Friday, November 6, 2015

November 06, 2015 0 Comments
පාලකයින්ගෙන් එල්ලවන පීඩනයට එරෙහිව සුළුතරය හඬ නගන විට ඔවුන්ගේ හඬ වෙමින් සමාජය අවදිකිරීමේ නියැලී සිටින නිර්මාණකරුවෝ ද ඒ හඬට වටිනා ශක්තියක් එක්කිරීමට දායක වෙති. 1989 දී හොඳම තිර රචනයට හිමි ජාතික සම්මාන දිනාගත් අරුන්දතී රෝයි සිය සම්මානය නැවත ඉන්දීය රජයට භාර දී ඇත. අරුන්දතී රෝයි බුකර් සම්මානලාභිනියක් ද වන්නීය.

ලේඛකයින්, සිනමා නිර්මාණකරුවන් හා බුද්ධිමතුන් වැනි ඉන්දියාවේ සුප‍්‍රකට චරිත ගණනාවක් රටතුළ වර්ධනය වන නොසන්සුන්කාරී තත්ත්වයට විරෝධය පා සිය සම්මාන නැවත ඉන්දීය රජයට භාරදෙමින් සිටිති. මේ පිරිස අතරට එකතුවෙමින් සිය ජාතික සම්මානය නැවත භාරදීම පිළිබඳ අදහස් දැක්වූ රෝයි පැවසුවේ ‘මට ගොඩක් ආඩම්බරයි’ යන්නයි.

සුළුතරයට එරෙහිව එල්ලවන ප‍්‍රහාර, හේතුවාදීන්ට එරෙහිව එල්ලවන ප‍්‍රහාර, නිදහස් ප‍්‍රකාශනයට එරෙහිව එල්ලවන තර්ජන, හරක්මස් තහනම් කිරීමට එරෙහිව එල්ලවන බලකිරීම්, භාරතීය ජනතා පක්ෂය හා රාෂ්ටි‍්‍රය ස්වාමිසේවක් පක්ෂයේ නායකයින් විසින් සිදුකරන ක‍්‍රියාවන්ට එරෙහිව විරෝධතාව පළකරමින් නිර්මාණකරුවන් ගණනාවක් ඔවුන්ට හිමිවූ ජාතික සම්මාන ඉන්දීය රජයට නැවත භාරදුන්හ.

කලාකරුවන් හා බුද්ධිමතුන් විසින් සිදුකරන මේ විරෝධතාවය ඉතිහාසයේ පෙර නොවූ විරූ අපූර්ව කටයුත්තක් වන බව අරුන්දතීගේ අදහසයි. 1989 දී අරුන්දතී රෝයි ට හොඳම සිනමාපට තිර රචනය වෙනුවෙන් පිදෙන සම්මානය හිමිවූයේIn Which Annie Gives it Those Ones  වෙනුවෙනි.

මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ අරුන්දතී පැවසුවේ ‘‘නැවත භාරදීමට හැකිවූ ජාතික සම්මානයක් මට හිමිවීම පිළිබඳ මා සතුටට පත්වෙනවා. ලේඛකයින්, සිනමා නිර්මාණකරුවන් හා බුද්ධිමතුන් මතවාදීමය දුෂ්ටකම් හා අඩන්තේට්ටම් වලට එරෙහිව නැගී සිටීම ගැන මට සතුටුයි. මේ ප‍්‍රහාරය එල්ලවුණේ අපේ නිර්මාණශීලී චින්තනයටයි. මීට එරෙහිව අප නැගී නොසිටියා නම් දවසක ගැඹුරු වළක් තුළ අපව වළදමා තියේවි.’’ රෝයි ද ඉන්දියන් එක්ස්ප‍්‍රස් වෙත ලිපියක් ලියමින් පැවසුවාය.

‘‘තවත් පසෙකින් මේ එල්ලවන විරෝධතාවන් තුළ දේශපාලනයද ඇතුළත් වී තිබෙනවා. ඒ නිසා මේ විරෝධතා වල කොටස්කරුවකු වීම මට මහත් ආඩම්බරයක්. මේ වෙද්දි ඉන්දියාව තුළ සිද්ධවෙන දේවල් ගැන මට ලැජ්ජයි’’ අරුන්දතී මෙහි සදහන් කර තිබුණාය. ඇගේ අදහස වී තිබෙන්නේ ඉන්දියාව තුළ සිදුවන සිද්ධි විස්තර කිරීමට යොදාගත යුතු වදන ‘නොසන්සුන්කාරී වාතාවරණය’ නොවන බවයි යන්නයි.

පළමුවෙන්ම, නඩු නැතිව දඬුවම් පැමිණවීම, වෙඩි තැබීම, ගිනි තැබීම් හා ඝාතන රැල්ලට යොදන නාමය වන ‘නොසන්සුන්කාරීත්වය’ යන අදහස වැරදියි. කලින් එවූ ලිපි ගණනාවක් අපට තිබෙනවා. බලවත් බහුතරයේ ඡුන්දයෙන් පත්වූ මේ රජය දැන් සිදුකරන දේවල් වලින් කම්පනයට පත්වී සිටිනවා. මේ වනවිට සිදුවන භයංකර ඝාතනයන් අති දරුණු ආබාධයක රෝග ආබාධ බවට පත්වී තිබෙනවා. මෙවැනි රටක් තුළ ගෙවන ජීවිතයද අපායක් වගෙයි. ඉන්දියාවේ සිටින සුළුතර ජන කොජස් වන දලිට්ස්, ආදිවාසීන්, මුස්ලිම් හා ක‍්‍රිස්තියානි පිරිස් මහත් භීතියෙන්, අවිශ්වාසයෙන් මෙන්ම කුමන වෙලාවක කවුරුන් හෝ පැමිණිලා පහර දේ යැයි යන බියෙන් පසුවෙනවා.

Babasaheb Ambedkar  වරෙක පැවසූවේ ‘‘හින්දු ආගම හැබෑවටම කුලහීනයන්ට තැතිගැන්ම දනවන්නක්’‘ යන්නයි. පහරකෑමට ලක්නොවී, නඩු නැතිව ලබාදෙන දඬුවම් විඳිමින්, වෙඩි තබමින් හෝ සිරගත නොවී ආගමේ නාමයෙන්, ඔවුන්ට ආගමෙන් දඬුවම් විඳින්නට සිදුවෙනවා. Saadat Hasan Manto එක් අවස්ථාවකදී Letters to Uncle Sam හිදී ආගමේ නාමයෙන් විඳින්නට සිදුවන වේදනා ගැන වරෙක රචනා කළා. අද ඉන්න ලේඛකයින්ට ඔවුන්ගේ අදහස් එලෙස නිදහසේ ඉදිරිපත් කිරීමට හැකිද ?. අද අපට නිදහසේ අදහස් කිරීමට ඉඩක් නැත්තම් බුද්ධිමය වශයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන, මෝඩයින් පිරිසක් ඉන්න සමාජයක් බවට ඉන්දීය සමාජය පත්වේවි. මුළු මහත් ආසියා මහද්වීපය පුරාම ජාතිය පහත් මට්ටමින් සලකන රටක් බවට ඉන්දියාව පත්වී තිබෙනවා. අද පවතින ඉන්දියානු සමාජයත් මීට එක්වී සිටිනවා. ඒ මදිවට මේ වනවිට හැමදෙයක්ම කපා කොටන වාරණයත් දැඩිව පවතිනවා. ’’ රෝයි සිය ලිපියේදී සදහන් කර තිබුණාය.

‘‘කොහොම වුණත් නුදුරේදීම වෙනසක් පැමිණෙනවාමයි. ඒ වෙනස ලේ වගුරවන සුළු එකක් හෝ සුන්දර වූවක් හෝ විය හැකියි. එහි සුන්දර බව හෝ අසුන්දර බව රැුඳී තිබෙන්නේ අප මතම යි.’’
 අරුන්දතී රෝයි
November 06, 2015 0 Comments
[‘‘කිසිවකට අපව මරණයෙන් ගළවාගත නොහැකි නම්, අඩුම තරමින් ආදරය වත් අපව
ජීවිතයෙන් ගලවාගත යුතුයි.’

නිර්මාණකරුවන්ගේ හඬ යටපත් කළ නොහැකි තැන සිදුවන්නේ රාජ්‍ය තන්ත‍්‍රයේ අදිසි හස්තය වන බලය යොදාගනිමින් ඔවුන්ව ඝාතනය කිරීමයි. බොහෝවිට එවැනි ඝාතනයක් කිසිසේත්ම ලෝකයෙන් යටපත් කළ නොහැකිය.  

පැබ්ලෝ නෙරූඩාගේ චිලියේ ජීවත් වූ සුවිශේෂී කවියෙකු මෙන්ම රාජ්‍ය තාන්ත‍්‍රික නිළධාරියකු ද වෙයි. නෙරූඩා ව ඝාතනය කළේ  ඕගස්ටෝ පිනෝචේගේ පාලන තන්ත‍්‍රය බව චිලි රාජ්‍ය මේ වනවිට පිළිගෙන ඇත. 

බොහෝවිට නෙරූඩා මියගියේ පිළිකා රෝගය නිසා නොවන බව මේ වනවිට තහවුරුවෙමින් පවතියි. 1973 දී චිලියේ සිදුවූ කැරැුල්ලෙන් පිනෝචේට බලය හිමිවීමෙන් අනතුරුව නෙරූඩා මරාදැමුණු බව මේ වනවිට අනාවරණය වෙමින් පවතියි. 

නෙරූඩාගේ මරණයට හේතුවූ කරුණු පිළිබඳ මේ වනවිට සොයාබලමින් සිටියි. මේ පිළිබඳ ප‍්‍රකාශයක් නිකුත් කළ චිලියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති පවසන්නේ නෙරූඩා මියගියේ පිළිකා රෝගයකින් නොවන බවයි. 

ස්පාඤ්ඤයේ El Pais  පුවත්පත වෙනුවෙන් චිලියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මේ වසරේ මාර්තු මාසයේදී ප‍්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ ‘‘නෙරූඩාගේ මරණය සිදුවූයේ තුන්වන පාර්ශ්වයක මැදිහත්වීම යටතේ වන බවට වූ හෙළිදරව් කිරීම් මේ වනවිට සිදුවන බවයි.’’ 

කෙසේවුවත්, නෙරූඩාගේ මරණය පිළිබඳ චිලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීම යටතේ විශේෂඥයින්ගේ මැදිහත්වීම යටතේ පරීක්ෂණයක් පවත්වනු ඇත. 

නෙරූඩා රචනා කළ පේ‍්‍රමාන්විත කවි පිළිබඳ ඔහුට දැවැන්ත කීර්තියක් අත්විය. වාමාංශික දේශපාලඥයකු හා රාජ්‍ය තාන්ත‍්‍රිකයකු වූ නෙරූඩා සැල්වදෝර් අයියන්දේ ගේ සමීප හිතවතකු ද වූවේය. සැල්වදෝර් අයියන්දේ ලතින් ඇමරිකානු කලාපය තුළ පත්වූ පළමු මාක්ස්වාදී ජනාධිපති වූ අතර පිනෝචේගේ සෙබළුන් විසින් ඔහුව අල්ලාගැනීමට ප‍්‍රථම 1973 දී අයියන්දේ සියදිවි නසාගත්තේය. 
69 හැවිරිදි වියේ පසුවූ නෙරූඩා පුරස්ථි ග‍්‍රන්ථියේ ඇතිවූ පිළිකාවකින් පීඩා විඳිමින් සිටි අතර ඔහුගේ මිතුරාගේ මරණයෙන් පසු දැඩිලෙස කම්පනයටද පත්ව සිටියේය. රටින් පිටුවහල් වී සිටීමට නෙරූඩා සැලසුම් කරගෙන සිටි අතර චිලියේ ආඥාදායක පාලනයට එරෙහිව හඬ නැගූ දැවැන්ත චරිතයක් ලෙසද ඔහුව නම්කළ හැකිය. 
නමුත්, අවාසනාවකට මෙන් නෙරූඩාට රටින් පිටවීමට තව එක්දිනක් පමණක් ඉතිරිව තිබියදී ඔහුට ගමන් කිරීමට සිදුවූයේ සන්තියාගෝහි තිබූ සාන්ත මරියා රෝහල වෙතය. එහිදී නෙරූඩාගේ පිළිකා රෝගී තත්වය උදෙසා ප‍්‍රතිකාර සිදුකෙරුණි. නෙරූඩාගේ මරණයෙන් පසුව තීරණය කෙරුණේ ඔහු පිළිකා රෝගය නිසා මියගිය බවයි. නමුත්, ඔහුගේ මරණය පිළිබඳ වූ පරීක්ෂණ 2013 වර්ෂයේ සිටම පැවැත්වේ. 

නෙරූඩාගේ මරණයට පෙර විෂක් ශරීරගත වූ බවට සැකයක් මතුවූ අතර ඒ පිළිබද පරීක්ෂණ සිදුවූ අතර එවැන්නක් සිදුවී නැතිබව හෙළිදරව් විය. නෙරූඩාගේ රියදුරා මේ තීරණයට එකග නොවූ අතර තවදුරටත් පරීක්ෂණ සිදුවිය යුතු බවට 2013 වසරේදී තීරණය විය.