Friday, November 6, 2015

[‘‘කිසිවකට අපව මරණයෙන් ගළවාගත නොහැකි නම්, අඩුම තරමින් ආදරය වත් අපව
ජීවිතයෙන් ගලවාගත යුතුයි.’

නිර්මාණකරුවන්ගේ හඬ යටපත් කළ නොහැකි තැන සිදුවන්නේ රාජ්‍ය තන්ත‍්‍රයේ අදිසි හස්තය වන බලය යොදාගනිමින් ඔවුන්ව ඝාතනය කිරීමයි. බොහෝවිට එවැනි ඝාතනයක් කිසිසේත්ම ලෝකයෙන් යටපත් කළ නොහැකිය.  

පැබ්ලෝ නෙරූඩාගේ චිලියේ ජීවත් වූ සුවිශේෂී කවියෙකු මෙන්ම රාජ්‍ය තාන්ත‍්‍රික නිළධාරියකු ද වෙයි. නෙරූඩා ව ඝාතනය කළේ  ඕගස්ටෝ පිනෝචේගේ පාලන තන්ත‍්‍රය බව චිලි රාජ්‍ය මේ වනවිට පිළිගෙන ඇත. 

බොහෝවිට නෙරූඩා මියගියේ පිළිකා රෝගය නිසා නොවන බව මේ වනවිට තහවුරුවෙමින් පවතියි. 1973 දී චිලියේ සිදුවූ කැරැුල්ලෙන් පිනෝචේට බලය හිමිවීමෙන් අනතුරුව නෙරූඩා මරාදැමුණු බව මේ වනවිට අනාවරණය වෙමින් පවතියි. 

නෙරූඩාගේ මරණයට හේතුවූ කරුණු පිළිබඳ මේ වනවිට සොයාබලමින් සිටියි. මේ පිළිබඳ ප‍්‍රකාශයක් නිකුත් කළ චිලියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති පවසන්නේ නෙරූඩා මියගියේ පිළිකා රෝගයකින් නොවන බවයි. 

ස්පාඤ්ඤයේ El Pais  පුවත්පත වෙනුවෙන් චිලියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මේ වසරේ මාර්තු මාසයේදී ප‍්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ ‘‘නෙරූඩාගේ මරණය සිදුවූයේ තුන්වන පාර්ශ්වයක මැදිහත්වීම යටතේ වන බවට වූ හෙළිදරව් කිරීම් මේ වනවිට සිදුවන බවයි.’’ 

කෙසේවුවත්, නෙරූඩාගේ මරණය පිළිබඳ චිලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීම යටතේ විශේෂඥයින්ගේ මැදිහත්වීම යටතේ පරීක්ෂණයක් පවත්වනු ඇත. 

නෙරූඩා රචනා කළ පේ‍්‍රමාන්විත කවි පිළිබඳ ඔහුට දැවැන්ත කීර්තියක් අත්විය. වාමාංශික දේශපාලඥයකු හා රාජ්‍ය තාන්ත‍්‍රිකයකු වූ නෙරූඩා සැල්වදෝර් අයියන්දේ ගේ සමීප හිතවතකු ද වූවේය. සැල්වදෝර් අයියන්දේ ලතින් ඇමරිකානු කලාපය තුළ පත්වූ පළමු මාක්ස්වාදී ජනාධිපති වූ අතර පිනෝචේගේ සෙබළුන් විසින් ඔහුව අල්ලාගැනීමට ප‍්‍රථම 1973 දී අයියන්දේ සියදිවි නසාගත්තේය. 
69 හැවිරිදි වියේ පසුවූ නෙරූඩා පුරස්ථි ග‍්‍රන්ථියේ ඇතිවූ පිළිකාවකින් පීඩා විඳිමින් සිටි අතර ඔහුගේ මිතුරාගේ මරණයෙන් පසු දැඩිලෙස කම්පනයටද පත්ව සිටියේය. රටින් පිටුවහල් වී සිටීමට නෙරූඩා සැලසුම් කරගෙන සිටි අතර චිලියේ ආඥාදායක පාලනයට එරෙහිව හඬ නැගූ දැවැන්ත චරිතයක් ලෙසද ඔහුව නම්කළ හැකිය. 
නමුත්, අවාසනාවකට මෙන් නෙරූඩාට රටින් පිටවීමට තව එක්දිනක් පමණක් ඉතිරිව තිබියදී ඔහුට ගමන් කිරීමට සිදුවූයේ සන්තියාගෝහි තිබූ සාන්ත මරියා රෝහල වෙතය. එහිදී නෙරූඩාගේ පිළිකා රෝගී තත්වය උදෙසා ප‍්‍රතිකාර සිදුකෙරුණි. නෙරූඩාගේ මරණයෙන් පසුව තීරණය කෙරුණේ ඔහු පිළිකා රෝගය නිසා මියගිය බවයි. නමුත්, ඔහුගේ මරණය පිළිබඳ වූ පරීක්ෂණ 2013 වර්ෂයේ සිටම පැවැත්වේ. 

නෙරූඩාගේ මරණයට පෙර විෂක් ශරීරගත වූ බවට සැකයක් මතුවූ අතර ඒ පිළිබද පරීක්ෂණ සිදුවූ අතර එවැන්නක් සිදුවී නැතිබව හෙළිදරව් විය. නෙරූඩාගේ රියදුරා මේ තීරණයට එකග නොවූ අතර තවදුරටත් පරීක්ෂණ සිදුවිය යුතු බවට 2013 වසරේදී තීරණය විය. 

No comments:

Post a Comment