ්‍ය මගින් ලබාදෙන තොරතුරු විශ්වාස කරන්න පුළුවන්ද ?. පුළුල් දැක්මක් ඇතිව පුවත් වාර්තා නොකරමින් හා සමහර කණ්ඩායම් ගැන නිසි දැනුමක් නැතිව යුද්ධය ගැන විවිධ මාධ්‍ය හා කණ්ඩායම් වාර්තා කළේ කොහොමද යන්න ඉන්දියානු දමිළ හා ලාංකීය දමිළ ප්‍රජාව මිශ්‍ර සමාජයක් තුළ හැදී වැඩෙද්දි මට මනාව දැනගන්න ලැබුණා. භාෂාවට අනුගතවී තිබෙන බල ව්‍යුහයන් සම්බන්ධයෙන් මං දැඩි උනන්දුවක් දක්වනවා. උදාහරණයක් විදියට සරණාගතයින් අතරින් බොහෝ දෙනෙකු දමිළ කියන කාරණේ වසන් කරමින් ‘ශ්‍රී ලාංකීය සරණාගතයින්‘ යන යෙදුම භාවිත කිරීම තුළ පවා මේ බල ව්‍යුහය ගැන තේරුම්ගන්න හැකියි. පර්යේෂණ සම්බන්ධයෙන් කතා කළොත්, තේ වත්තක් පදනම් කරගෙන නිදහස් දවසේ හැන්දෑවේ වුණු සිද්ධියක් ගැන ලියැවුණු කතාවක් මෙහි තිබෙනවා. මගේ සීයා මැලේසියාවේ රබර් වත්තක වැඩකරපු කම්කරුවෙකු වුණත් තේ වගාව ගැන ලියැවුණු නිශ්චිත තොරතුරු සොයා බලන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම, ඔබ යුද්ධයෙන් විනාශ වී ගිය ගම්මාන, විශ්වවිද්‍යාල හා තේ වතු ආශ්‍රිතව ගත වෙන ලංකාවේ ජීවිත ගැන ලියද්දි මුහුණදෙන්න සිද්ධ වුණේ මොනවගේ අභියෝග වලට ද ? කිසි දවසක දෑසින් දැක නැති තැන් ගැන ලියද්දි දුෂ්කරතා වලට වගේම අභියෝග වලටත් මුහුණදෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම හැබෑවට අත්විඳ නැති පරිකල්පනයට පමණක් හසුවුණු ප්‍රචණ්ඩත්වය ගැන රචනා කරන්නේ කොහොමද යන්නත් තරමක අභියෝගයක් වෙනවා. යුද්ධය ගැන ලියද්දී ඕනෑම දෙයක් පරිකල්පනය කරන දෑ නියත වශයෙන්ම ප්‍රයෝජනවත් බව ඉරාක ලේඛකයෙකු වෙන හසාන් බ්ලාසිම් වරෙක පවසා තිබෙනවා. ලේඛකයා ඉදිරිපත් කරන දැක්ම පාඨකයා තුළ අනුනාද දෙනවාදැයි යන්න ගැන හැමවිටම ගැටළුවක් පවතිනවා. ඔබ කෙදිනක හෝ යුද්ධය අත්විඳ තිබෙනවාද ? ලංකාවට ඇවිත් තිබෙනවාද ? මං කවදාවත් ලංකාවට ඇවිත් නැති වුණත් මේ අරගලය ගැන වැටහීමක් මගේ කුඩා වියේදී ඉඳන්ම පැවතුණා. යුද්ධයෙන් වසර ගාණක් ගතවී ගිහිං අද අපි ජීවත්වෙන්නේ 2018 වසරේදී වුණත් තාමත් සමාජය සංහිඳියා මාවතට ගමන් කරන්න රජය විවිධ උත්සහයන් දරනවා. (අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය, හානිපූරණ කාර්යාලය වැනි ආයතන). මේ කෘතියේදී මෙවැනි ආයතන බොහොම නිර්දය විවේචනයන්ට ලක්කර තිබෙන බව ඔබේ කෘතිය ගැන ලියැවුණු විචාර කීපයක් කියවද්දි මා දුටුවා. මේ ආයතන හුදෙක් මාධ්‍ය අවධානය ලබාගන්න පමණක් ස්ථාපිත කළ ඒවා බවත් එහි සඳහන් කර තිබුණා. ලේඛිකාවක් විදියට මේ ආයතන විවේචනය කරන්න නිර්භය වුණේ කොහොමද ? අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයට ගියපු මිනිස්සු කී දෙනෙක් නැවත ඇවිල්ලා තියෙනවද ? ආණ්ඩුව නියෝජනය එක් අයෙකු වත් යුධ අපරාධ සම්බන්ධයෙන් අභිචෝදනා ලබා තිබෙනවාද ?. මෛත්‍රීපාල සිරිසේන බලයට පත්කිරීමට පෙර පැවති මැතිවරණයේදී සංහිඳියාව හා වගවීම ගැන ප්‍රතිඥා දුන්නා. සිරිසේනගේ ආණ්ඩුව මේ ප්‍රතිඥා වලට පයින් ගැහුවා, දැන් මහින්ද රාජපක්ෂ අගමැතිධූරයට නම්කර තිබෙනවා, ඒ ප්‍රතිඥා වල එකඟතාව අතිශය කටුක විදියට පළුදු වී තිබෙන බවත් උතුරු – නැගෙනහිර ජීවත් වෙන දමිළ පිරිස් බොහොම දුෂ්කර ඉරණමකට මුහුණ පා ඇති බවත් මින් අදහස් වෙනවා. අතුරුදහන් වුණු තමන්ගේ ආදරණීයයන් නැවත එනතුරු බලා හිඳිමින්, ඔවුන්ට සිද්ධ වුණේ මොකක්දැයි දැනගන්න, මව්වරුන් අවුරුද්දකටත් අධික කාලයක් තිස්සේ තවමත් විරෝධතා දියත් කරනවා. උතුරු-නැගෙනහිර සිද්ධ වෙන දේවල් ගැන වාර්තා කරන්න, සටහන් තබන්න මාධ්‍යවේදීන් වගේම සමාජ ක්‍රියාකාරීන් පවා තමන්ගේ ජීවිත පරදුවට තබන පසුබිමක් තුළ ආණ්ඩුව විචේචනය කරන්න මට ඒ තරම් ධෛර්යයක් වුවමනා වුණේ නැහැ. මිලිටරීකරණය වුණු උතුරු – නැගෙනහිර ප්‍රදේශ වල ජීවත් වෙන දමිළ ජාතිකයින්ගේ ජීවිත, රාජපක්ෂගේ නායක්වයෙන් යුතුව උතුරේ ජනයා ඝාතනයට ලක්කරමින් පහරදෙන්න අණකරපු 2009 දී පටන්ම අනතුරේ වැටුණා.
ලේඛිකාවක් විදියට ඔබේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අරමුණ මොකක්ද ? ලේඛනය තුළින් ලෝකය හසුරුවන්න උත්සහ ගත්තත් ඒ වෙනුවෙන්ම වූ විශේෂ අභිප්‍රායකින් යුතුව පොතක් ලියන්නට පිවිසෙන්නේ නැහැ. මගේ කෘති හරහා මිනිස් අත්දැකීම් වල තිබෙන සත්‍යතාව පරිකල්පනීය මගකින් දනවන්න උත්සහ ගන්නවා. නිර්මාණයකට පාඨකයින් දක්වන ප්‍රතිචාරය කොහොමද කියන එක මට පාලනය කරන්න බැහැ. නමුත්, නිර්මාණය හරහා කියලා තියෙන්නේ මොනවද යන්න අවබෝධ කරගෙන ලෝකය දිහා වෙනස් එළියකින් බලන්න ඔවුන්ට හැකිවෙන බව මගේ විශ්වාසයයි. ලංකාවේ ජීවත්වෙන පාඨකයින්ට කිවයුතු විශේෂ යමක් තිබෙනවාද ? මේ සම්මුඛ සාකච්ඡාව සිංහල හා ඉංග්‍රීසි බසින් පමණක් පළවන නිසා මං පාඨකයින්ගේ විමසන්න කැමතියි මෙහි කොටස්කරුවෝ වෙන්නේ කවුද කියලා. දමිළ බසින් කියවන පාඨකයින්ට මෙය කියවන්න අවස්ථාවක් ලැබෙන්නේ නැත්නම් ඉන් අදහස් වෙන්නේ මොකක්ද ?. දශක ගණනාවක් තිස්සේ දමිළ ජනතාව සංහාරයට ලක්කිරීම හා ඔවුන්ට මුහුණදෙන්නට සිදුවී තිබෙන තත්ත්වය අතිශය මතභේදකාරී වී තිබෙන්නේ ඇයි ? උතුරු – නැගෙනහිර ප්‍රදේශ අඛණ්ඩ මිලිටරිකරණයත් සමග දමිළ මව්වරුන් පාරවල් වලට බැහැලා අතුරුදහන් වී ගිය තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් උද්ඝෝෂණ කරනවා, අතීතයේ සිද්ධ වුණු අපරාධ වලට හෝ උතුරු – නැගෙනහිර ප්‍රදේශ වල සිද්ධ වෙන ප්‍රචණ්ඩ ක්‍රියා වල වරද භාරගන්නේ නැත්නම් සංහිඳියා මාවතක් පවතින්නේ කොහොමද ?

Tuesday, October 9, 2018

මට ආයෙත් පොත් ලියන්න නොහැකි වේයැයි බයක් දැනෙනවා – යැන් ලියැන්කේ

October 09, 2018 0 Comments
චීන ජාතික ලේඛකයෙකු වෙන යැන් ලියැන්කේ සිය පළමු නවකතාව රචනා කරන්නේ වයස අවුරුදු 21 දී. ඒ 1979 දී ය. ඉන්පසුව, සුවිශේෂී කෘතීන් ගණනාවක් ඔහු අතින් රචනා වෙන්නට පටන් ගන්නවා. යැන්ගේ කෘතීන් තුළ හාස්‍යය දැඩි ලෙස ගැබ්වී තිබෙන අතර ඔහුගේ කෘතීන් බොහොමයක් චීනයේදී තහනමට ද ලක්වෙනවා. Serve the People (2005) හා The Explosion Chronicles (2013) ඒ අතරින් කීපයක්. Xia Riluo (夏日落), Serve the People! (为人民服务), Enjoyment (受活), හා Dream of Ding Village (丁庄梦) ලියැන්කේ විසින් රචිත සෙසු කෘතීන් අතරට ඇතුළත් වී තිබෙනවා. The Day the Sun Died ඔහු ලියූ නවතම කෘතිය වන අතර මෙය තායිවානයේදී එළිදුටුවා. ලී නියනියන් නම් වයස අවුරුදු 14 ක දරුවෙකු පදනම් කරගෙන ලියැවුණු මේ කෘතියේදී ඔහු සිහිනෙන් ඇවිද යන අතරතුර සිය මිතුරෙකු බේරාගැනීමට දරන උත්සහයක් ගැන කියැවෙනවා. කෙසේවුවත්, මේ කෘතිය ගැන විචාරයේ යෙදෙන බටහිර පිරිස් මෙය හඳුන්වා තිබෙන්නේ ෂී ජින්පින්ගේ ‘චීන සිහිනය‘ ගැන ලියැවුණු කෘතියක් ලෙසිනුයි. ලියැන්කේ Man Asian සාහිත්‍යය සම්මානයෙන් Franz Kafka සම්මානයෙන් පිදුම් ලබා තිබෙන අතර බුකර් සම්මානය සඳහා සුදුසුකම් ලැබූවන්ගේ කෙටි නම් ලැයිස්තුවට අතරට ද පැමිණ තිබෙනවා. මෙහි පළවන්නේ The Day the Sun Died කෘතිය පිළිබඳ The Guardian සමග කළ සංවාදයේ අනුවර්තනයයි. ‍ෆ්‍රාන්ස් කෆ්කා සම්මානය අතැතිව මේ නවකතාව රචනා කරන්න හේතුවුණේ මොකක්ද ? නින්දෙන් ඇවිදින පුරුද්දක් මට තිබුණා. ඒ වගේම අනෙක් අය නින්දෙන් ඇවිදින දර්ශන මගේ දුරකතනයෙන් දැක තිබෙනවා. මේ නවකතාවේ මූලික අදහස පහළ වුණේ ඒ විදියටයි. මිනිස්සුන්ගේ ඇතුළාන්තයේ තියෙන ලෝකය වගේම ඔවුන්ගේ අභ්‍යන්තරයේ තියෙන අතිශය රහසිගත දේවල්, ආශාවන් ආදියට අනුව ජීවත්වීම ප්‍රකාශ වෙන්නේ කොහොමද යන්න ගැන රචනා කරන්න මට වුවමනා වුණා. මේ කතාව දිගහරින්න වයස අවුරුදු 14 ක දරුවෙකු තෝරාගත්තේ ඇයි ? මේ වගේ කතාවකදී අහඹු බව හා පූර්ව අනාවැකි නොකියා හිඳීම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. යම් හෙයකින් කතාව දිගහරින්න වැඩිහිටියෙකු තෝරගත්තා නම් ඒක තරමක් විශ්වාස කරන්න අසීරු කතාවක් වෙන්න තිබුණා. නමුත්, බුද්ධිය වර්ධනය වෙලා නැති යෞවනයෙක් කතාව කියන නිසා මේක මිනිස්සුන්ට පහසුවෙන්ම විශ්වාස කරන්න හැකිවී තිබෙනවා. අනෙක් හැමදෙනාම කියන විදියට මේ නවකතාව හරහා චීන සමාජය විවේචනය කරනවා නම් එවැනි විවේචනාත්මක විග්‍රහයක් රචනා කිරීම අතිශය අඥාන හෝ සරළ දෙයකට වඩා ලේසි පහසු කාර්යයක් වුණාද ? ඔව්, ඇත්තටම. චීන මිනිසුන්ගේ හදවතේ ගැඹුරුම තැනට කාවැදී තිබෙන අතිශය අසීරු දේවල් අවිහිංසක හා පැහැදිලි හඬක් තෝරාගැනීම හරහා අනාවරණය කරන්න හැකිවී තිබෙනවා. එවැනි කෙනෙකුගේ ඇහින් සමාජය දිහා බැලුවම මිනිස්සු හැසිරෙන්නේ නිතරම අඳුරු අන්දමින් බොහොම ප්‍රාථමික විදියට බව විස්තර කරන්න මට හැකිවුණා. නමුත්, මට අවධාරණය කරන්න හැකිවුණා වගේම හොඳ දේවල් ගැනත් අනාවරණය කරන්න හැකිවුණා. මේ නවකතාව ගැන විචාර සම්පාදනය කරන බ්‍රිතාන්‍යය විචාරකයින් මේ ගැන විවරණය කරන්නේ මෙය හුදෙක් ‘සමාජ විවරණයක්‘ වශයෙන් පමණක් නොව දේශපාලන මුහුණුවරක්ද ඊට එක්කරමින් වන අතර මේ කෘතියේදී අවධානයට ලක්කරන්නේ ෂී. ජින්පින්ගේ ‘චීන සිහිනය‘ බව දක්වා තිබෙනවා. මේ කෘතිය බ්‍රිතාන්‍යයට හඳුන්වා දුන් එහි පරිවර්තක වන කාර්ලෝස් රොජ්ර්ස් පවා සිය හැඳින්වීමේදී ඒ අදහස ඉදිරිපත් කර තිබෙනවා. ඇත්තටම, මෙමගින් ෂී. ජින්පින්ගේ ‘චීන සිහිනය‘ ගැන පැවසීමේ වුවමනාවක් ඔබට තිබුණද ? ඇත්තටම. මේ ගැන ලියැවුණු විචාරයන් කියවූවාම මගේ හැබෑ අභිලාෂය ආසන්නයටවත් ඔවුන් ළඟාවී නොසිටිය නිසා මං දැඩි පුදුමයට පත්වුණා. නින්දෙන් ඇවිදින සිද්ධියක් ගැන රචනා කර මිනිස් සන්තානය ගැන මූලික සත්‍යයන් පිළිබිඹු කිරීම මගේ වුවමනාව වුණා. චීන හීනය ගැන සෘජු සම්බන්ධයක් ඇතිකිරීම මගේ අභිලාෂය වී තිබුණේ නැහැ. මේ ගැන මං විචාරයක් රචනා කිරීමත් තරමක අසීරු කටයුත්තක් බව හැඟුණා. මිනිස්සුන්ගේ හිතැඟි තුළ තිබෙන නමුත් හැබෑවක් කර නොගත්තු දේවල් ගැන කියන්න ‘නින්දෙන් ඇවිදීම‘ කියන දේ යොදාගැනීම මගේ අභිලාෂය වුණා. මේ හිතැඟි වල තියෙන දේවල් හොඳ වුණත් නරක වුණත් නමුත්, ‘හැබෑ ජීවිතයේදී‘ මේ දේවල් කරන්න හැකිවෙන්නේ නැහැ. ඇත්තටම ඒ දේවල් මර්දනය කරනු ලැබූ ආශාවන් පමණයි. ඔබට තවදුරටත් ලේඛනයේ යෙදෙන්න නොහැකි බව මේ නවකතාවේ සඳහන් වී තිබෙන එක හීනයක තියෙනවා. ඔබේ චරිතය නවකතාවට මුසුකරේ ඇයි ? ලේඛකයෙකු විදියට ඔබ මුහුණදෙන දැවැන්ත බිය මේ තුළ පිළිබිඹු වී තිබෙනවාද ? ඊළඟ අවුරුදු 10 ටම මට කිසිම පොතක් ලියන්න නොහැකි වේවි යන බිය නවකතාවක් රචනා කරලා ඉවර වෙන හැම අවස්ථාවකදීම මට ඇතිවෙනවා. ලියන්න නොහැකි වේවි යනුවෙන් ඇති වෙන බිය අතිදරුණු භයානක තත්ත්වයක්. මට නැවතත් ලියන්න නොහැකි වේවි කියන අදහසත් එක්ක දැඩි කනස්සල්ලක් හැමවිටම දැනෙනවා. සමකාලීන චීනයේ වඩාත්ම කීර්තිමත් ලේඛකයෙකු බවට පත්වීම ඔබේ හිසට බරක් විදියට දැනෙනවද ? ඒක හරිම සංකීර්ණයි. වාරණය නිසා නොවුණත් චීනයේ ඉන්න ලේඛකයින්ට මුහුණදෙන්න සිද්ධවෙලා තියෙන තත්ත්වය අතිශය සංකීර්ණයි. මගේ කෘතීන් චීනයේදී ප්‍රකාශයට පත්කරගන්න යද්දි දුෂ්කරතා ගණනාවකට මුහුණදෙන්න වූ බව ඇත්තත්. ප්‍රකාශකයෙක් නැති නිසාම අපිට ඕන දෙයක් ලියන්න හැකියාව තියෙන නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක එක්තරා විදියක නිදහසක්, සහනයක්. ප්‍රකාශකයෝ නිසා ලේඛකයින්ට යම් යම් සීමාවන් වලට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඔවුන්ට අවශ්‍ය දේ ලිව්වේ නැත්නම් ඒ කෘතිය ප්‍රකාශයට පත්වෙන්නෙත් නැහැ. ඔබේ ලේඛන කටයුතුත් එක්ක දවස ගතවෙන්නේ කොහොමද ? මට තියෙන්නේ බොහොම සංවිධානාත්මක දින චර්යාවක්. උදේ 6 – 7 අතරේ අවදිවෙනවා. ඊට පස්සේ පැය දෙකක් හෝ දෙක හමාරක් එකදිගට අකුරු 2000 ක් විතර ලියනවා. ආයේ හවස මගේ යාළුවෝ මුණගැහිලා, කෑම ටිකක් කාලා රිලැක්ස් වෙනවා. ඔබේ ලේඛන කටයුතුත් සමග දවස ගතවෙන්නේ කොහොමද ? බොහොම සංවිධානාත්මකව මගේ දවස ගතවෙනවා. මං උදේ හයට නැත්නම් හතට නැගිටිනවා. ඊට පස්සේ පැය දෙකක් හෝ දෙක හමාරක කාලයක් ඇතුළත අකුරු 2000 ක් විතර ලියනවා. ආයේ හවස යාළුවෝ මුණගැහිලා නැත්නම් කෑමබීම අරගෙන නිදහසේ ගතකරනවා. ඔබේ පොත් රාක්කයේ තියෙන දේවල් වලින් පුදුමයට පත්වෙන්නේ මොකකින්ද ? එකක් නෙමෙයි කීපයක්ම තියෙනවා. අවුරුදු 10 විතර ඉන්න දරුවෙකු කියවන විදියේ ජනකතා, සුරංගනා කතා, මැජික් ගැන ලියවුණු කතා ගොඩක් තියෙනවා. බ්‍රිතාන්‍යය ලේඛකයෙකු වෙන ග්‍රැහැම් ග්‍රීන්ගේ කෘතීන් කියවන්නත් මං ගොඩක් කැමතියි. ඔහු රචනා කරපු The Power and the Glory කෘතිය මේ දවස් වල කියවමින් ඉන්නවා. ආගමික කරුණු සම්බන්ධයෙන් ලිවීමේ බලාපොරොත්තුවෙන් ඉන්න නිසා ලෝකේ පුරා විසිරී ඉන්න ආගමික කරුණු ගැන ලියන ලේඛකයින්ගේ රචනා කියවමින් ඉන්නවා. ඔබේ කුඩා අවදියේදී ඇසුරු කරපු කෘතීන් මොනවද ? අවුරුදු 10 -20 විතර වෙනකල් පොත් කියවන්න ලොකු ඇබ්බැහියක් දැක්වූවේ නැති වුණත් විප්ලවය ගැන ලියැවී තිබෙන කෘතීන් කියෙව්වා. අවුරුදු 20 දී විතර ගමෙන් නික්මුණාම විදෙස් සාහිත්‍යය වගේම චීන සාහිත්‍යයත් ඇසුරු කරන්න ගත්තා. අවුරුදු 20 පහුකළාම විවිධ ලේඛකයින්ගේ කෘතීන් ඇසුරු කරන්න පටන්ගත්තා. මගේ ජීවිත කාලයේදී ඇසුරු කරන විශේෂ කෘතියක් හෝ ලේඛකයෙකු නැහැ. වෙනසක් නැතිව විවිධ ලේඛකයින්ගේ කෘතීන් කියවන්න කැමතියි.

මාධ්‍යවේදී ජමාල් තුර්කියේදී මරා දැමුවාද ?

October 09, 2018 0 Comments
ජමාල්ට මොකද වුණේ ? සෞදි අරාබි ජාතික මාධ්‍යවේදියෙකු මෙන්ම The Washington Post පුවත්පතේ තීරු ලිපි රචකයෙකු වන ජමාල් කෂොගී පසුගිය ඔක්තෝබර් 2 වැනිදා සිට අතුරුදහන් වී ඇත. පසුගිය ඔක්තෝබර් 2 වැනිදා හා 7 වැනිදා අතර දිනයකදී ඔහු ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සාල්ජනරාල් කාර්යාලය ඉදිරියට පැමිණ ඇති ජනතාව ජමාල්ගේ අතුරුදහන්වීම ගැන සිය විරෝධය පළකරමින් සිටියි. ජමාල් සිය උපන්බිම වූ සෞදිය විවේචනය කරන ලිපි අඛණ්ඩව පළකළ අතර එම ලිපි හරහා සෞදි අරාබියේ කිරුළ හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මන්ගේ දැඩිව විවේචනයට ලක්කළේය. විශේෂයෙන්ම, සෞදිය යේමනයට මැදිහත්වීම ද දැඩිව විවේචනය කළේය. කලක් Al Arab පුවත් සේවාවේ ප්‍රධාන කර්තෘවරයා ලෙස ද සේවය කළ ජමාල් 2017 සැප්තැම්බර් 18 වැනිදා සෞදි අරාබියෙන් ඇමරිකාවට පලා ගිය අතර ස්වයං පිටුවහලක ගතකළේය. අවසන් වරට ගියේ තුර්කියේ පිිහිටි සෞදි කොන්සාල් කාර්යාලටයයි ජමාල් මේ වනවිට 59 හැවිරිදි වියේ පසුවු අතර අතුරුදහන් වීමට පෙර අවසන් වරට ඔහු මුණගැසී තිබෙන්නේ ඔහුගේ පෙම්වතිය වන හටීස් සෙන්ගිස් ය. ඔහු ඇය සමග විවාහ වීමේ අපේක්ෂාවෙන් සිටි අතර එම විවාහ ගිවිස ගැනීම ඔක්තෝබර් 2 වැනිදා සවස යෙදී තිබුණි. සිය විවාහයට අදාළ ලියකියවිලි කීපයක් ලබාගැනීමේ අරමුණින් තුර්කියේ පිිහිටි සෞදි කොන්සාල් කාර්යාලයට ගොස් ඇත. ඉන්පසු තුර්කි බලධාරීන් මෙන්ම හටීස් ද පවසන්නේ ජමාල් කිසිදු අවස්ථාවක ගොඩනැගිල්ලෙන් පිටව ගියේ නැති බවයි. නමුත්, සෞදි බලධාරීන් දිගින් දිගටම පවසන්නේ ජමාල් ගොඩනැගිල්ලෙන් නික්මී ගිය බවයි. ජමාල් ඝාතනය වූයේ සෞදි කොන්සාල් කාර්යාලයේදීයි – තුර්කි බලධාරීන් මේ ගොඩනැගිල්ල තුළදී ජමාල් ඝාතනයට ලක්කෙරුණු බව තුර්කි බලධාරීන් පවසයි. කෙසේවුවත්, රියාද් බලධාරීන් මේ චෝදනාවට විරුද්ධ වෙමින් පවසා සිටින්නේ ජමාල් මෙම සංකීර්ණයෙන් නික්මී ගිය බවයි. ඇමරිකාව මේ ගැන කියන්නේ මොනවද ? මේ පිළිබඳ අදහස් දැක්වූ ඇමරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, ‘‘මම මේ ගැන අතිශය කණගාටුවට පත්වෙනවා. මේ ප්‍රශ්නය විසඳේයැයි විශ්වාසයක් තියෙනවා. ජමාල්ට සිද්ධ වුණේ මොකක්දැයි කිසිවෙකු දන්නේ නැහැ. මේ ගැන අතිශය කණගාටුවට පත්වෙනවා. ඔහු ගැන බොහොම නරක ආරංචි පැතිරෙනවා. ඔහුට එහෙම ඉරණමක් අත්වුණා නම් මා එවැනි දේකට කැමැත්ත පළකරන්නේ නැහැ‘‘ එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා තිබෙන්නේ, ‘සෞදි අරාබි මාධ්‍යවේදී ජමාල් ගැන අහන්න ලැබුණු පුවත අතිශය සංවේදීයි. මේ කතාව ඇත්තක් නම් එය අතිශය ඛේදජනක පුවතක් වෙන බව නිසැකයි. ලොව පුරා මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය ජනමාධ්‍යට මෙන්ම මානව හිමිකම් වලට එල්ල වන බරපතල තර්ජනයක් වී තිබෙනවා. නිදහසින් පිරුණු ලෝකයට පිළිතුරක් ලබාදිය යුතුයි.‘ යන්නයි. සිද්ධිය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් සෞදි අරාබිය විසින් පැවැත්විය යුතු බව එක්සත් ජනපද මයික් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි. ජමාල්ගේ අතුරුදහන් වීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සෞදි අරාබිය විසින් පැවැත්විය යුතු බවත් මේ පරීක්ෂණය විනිවිදභාවයෙන් යුතුව දියත් කළයුතු බවත් ඔහු පවසයි. ජමාල්ගේ පෙම්වතිය තුර්කි ජනපතිගෙන් සෞදියට චෝදනා තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් එර්ඩෝගන්, මේ ගැන ඊයේ (8) දිනයේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ, ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සාල් කාර්යාලයෙන් ජමාල් නික්ම ගිය බව සෞදි බලධාරීන් සනාථ කළයුතු බවයි. ‘මේ සිද්ධිය සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විධිමත් පරීක්ෂණයක් දියත් කරලා එහි ප්‍රතිඵල ඉදිරිපත් අනාවරණය කළයුතුයි. ‘ඔහු අපේ කාර්යාලයෙන් ඉවත් වී ගියා‘ යැයි කියලා කොන්සාල් කාර්යාලයේ නිළධාරීන්ට තමන්ගේ ඇඟ බේරාගන්න බැහැ.‘ යන්න එර්ඩෝගන් වැඩිදුරටත් පවසයි. ජමාල්ගේ අතුරුදහන් වීම ගැන අදහස් පළකල තුර්කි රජයේ උපදේශකයෙකු වන යසීන් අක්තර් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ, ‘‘ජමාල් අතුරුදහන්වූ බවට සැලකෙන මොහොතේදී සෞදි අරාබි ජාතිකයින් 15 දෙනෙකු රැගත් කළු පැහැ වෑන් රථයක් ගුවන්තොටුපළ වෙත ගියා. තුර්කි ආරක්ෂක කැමරා වලින් මේ ගැන වැඩිදුර සොයාබලන්න නියමිතයි. ජමාල් කාර්යාලයට ඇතුළු වුණාට පස්සේ කොන්සාල් ජනරාල් කාර්යාලයේ සේවකයෙකුට අයිති තවත් වාහනයක පෙට්ටි කීපයක් තැන්පත් කර තිබෙන බව කැමරා වලින් දැකගන්නට හැකියි. වාහන දෙකක් ගැන මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් තිබෙනවා. මේ ගැන නොවිසඳුණු කරුණු දෙකක් තියෙනවා. එකක් කොන්සාල් කාර්යාලයෙන් පිටතට ජමාල් රැගෙන ගිය බව, අනෙක් කාරණේ ජමාල්ට මේ ගොඩනැගිල්ල තුළදී අපරාධයක් කළා නම් ඒ අපරාධයට සම්බන්ධ අය මේ වාහන වලින් පිටමං කළ බවයි‘ යන්නයි. Al Jazeera,The Guardian, CBC News හා The Independent අැසුරිනි

Thursday, October 4, 2018

මං නිර්දය ප්‍රහසනයන්ට කැමතියි – සල්මන් රුෂ්ඩි

October 04, 2018 0 Comments
ඉන්දියාවේ ඉපිද පසුකලෙක බ්‍රිතාන්‍යයට යන සල්මන් රුෂ්ඩි අතිශය සාර්ථක වෙන්නේ ඔහුගේ දෙවැනි නවකතාව වූ Midnight’s Children (1981) කෘතියෙනි. මේ වෙනුවෙන් බුකර් සම්මානය දිනාගන්නා ඔහු සාහිත්‍ය ලොව විශිෂ්ටයෙකු බවට පත්වෙනවා. The Satanic Verses (1988) කෘතිය රචනා කිරීමේ වරදට ඉරාන රජය විසින් රුෂ්ඩිට මරණ දඬුවම නියම කර තිබුණු අවස්ථාවක සිය ජීවිත රැකවරණය පවා බටහිරට පලා යන ඔහු ඉන්පසු බ්‍රිතාන්‍යයේ දිවිගෙවන්නට පටන්ගන්නවා. 2007 වසරේදී නයිට් ධූරයකින් පිදුම් ලැබූ මේ ලේඛකයා මේ වනවිට පසුකරමින් සිටින්නේ සිය දිවියේ 71 වන කඩඉමයි. The Guardian විසින් රුෂ්ඩි සමග සිදුකළ මේ සම්මුඛ සාකච්ඡාවට පදනම් වී තිබෙන්නේ පසුගිය වසරේදී ඔහු රචනා කළ The Golden House (2017) කෘතිය හා ලේඛන දිවියයි. The Golden House කෘතියේදී මෑතකාලීනව කතාබහට ලක්වුණු සුවිශේෂී සිද්ධි වන ඇමරිකානු ජනපතිවරණය, ඉන් පසුව ඇතිවූ දේශපාලනික තත්ත්වය හා ලිංගික අනන්‍යතාව ගැන තිබෙන විවාදය වගේ කරුණු ගැන අවධානය යොමුවෙනවා. ප්‍රබන්ධ රචනයෙහිලා නව ප්‍රවේශයක් මේ කෘතියේදී දැකගන්නට හැකිවෙනවාද ? ඔව්, එක් අතකින් ගත්තොත්, ද්‍රෘෂ්ටිකෝණයක් හා පරතරයක් තිබෙනවා නම් ඒ දිහා බලා හිඳීම හොඳ බව කියැවෙනවා. හිතාමතාම මීට පරස්පර අදහසක් ඉදිරිපත් වෙන කෘතියක් ලියන්න මට වුවමනා වුණා. එක්තරා අන්දමකට මේක අවදානමක්. අපි අතින් වැරැද්දක් වුණොත් ඒක හරියට ඊයේ දවසේ නිකුත් වුණු පත්තරයක් වගේ කිසිසේත්ම නොගැළපෙන දෙයක් වීමේ ඉඩ වැඩියි. නමුත්, හොඳ දෙයක් කළොත් අනාගතයටත් අදාළ වෙන යථාර්තවාදී මොහොතක් හසුකරගන්නට හැකිවේවි. කාලයත් සමගින් නිරන්තර වෙනස්වීම් වලට හසුවෙන යථාර්තයට නවකතාවක ඉඩලබාදීම අතිශය අසීරු කටයුත්තක් වුණත් විශ්වාස කරන්න බැරි තරමේ විතැන් වීම් එක්ක මං පොරබැදුවා. The Golden House කෘතිය ඇරඹෙන්නේ ඔබාමා ජනාධිපති විදියට දිවුරුම්දීමත් සමගයි. මෙය අවසන් වෙන්නේ ‘කවටයා‘ තරඟ වදින මැතිවරණයෙනුයි. මේ ‘කවටයා‘ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපහාසාත්මක ප්‍රතිමූර්තිය වගේ පේනවා. ඔබ මේ නවකතාව රචනා කරන්න පටන්ගත්තේ ට්‍රම්ප් ඇමරිකන් ජනපති විදියට තේරීපත්වුණු දින උදෑසන ඉඳන්ද ? නැහැ, නැහැ. කොහෙත්ම නැහැ. ට්‍රම්ප් ජනපති වෙද්දිත් මං මේ කෘතිය හමාර කරලා තිබුණා. මේකට අළුතෙන් දේවල් එක්කිරීම පමණයි ඒ වෙද්දි ඉතුරු වෙලා තිබුණේ. නමුත්, ට්‍රම්ප් ගැන තියෙන කොටස ද්විතික කාරණයක්. ඔබාමාගේ ඉඳන් ට්‍රම්ප් දක්වා ගතවුණු දශකයක කාලපරිච්ඡේදයේදී සිද්ධ වුණු දේවල් හසුකරගන්න මට වුවමනා වුණා. ජනපතිවරණයෙන් විරුද්ධ පක්ෂය ජයගනීවි යැයි බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුණත් අවසානයේදී කෘතිය නිමාවෙන්නේ ඇත්තටම සිද්ධ වුණු දේවල් දිහාවට වීම මෙහි ගැබ්වුණු අපූර්වත්වයයි. සමහර වෙලාවට කලාකරුවාට වඩා ප්‍රබන්ධ බුද්ධිමත් විය හැකියි. The Golden House අතිශය දේශපාලනික කෘතියක් වුණත් මෙහි හාස්‍යයත් ගැබ්වී තිබෙනවා. මෙවැනි උපක්‍රමයක් අනුගමනය කළේ පාඨකයින්ව හිනාගස්වන්නද ? මං නිර්දය ප්‍රහසනයට කැමතියි. විශේෂයෙන්ම, අඳුරු කාල පරිච්ඡේද වලදී මෙවැනි නිර්දය ප්‍රහසනයන් ඉදිරිපත් කරන්න කැමතියි. හාස්‍යය නිර්දය වෙන්න, නිර්දය වෙන්න එය තවදුරටත් සත්‍යයක් බවට පත්වෙනවා. හාස්‍යය කියන්නේ බොහොම සියුම් මෙවලමක් වන අතර බොහෝ විට එය අසීරු කාල පරිච්ඡේද වලදී පාවිච්චි වෙනවා, ඒ නිසා මේ වගේ කාලයකදී වැඩි වැඩියෙන් හාස්‍යය පැවතිය යුතුයි. සෝවියට් රුසියාවේ පැවති සාහිත්‍යය සෝවියට් රුසියාව බිඳවැටුණාට පස්සේ පැවතුණු සාහිත්‍යයට වඩා සියුම් හා අතිවිශිෂ්ට වෙන්නේ ඔවුන්ට නිශ්චිත අරමුණක් තිබුණු නිසයි. අතිදුෂ්කර අතීතයක් තිබුණු නීරෝ ගෝල්ඩන් කියන මෙහි ප්‍රධාන චරිතය පසුකාලීනව ඇමරිකාවේදී බිලියනපතියෙක් බවට පත්වෙනවා. ඔබ මෙහි මවන ප්‍රධාන චරිතය තුළින් ඇමරිකානු සිහිනය ප්‍රශ්න කරනවා වගේම එහි කොටස් වෙන් වෙන්ව පෙන්වන්න උත්සහ දරනවා. අද ඇමරිකානු සිහිනය වී තිබෙන්නේ මොකක්ද ? ඇමරිකානු හීනයේ බොහෝ දේවල් දැන් ඉතුරු වෙලා නැහැ. ඔබ නිව්යෝර්ක් වල ජීවත් වෙන කෙනෙකු නම් මෑතකාලීනව සිද්ධ වෙන දේවල් වගේම දේශපාලනයත් තැතිගන්වන සුළුයි. ජෙරුසෙලම නැත්නම් කන්දක් මුදුනේ තියෙන නගරයක් වගේ හැඟීමක් නිව්යෝර්ක් වලදී දැනෙන්නේ නැහැ. ගෝල්ඩන් වගේ අඳුරු චරිතයක් නිර්මාණය කරලා, ඔහු මොනදේ කළත්, ආදරණීය පියෙකු විදියට මවලා ඔහු කෙරේ පාඨක අනුකම්පාව දනවන්න හැකිවේවි ද කියා මම, මගෙන්ම ඇහුවා. ඇමරිකන් හීනයේ කොටස් ගැන එකිනෙක පවසද්දි පිලිප් රොත් හා ඔබ අතර පවතින ඇසුර ගැන කිව්වොත් ? ඔව්, අනිවාර්යයෙන්ම. පිලිප්ගේ අවංකකමට මං කැමතියි. ඔහු කිසි දෙයක් සඟවාගෙන ඉන්න කෙනෙක් නොවෙයි, හැමදේම විවෘතව කියනවා. ඔහු මියයන්න මාස තුන හතරකට කලින් මට කතා කළා. වාර්ෂිකව නෙවාර්ක් පුස්තකාලයේදී පවත්වන පිලිප් රොත් දේශනය ගැන අපි කතාබහ කළා. මේ සැප්තැම්බරයේදී ඒ දේශනය ඔහුට එවන්න පුළුවන්ද කියලා ඇහුවා, මං කිව්වා පුළුවන් කියලා. The Golden House කෘතිය කියවූ බව කී ඔහු රටේ පවතින තත්ත්වය මනාව ඉදිරිපත් කර තිබෙන බවත් කීවා. ඇත්තටම ඒ වෙලාවේදී පුදුම සතුටක් දැනුණා. සාහිත්‍යය ලෝකේ මගේ වීරයා කිසිදාක මගේ කෘතීන් කියවාවි යැයි මං හිතුවේ නැහැ. මේ කෘතියේ ඉන්න නීරෝගේ බාල පුතා නිශ්චිත ලිංගික අනන්‍යතාවක් නැති කෙනෙකු විදියට හඳුනාගන්නට හැකියි. ඔබ මෙය සංවාදයට ලක්කරන්න භීතියක් දැක්වූවාද ? සම්පූර්ණයෙන්ම සංක්‍රාන්ති බවට පත්වූ පුද්ගලයින් දෙදෙනකු බොහොම සතුටින් පිරි ජීවිත ගතකරන බව මම දන්නවා. ඔවුන් දෙදෙනා මගේ සමාරම්භක ස්ථානය වුණත් මගේ දැනුම අබිභවා යන්න වුවමනා වුණා. බොහෝදෙනෙකු එක්ක කතාබහ කරලා නොදන්නා දේවල් දැනගන්න හැකිවුණා. ‘මේක හරි, මේදේ වැරදියි‘ කියනවට වඩා ‘මෙන්න මේ දේ තමා සිද්ධවෙන්නේ, මේ නිසා බෙහෙවින් කම්පනයට පුද්ගලයා මොහුයි, අපි මේ කම්පිත මිනිසා දෙස බලමු වගේ‘ දේවල් කෘතිය තුළ පවසන්න උත්සහ දැරීම මේ කෘතියේ සාර්ථකත්වයට බලපෑ බව මගේ විශ්වාසයයි. ඔබ වැඩිපුර කියවන්න කැමති මොන ශානරයන්ට අයත්‍ කෘතීන්ද ? මගේ තරුණ කාලේදී විද්‍යා ප්‍රබන්ධ වලට දැඩිව ඇළුම් කළා. කර්ට් වොනගර්ට් හා රේ බ්‍රැඩ්බරිගේ කෘතීන් කියෙව්වා, Astounding හා Amazing වගේ විද්‍යා ප්‍රබන්ධ සඟරා වල තිබුණු කියවන්න තරමක් අසීරු ලිපි වලටත් දැඩිව ඇළුම් කළා. මේ දවස් වල බොහෝ දුරට කියවන්න පෙළඹිලා ඉන්නේ විකල්ප ධාරාවේ ප්‍රබන්ධයන්. මේ වසරේදී එළිදුටු අතිශය ජනාදරයට පත්වූ කෘතීන් වලට වඩා Madame Bovary හා Lolita වගේ කෘතීන් කියවන්න කැමතියි. ත්‍රාසජනක නවකතා වලට වැඩි කැමැත්තක් නැති වුණත් ජෝන් ලී කේරී රචනා කළ රහස් පරීක්ෂක කතා කියවන්න කැමතියි. ඔබ වැඩියෙන්ම කැමති මුද්‍රිත කොළයක සටහන් වී තිබෙන අන්දමින් කියවන්නද ? නැත්නම් තිරයකින් කියවන්නද ? කොහේ හරි යන විටදි අයි පෑඩයෙන් කියවන්න මං හුරුවෙලා ඉන්නවා. අනික් වෙලාවට නම් පොතක් අතට අරන් කියවනවා තවම නොකියවූ සම්භාව්‍ය කෘතියක් නිසා ලැජ්ජා හිතෙන්නේ මොනවද ? ජෝර්ජ් එලියට් ගේ Middlemarch කියවන්න ආසාවෙන් ඉන්නවා. සාහිත්‍යය ලෝකේ ඔබේ වීරයා කවුද ? Ulysses වල ඉන්න ලියෝපොල්ඩ් බ්ලූම් චරිතය. හරක් මස් වගේ මට කන්න බැරි තරමේ කෑම කෑවත් ඔහු සාහිත්‍යයේ ඉන්න අතිවිශිෂ්ඨ චරිතයක්. ඔබේ කුඩා වියේදී වැඩියෙන්ම ඇළුම් කළේ මොනවගේ කෘතීන් වලට ද ? ඒ කාලේ වැඩියෙන්ම කියෙව්වේ කාගේ කෘතීන්ද ? ‘හොඳ‘ පොත් විතරක් කියවන්න කියලා මගේ අම්මා වත් තාත්තා වත් කිසිම වෙලාවක කිව්වේ නැහැ. බැට්මෑන් පොත් කියෙව්වා. විශිෂ්ට පාඨකයෙකු බවට පත්වීමේ ක්‍රියාවලියේදී ලේඛකයින් රැසකගේ කෘතීන් පරිශීලනය කරන්න හැකිවුණා. මුම්බායේ හැදී වැඩුණු නිසාම බටහිර ළමා සාහිත්‍යය අතර අපිට ලැබුණු හැමදේම කියෙව්වා, විනී ද පූහ් වගේ චරිත ගැන ඒ කාලේ කියවන්න නොලැබුණු නිසා ඒවා ගැන දැනගත්තේ පසුකාලීනවයි. ලුවිස් කැරොල්ගේ Alice වගේ චරිත වගේම රැන්සම්ගේ Swallows and Amazons කෘතියත් කියෙව්වා. නැවත නැවත කියවන්න කැමති කාගේ කෘතීන්ද ? සෝල් බෙලෝගේ The Adventure of Augie March හා Humboldt’s Gift කෘතීන් නැවත නැවත කියවන්න කැමතියි. ඒවගේම චාර්ල්ස් ඩිකන්ස්ගේ කෘතීන් වලටත් කැමතියි

ලෝකයේ කිසි තැනක ප්‍රජාතන්ත්‍රවාදය නැහැ – නවාල් අල් සඩාවි

October 04, 2018 0 Comments
ස්ත්‍රීවාදිනියක, ලේඛිකාවක, වෛද්‍යවරියක, මනෝ වෛද්‍යවරියක වන නවාල් අල් සදාවි පීතෘමූලික සමාජය ගැන හඬ නගන්නියකි. ඉස්ලාම් දහම තුළ කාන්තාවන්ට හිමිවන තැන පිළිබඳ මෙන්ම ස්ත්‍රී ලිංග ඡේදනය ගැන ද කතාබහ කරන ඇය, ‘අරාබි ලොව සීමොන් දි බොවාර්‘ යන අන්වර්ථ යමින් හැඳින්වෙයි. මේ වනවිට සිය දිවියේ 86 වන කඩඉම පසුකරමින් සිටින ඇය Arab Women’s Solidarity සංගමයේ නිර්මාතෘවරිය මෙන්ම සභාපතිනිය ද වන අතර Arab Women’s Solidarity සංගමයේ සමාරම්භිකාවක ද වෙයි. මෙහි පළවන්නේ Channel 4 පුවත් හි Ways to Change the World වැඩසටහනට ක්‍රිෂ්ණන් ගුරු මූර්ති ඇය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල අනුවර්තනයේ අවසන් කොටසයි. මිනිස්සු තමන්ගේ දරුවන්ගේ ලිංගඡේදනය කරන්නේ කාන්තාවන්ගේ ලිංගික සතුට මුලිනුපුටා දැමීමක් විදියටද ? ඔව්, අනිවාර්යයෙන්ම. කාන්තාවන්ගේ ලිංගික සතුට දුර්වල කරදමන්න හා හීන කරන්නයි. සිරුරේ තියෙන අති සංවේදී චර්ම කොටසක් කපාදමන්නේ ඇයි ?. පුරුෂයින්ගේ ලිංගාශ්‍රිත චර්මය කපාදමන්නේ ඇයි ?. යුදෙව් ආගම හා බැඳුණු ඉතිහාසයක් වගේම ලිංගිකත්වයට නැඹුරු වූ ඉතිහාසයක් මේකට තියෙනවා. ඒ මිනිස්සුන්ට ගැරහීමයි. එය අවහිර කිරීමක්. මිනිසෙකුගේ සිරුරේ තියෙන අතිශය සංවේදී තැනක් කපාදමන්නේ ඇයි ?. දෙවියන් ඉදිරියේ මිනිසුන්ව හාස්‍යයට ලක්කරන්නටයි. මිනිස්සු කෙරේ ආධිපත්‍යය පැතිරවීමේ අවශ්‍යතාවක් දෙවියන්ට තිබීම ඊට හේතුවයි. ඔබ, ඔබේ රටින් පිටවී ගොස් ස්වයං පිටුවහල් සමයක් ගත කළා ? ඔව්, අවුරුදු 20 ක් මේකට හේතු වුණේ මොකක්ද ? මට දිගින් දිගටම මරණ තර්ජන එල්ලවුණා. රජය මගේ ගෙදර ඉදිරිපිට ආරක්ෂක නිළධාරීන් යොදවා තිබුණා. නමුත්, ලේඛකයෝ හා වෙනත් වැදගත් පුද්ගලයින් මරාදැමුණේ මෙවැනි ආරක්ෂකයින් අතින්මයි. ඉතිං, මේ ආරක්ෂක නිළධාරීන් හෝ රජය ගැන ප්‍රමාණවත් තරම් විශ්වාසයක් මට තිබුණේ නැහැ. ඒ මොහොතේ මගේ සැමියා කියා හිටියා ‘ඔයා මේ රටින් යන්න ඕන‘ කියලා. මං රටින් පිටවුණේ ඒ හේතුව නිසයි. නිකරුණේ ඝාතනය වීමේ වුවමනාවක් මට තිබුණේ නැහැ. නමුත්, ඔබ කිසිම වෙලාවක සටන අත්හැරියේ නැහැ ? ඔව්, මේ සමයේදී මං නිර්මාණාත්මක කුසලතාව හා භින්නමතික බව ගැන පාසල් හා විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීම් සිදුකළා. ලේඛනය, ප්‍රකාශනය නැවැත්වූවේ නැහැ, මගේ වෑයම කිසිලෙසකින්වත් අත්හිටවූවේ නැහැ. ඔබ රටින් පිටවී හිටියත් ඊජිප්තුව සමග පැවති සබඳතා අඛණ්ඩව පවත්වාගත්තද ? හ්ම්, ඒ වගේ ලෝකයක් ඇතුළේ ජීවත්වෙද්දි පහසුවෙන්ම ඊ මේල් වගේ ක්‍රම වලින් පහසුවෙන්ම සන්නිවේදන කටයුතු කරගන්න පුළුවන්. කොහොමටවත් මගේ සබඳතා ජාලය බිඳවැටුණේ නැහැ. මිනිස්සු එක්ක බොහොම තදින් බැඳී හිටියා. අවුරුදු ගාණක් ගතවෙලා ගිහිං ආපහු මගේ රටටම ගියාම මා ලියූ, කියූ දේවල් ගැන මනාව දැනගෙන හිටි පුද්ගලයන් තහීර් චතුරස්‍රයේදී මුණගැහුණේ මේ හේතුව නිසයි. ඉතිං, ඇත්තටම මං කවදාවත් හැබෑවටම මං ස්වයං පිටුවහලක පසුවුණේ නැහැ. ඔබ ආපහු ඊජිප්තුවට යන්නේ හරියටම අරාබි වසන්තයට කලින් නේද ? ඔව්. ඔබ අරාබි වසන්තය දකින්නේ මොන විදියටද ? මේ ගැන දැක්මවල් දෙකක් තිබෙනවා. අරාබි ලෝකයේ ඇතිවුණු විප්ලවය කළේ ඇමරිකානුවන් බව එක් පිරිසක් කියනවා. (සිනාසෙමින්). ඔවුන් කියන්නේ මුබාරක්ට එරෙහිව මිනිස්සු මිලියන ගාණක් පාරට බස්සන්න ඇමරිකාවට හැකිවුණු කතාවක්. මේක විකාර කතාවක්. මොකද තහීර් චතුරස්‍රයට මිලියන ගණනින් මිනිස්සු එක්රොක් වෙලා හිටියා. මේක ඇමරිකාව උසිගැන්වුව දෙයක් කියනවා නම් ?. නැහැ. මේක විප්ලවයක්. ඇත්තටම, මේක නැවැත්තුවේ ඇමරිකාව, ඊශ්‍රායලය හා ඊජිප්තු ආණ්ඩුවයි. මේ පිරිස මිනිස්සුන්ට බය වුණු නිසා මේක නවත්වන්න සිද්ධවුණා. හැබැයි අරාබි විප්ලවය නවත්වන්න මේ කිසිවෙකුට හැකියාවක් තිබුණේ නැහැ. සමස්ත අරාබි ලෝකයේ හා ඊජිප්තුව ඇතුළේ කරපු විප්ලවයේ ශක්තිය මෙහිදී දැකබලාගන්න හැකිවුණා. මිනිස්සුන්ව මොනම බලවේගයකින්වත් වළක්වන්නට නොහැකි නිසා මෙය ඉදිරියටත් අඛණ්ඩව සිද්ධ වේවි. ඔබ හිතන විදියට අරාබි වසන්තය නවත්වන්න උත්සහ කළේ ඇයි ? ඔවුන් මොහොමඩ් මුර්සිව බලයට පත්කරන්න උත්සහ ගත්තා. මුර්සි හෝ මුස්ලිම් සහෝදරයින් ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් දේශපාලනයට තේරීපත්විය යුතු බව ඔවුන් පැවසුවා. මේ කතාව මඟහැරයාමක් එහෙම කියන්නේ ඇයි ? ලෝකයේ කිසි තැනක ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. මං වසර 20 ක් තිස්සේ ජීවත් වුණේ ඇමරිකාවේ. එහි පවා කිසිදිනක ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැ. බිල් ක්ලින්ටන්, ඔබාමා, ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නවුන් පවා ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් තේරීපත්වුණේ නැහැ. මොවුන් අරමුදල් එකතු කළා. ඊජිප්තුවට ආවත් මුර්සි ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් තේරී පත්වුණු බව දැකගන්න ලැබේබි. ඇත්ත ඒක නෙමෙයි, තහීර් චතුරස්‍රයේදී මං හිලරි ක්ලින්ටන්ව දුටුවා. නමුත් මේ සියල්ලටම ඔවුන් මුදල් යට කළා. හිලරි ක්ලින්ටන් – ඩොනල්ඩ් ට්‍රම්ප් පවා මේ දේ කළා. මුස්ලිම් සහෝදරයින් බලයට පත්කරවන්න ඔවුන්ට වුවමනා වුණා. මේ විප්ලවය හරහා බිහිවන ආණ්ඩු විප්ලවවාදී වේවි කියන බය ඔවුන් තුළ තිබුණා. මේ පිරිස දිගින් දිගටම කිව්වේ මුස්ලිම් සහෝදරයින් හොඳයි කියන කතාවයි. ‘අපි මේ මුස්ලිම් සොහොයුරන්ට සහයෝගය දෙමු‘ කියන ස්ථාවරයේ ඔවුන් හිටියා. අධිරාජ්‍යවාදී හා යටත්විජිතවාදී බලය මෙහිදී දැකගන්නට හැකියි. මේ බලය වැඩි කැමැත්තක් දැක්වූවේ සමාජවාදී විප්ලවයකට වඩා ඉස්ලාම් ආගම මුල්කරගෙන සිදුවන විප්ලවයකටයි. ලෝකයේ කිසිම රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයෙකු තේරී පත්වෙන්නේ නැහැ. මං මේ කියන්නේ හැබෑවක්. ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති කවුද ?. ට්‍රම්ප්, ඔබාමා ගත් විට පවා මේ තත්ත්වය දැකගන්නට හැකිවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මිරිඟුවක්. ප්‍රාග්ධනවාදී, අධිරාජ්‍යවාදී, පුරුෂ මූලික ආගමික පද්ධතියක් ඇතුළේ කොහොමටවත් අපිට ප්‍රජාතන්ත්‍රවාදය දකින්න බැහැ. ඒ ඇයි ? ඔවුන්ට මුදල් ඕන. ආගම, ප්‍රාග්ධනය, අධිරාජ්‍යවාදය මකා දැමුවොත් එතැන ඉතිරිවෙන්නේ සමාජවාදය පමණයි. එතැන තවදුරටත් ආණ්ඩුවක් ඉතිරිවෙන්නේ නැහැ. මිනිස්සු සතුව තිබෙන හැබෑ බලයට ඔවුන් දැඩි ලෙස බිය වෙනවා. ඉතිං, කොහොමටවත් ප්‍රජාතන්ත්‍රවාදයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද ?. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හැබෑම, හැබෑ නිදහසයි. අප ප්‍රජාතන්ත්‍රවාදය නමින් හඳුන්වන දේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය වෙන්නේ නැත්නම් මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ ජීවත්වෙන්නේ ඇයි ? ඒකට හේතු වෙන්නේ මිනිස්සු දැඩි පීඩනයෙන් හා කිසිදු සංවිධානාත්මක ගතියකින් තොරව ජීවත්වීමයි. සංවිධානගත වීමෙන් අපව වළක්වා තිබෙනවා. මං තනිව ලේඛනයේ යෙදෙන කාලයේදී අතිශය ජනප්‍රිය තරුවක් වුණත් මේ පිරිස කොහොමටවත් සංවිධාන ගතවුණේ නැහැ. මම කාන්තාවන් වගේම පිරිමින් ද එකසේ සංවිධාන ගතකිරීම ආරම්භ කරපු නිමේෂයේදී, අතිශය අන්තරායදායක කෙනෙකු බවට මං පත්වුණා. ඇත්තටම, මෙහේ ඉන්න මිනිස්සු සංවිධාන ගතවෙලා නැහැ මිනිස්සු මේ විදියට සංවිධානගතවීම කිසිම ආණ්ඩුවක් නවතා දමන්නේ නැහැනේ ? මිනිස්සු සංවිධානගතවු පමණින් කිසිම ආණ්ඩුවක් ඇවිත් මීට සම්බන්ධ පිරිස් සිරගත කරන්න කටයුතු කරන්නේ නැහැනේ. අපි ජීවත්වෙන බ්‍රිතාන්‍යයේ පවා එහෙම දේවල් වෙන්නේ නැහැ ? නමුත්, බොහොම සියුම් විදියට ඒ දේ කරනවා. ඇමරිකාව එය කරන විදිය මම දන්නවා. ඇමරිකාව තුළ සංවිධානගත වෙන්න බැහැ. ඔවුන් එය නවතාදමන්නේ කොහොමද ? ආණ්ඩුව විරුද්ධ වෙනවා. ධනවාදී ලෝකය නවතාදමන්න කිසිම ආණ්ඩුවකට බැහැ. ඇමරිකාවේදී සමාජවාදී විප්ලවයක් කරන්න බැහැ. ඔවුන් ඔබව මරාදමාවි. මරාදමාවි සමහරවිට සමාජවාදී ක්‍රමයකට ගමන් කරන්න තරමේ ප්‍රමාණවත් පුද්ගලයින් සංඛ්‍යාවක් නැහැ නේද ? ඇමරිකාවේ සමාජවාදීන් ඉන්න බව ඔබ හිතනවාද ? ගොඩක් මිනිස්සු ඉන්නවා. බහුතරයක් වන ජනතාව, මගේ හැම මිතුරෙක්ම පවා සමාජවාදීන්. ඔවුන් ට්‍රම්ප්ට දැඩි ලෙස විරුද්ධයි. ඔහුට එරෙහිව මිලියන ගාණක ජනතාවක් ඉදිරියට එනවා. නමුත්, ඔවුන්ට කිසිමදෙයක් කරගන්න බැහැ. ඇයි ඒ. මිලියන ගාණක මිනිස්සු ට්‍රම්ප්ට එරෙහිව, ඉරාක යුද්ධයට එරෙහිව, පලස්තීන යුද්ධයට එරෙහිව පෙරට එන්නේ ඇයි ?. මිනිස්සු මෙහෙම ඉදිරියට ආවත් ඔවුන්ට කිසිවක් වළක්වාගන්න පුළුවන්කමක් තිබුණද ?. ඒ ඇයි ? මේ හැමෝටම ඔබ දෙන පණිවිඩය මොකක්ද ? මේ පිරිස එක්වෙලා ලෝකය වෙනස් කරන්න දැරිය යුතු උත්සහය මොකක්ද ? කරුණු දෙකක් වැදගත්වෙනවා. සංවිධානගත වීම හා මිනිස්සුන්ව නැවත දැනුමින් සවිබල ගැන්වීම නැත්නම් දැනුවත් කිරීම යන්න අතිශය වැදගත් වෙනවා. මාධ්‍ය මගින් මිනිස්සුන්ගේ අදහස් දැඩි ලෙස වෙනස්කර තිබෙන නිසාම ඔවුන්ට ඉගැන්වීම අතිශය වැදගත් වෙනවා. මං මහාචාර්යවරියක ලෙස ඇමරිකාවේදී උපාධි අපේක්ෂකයින්ට ඉගැන්වුවා. මේ පිරිස දේශපාලනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඔවුන් දැනුමින් සන්නද්ධ අය නොවෙයි. මොවුන් තුළ නූගත් බව තිබුණත් දැනුම තිබුණේ නැහැ. මිනිස්සුන්ව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. සාම්ප්‍රදායික අධ්‍යාපනය පසෙක දැමිය යුතුයි. නිර්මාණාත්මක ගුණාංග ඉගැන්විය යුතුයි. මං ඔවුන්ට කියාදුන්නේ එයයි. නිර්මාණාත්මක ගුණාංග තමා තුළ ඇතිකරගැනීම හා නිසි ඉගෙනුමක් නැති අය දැනුමින් සවිබල ගැන්වීම හරහා කාන්තාවන් වගේම පිරිමින් ද ඔවුන්ගේ අයිතීන් ගැන ඉගෙනගෙන සංවිධානගත වෙන්න පටන්ගනීවි. පුරුෂ මූලික සමාජය, ධනවාදය, ආගමික පීඩනය ගැන ඔබ කතාකළා. මේ අදහස් වලට එරෙහිව එකවර සටන් කිරීම හෝ එකින් එක මේ අදහස් වලට එරෙහිව සටන් කිරීමට හැකියාවක් තිබෙනවාද ? පළවෙනි දේ දැනුවත්වීම, මොකද බලාහිඳීම අපව නොදැනුවත් අය බවට පත්කරනවා. අධ්‍යාපනය රැඳී තිබෙන්නේ යථාර්තය සරළ කිරීම මතයි. මේ දේවල් අපේ ඔළුවේ තියෙනවා. ආගම, ලිංගිකත්වය, වෛද්‍ය විද්‍යාව, ඉතිහාසය මේ හැමදේම අපේ ඔළු ගෙඩි වලට ඇතුල් කරවනවා. කිසිම දෙයක් නොදැන අපි මැරිලා යන්නේ ඒ නිසයි. නමුත්, නිර්මාණාත්මක බව කියන්නේ අපට පෙරගමන් පෙන්වන, සාමූහිකත්වය ඇතිකරවන, මේ හැමදේම එකිනෙකට සම්බන්ධ කරන දේවල්. අද වෙද්දි සමාජ මාධ්‍ය හරහා මීට අනුබල දෙනවා දැකගන්නට හැකියි. මිනිස්සුන්ව එකිනෙකාගෙන් වෙන් කිරීමේ අවශ්‍යතාවය ධනවාදීන්ට තිබෙනවා සමාජ මාධ්‍ය මිනිස්සු එකිනෙකාගෙන් වෙන්කරන්නේ ඇයි ? හිතාමතා නොවුණත් මිනිස්සු හිරගත කිරීම සිදුකරනවා. තවදුරටත් ඔවුන් එකිනෙකා සමග මුණගැහෙන්නේ නැහැ. සමාජ මාධ්‍ය මිනිස්සුන්ට සංවිධානගත වෙන්න වැදගත් වෙන්නේ නැද්ද ? සමහර අවස්ථාවලදී වැදගත් වෙනවා. ෆේස්බුක්, ට්විටර් වගේ මාධ්‍යයන් මිනිස්සු ඒකරාශී කරන්න වැදගත් වුණත් ඔවුන්ව දැනුම්වත් කරන්න වැදගත් වෙන්නේ නැහැ. මේක අතිශය අසීරු කාර්යයක් වන නිසා දැඩි කැපවීමක් අත්‍යවශ්‍ය වෙනවා. මිනිස්සු තමන්ගේ ජීව විද්‍යාත්මක පවුලට පමණක් වාසි සැලසීම ගැන නොසිතිය යුතුයි. දරුවන්, පවුල එකිනෙකාගේ ආශාවන් බවට පත්වෙනවා. පවුල ගැන යාඥාවන් කරන්නේ ඒ නිසයි. රජය තුළ පවා පවුල යන්න වැඳුම් පිදුම් වලට ලක්වෙනවා. හැමකෙනාම අමාරුවෙන් වැඩ කරලා දරුවන්ට කන්න බොන්න දෙන්න වෙහෙසෙනවා. තමන් ගැන විතරක් හිතන පවුලක් වුණත් මේ පවුල සමාජයට විවෘත නැහැ. ඒවගේම සමාජවාදී සංවිධානයකුත් නෙවෙයි. අපිට මේ ගැන කතාකරන්න බැහැ. ඔබ සර්ව අශුභවාදියෙක්ද ? නැහැ, කොහොමටවත් නැහැ. කවුද කිව්වේ ? ඔබ කිව්වා මේවා කිසි දිනක සිද්ධවෙන්නේ නැහැ කියලා. ඒකයි ? නැහැ, නැහැ. මේවා සිද්ධවෙන්න පුළුවන්, නමුත් අපි දැනුවත්වීම අත්‍යවශ්‍යයි. අපි හැමෝම සාමූහිකව අරගල කරන්න ඕන. මං තදබල විදියේ සර්ව සුබවාදීයෙක්. මං කොහොමටවත් අශුභවාදය ගැන විශ්වාස කරන්නේ නැහැ. සිරගෙයි ගතකළ අවදියේදී පවා මං දැඩිව බලාපොරොත්තු තබාගත් කෙනෙක් වුණා. අති දරුණුම අත්දැකීම් වලදී පවා මං බලාපොරොත්තු කඩකරගත්තේ නැහැ. ඉතිං අපි මේ අරගලය ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ද අඛණ්ඩව රැගෙන යා යුතුයි. අපිට තනිව ඊජිප්තුව ඇතුළේ පමණක් සටන් කරන්න බැහැ. මේක විශ්වීය අරගලයක්. විශ්වීය අරගලයක්. දේශීය වශයෙන් මීට දායක විය යුතුයි. එකිනෙකා එකම අරමුණක් වෙත ගමන් කිරීම තුළින් මෙය සාර්ථක කරගන්නට හැකියි. මෙය සදාකාලික අරගලයක්ද ? ඔව්, අනිවාර්යයෙන්ම. ඔබට දකින්නට වුවමනා ලෝකය කවදා හෝ එළඹේවිද ? ඔව්, අනිවාර්යයෙන්ම. කවද්ද ? ඒ දවස උදාවේවි. මං ලෝකය ගැන ඒ තරම් හිතන්නේ නැහැ. ඉතිහාසය දිහා බැලුවොතින් මේවා වෙන්නේ කවද්ද කියලා කියන්න බැහැ. ඉතිහාසය කියන්නේ ඉතිහාසයටයි. ජීවිතය වෙනස් වෙනවා. අද අපි ගෙවන්නේ මීට වසර 100 කට එහා ගතකරපු ජීවිතේට වඩා හොඳ ජීවිතයක්. ඉතිහාසය දිහා බලන්න, සර්වශුභවාදී විය යුතු බව එවිට ඔබට වැටහේවි. https://youtu.be/djMfFU7DIB8