Friday, April 1, 2016

April 01, 2016 0 Comments

කාන්තා නිරුවත කලාවක් වූ කල




කාන්තා නිරුවත දකින්නට වගේම ඒ ගැන කතාබහ කරන්නත් බොහෝ දෙනෙක් කැමතියි. හැබැයි මේ නිරුවත කලාවක් බවට පත්වුණොත් ? 

Anita Slavin Arkin Steckel නැත්නම් Anita Steckel කාන්තාවන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි තැනැත්තියකි. කෙටියෙන්ම කිවහොත් ස්ත‍්‍රීවාදිනියකි. රුසියානු යුදෙව් පවුලක ඉපදුණු ඇය සිය කලා කුසලතාවන් පෙන්නුම් කරන්නට පටන්ගත්තේ 60 දශකයේ අගභාගයේ පමණදීය.



"Giant Woman" 


කලාකාරිනියක ලෙසින් Anita Steckel සුවිශේෂී චරිතයක් බවට පත්වෙන්නේ "Giant Woman"යන සංකල්පය තේමාකරගත් ඇගේ නිර්මාණ ආකෘතිය තුළිනුයි.

Anita ගේ "Giant Woman" සංකල්පයට අනුව දැවැන්ත නගර වල විවිධ ස්ථාන වලදී ගත් ඡුායාරූප මත සිටින නිරුවත් දැවැන්ත කාන්තා රූප නිර්මාණය වුණා. කාන්තා විමුක්ති ව්‍යාපාර තේමාව මූලික කොටගත් මෙම රූප මගින් ‘‘ප‍්‍රමාණය ඉක්මවා ඇතිදැඩි වුණු කාන්තා චරිත’’ ආදිය නිරූපණය කෙරුණා. 


Anita ගේ නිර්මාණ නිව්යෝර්ක් නගරයේ පිහිටා තිබෙන කාන්තා මධ්‍යස්ථානයේදී ඉදිරිපත් වූ අතර ස්ත‍්‍රීවාදී කලා නිර්මාණ ඉදිරිපත් කළ කලාකරුවන් වුණු ජූඩි චිකාගෝ, මාරියම් ෂපිරෝ හා ෆේත් රින්ගෝල්ඞ් ආදීන්ගේ ආභාසය නිරන්තරයෙන්ම ඇය හට හිමිවුණා.

ඇගේ නිර්මාණ ප‍්‍රදර්ශනයන් වලදී වඩාත් ආන්දෝලනයට තුඩුදුන් අවස්ථාවක් වූයේ 1973 දී රොක්ලන්ඞ් ප‍්‍රජා පාසලේදී පැවැති  The Sexual Politics of Feminist Art ප‍්‍රදර්ශනයයි. මේ අවස්ථාවේදී එහි නිරූපණය කර තිබුණු කලාකෘති සියල්ලම පාහේ නිරුවත් සේයා රූ වූ නිසාවෙන්ම මෙම ප‍්‍රදර්ශනය නවතා දැමීමට පවා බලධාරීන්ගෙන් නියෝග ලැබුණා.



හැනා විල්කි, ලූවී බෝර්ජියස්, ජුඩිත් බර්න්ස්ටයින්, මාර්තා ඊඞ්ල්හෙයිට්, ඉයුන්සි ගෝල්ඩන්, ජොනිටා මැක්නීලි, බාබරා නෙසීම් හා ජෝන් සෙමෙල් ඇතුළු පිරිස වාරණයට එරෙහිව ගොඩනගාගත් සංවිධානයක් වූ  "The Fight Censorship Group" සමූහයේ ද ඇය සාමාජිකත්වය දැරුවා. 

1930 දී ඉපදුණු Anita සිය 80 වන වියද පසුකර 2012 වසරේදී මියගියේ නිරුවත් කලා භාවිතාවක් තුළින් කාන්තාවන් පිළිබඳ කතාබහ කිරීමට දැරූ තැනැත්තියකි ලෙසිනුයි. 
ජනප‍්‍රිය සංස්කෘතිය ඇසුරින් නිර්මාණය වුණු Pop කලාංගයන්ට අභියෝගයක් වෙමින්   "mom art" නමින් නවතම කලාංගයක් ඉදිරිපත් කිරීමට ද ඇයට හැකියාව ලැබුණා.



හොඳ නරක ?

‘‘සෘජු වුණු පුරුෂ ලිංගයේ, කෞතුකාගාරයේ තබන්නට තරම් වැදගත්කමක් නැතිනම්, එය කාන්තා සිරුරට ඇතුල් කරන්නට තරම් වූ වැදගත්කමක් නැත යන්න ද සැලකිය යුතු නැත.'' Anita Steckel