Tuesday, June 23, 2015

ටයිටැනික් චිත‍්‍රපටයේ සංගීත සංරචකයා ගුවන් අනතුරකින් අවසන් ගමන් යයි 


ටයිටැනික් චිත‍්‍රපටයේ එන ‘මයි හාර්ට් විල් ගෝ ඔන් ’ ගීතය එක්වරක් හෝ ටයිටැනික් චිත‍්‍රපටය නැරඔුවෙකුට අමතක නොවන ගීතයක්.  මෙහි සංගීත නිර්මාණ ශිල්පියා වූ ජේම්ස් හෝනර්  පසුගිය සඳුදා දින ( ජූනි 22 ) සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබෙනවා.

ඇකඩමි සම්මාන ද්විත්වයකින්  පිදුම් ලැබූවෙක් 


ඇකඩමි සම්මාන ද්විත්වයක් දිනාගෙන සිටින මේ ශිල්පියා මියයන විට පසුවූයේ  61 වන වියේ යි. ජේම්ස්  මියගිය බව නිල වශයෙන් තහවුරු කර ඇත්තේ ඔහුගේ සහායිකාවක් වන සිල්වියා පෙට්ෂීයාය. 

ඒ බව සඳහන් කරමින්  ‘ අසහාය හැකියාවක් සහ දැවැන්ත හදවතක් තිබුණු මිනිසෙකු අපට අහිමිවුවා’ යන්න ඇය සිය ෆේස් බුක් ගිණුමේ සඳහන් කර තිබුනා

ඔහු මෙලෙස අනතුරට පත්වී ඇත්තේ සැන්ටා බාබරාවට සැතපුම් 60 ක් පමණ දුරෙනි. කුඩා ගුවන්යානයක පියාසර කරමින් සිටින අතරතුර ඔහු මෙලෙෂ අනතුරට ලක්ව ඇත. මෙම ගුවන්යානය ඔහුට අයත්ව තිබූවක් වන අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන්යානයේ නියමුවෙක් සිටියේදැයි යන්න හෝ සිටියානම්  ඔහු කවුදැයි යන්න  මේ වනවිට හඳුනාගෙන නොමැත.

ටයිටැනික් චිත‍්‍රපටයේ සෑම පියවරක් පාසාම පේ‍්‍රක්ෂක  හදවතට දැනෙන යමක් නිර්මාණය කරන්නට මට අවැසි වූවා


1997 දී විශිෂ්ඨතම සිනමා නිර්මාණයට හිමි ඇකඩමි සම්මානය දිනාගත්  ජේම්ස් කැමරන්ගේ අධ්‍යක්ෂනයක් වූ ‘ ටයිටැනික් ’ චිත‍්‍රපටය උදෙසා හෝමර් ඔස්කාර් සම්මානය දිනාගත් අතර  සෙලීනා ඩියොන් ගයන ‘ මයි හාර්ට් විල් ගෝ ඔන් ’ ගීතය උදෙසා ඔහු සහ එහි ගීත  රචකයා වූ විල් ජෙනින්ස්  ඇකඩමි සම්මාන දිනාගත්හ
2009 වර්ෂයේදී ලොස් ඇන්ජලීස් ටයිම්ස් සමග සම්මුඛ සාකච්ඡුාකකට එක්වෙමින් හෝනර් ප‍්‍රකාශකර සිටියේ ‘ ටයිටැනික් චිත‍්‍රපටයේ සෑම පියවරක් පාසාම පේ‍්‍රක්ෂක  හදවතට දැනෙන යමක් නිර්මාණය කරන්නට මට අවැසි වූවා යන්නයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ප‍්‍රකාශ කළේ ‘ මට යමක් අහිමි වූ සෑම අවස්ථාවකම අවස්ථාවකම පාහේ මම රැුඳී සිටිනවා, මගේ හදවතට දැනෙන දේ ප‍්‍රකාශ කරනවා. මගේ කාර්්‍යය වන්නේ එය බවයි ’ යන්නයි
ජේම්ස් කැමරන් හා හෝනර්ගේ සුසංයෝගයත් සමග ආදායම් වාර්තා තැබූ  ‘ ඒලියන්ස් ( 1986 ) ඇවේටර්
( 2009 ) වැනි චිත‍්‍රපට නිර්මාණය වුනි. මේ වනවිට නිර්මාණය වෙමින් පවතින ඇවේටර් චිත‍්‍රපටයේ නව කොටසට ද ඔහු දායක වෙමින් සිටි බව ප‍්‍රකාශ වේ.

විශිෂ්ඨතම චිත‍්‍රපට ලෙස සම්මාන ලැබූ බ්‍රේව් හාර්ට් ( 1995 ) අ බියුටිෆුල් මයින්ඞ් (2001 )ඇන් ඇමරිකන් ටේල් ( 1986 ) ෆීල්ඞ් ඔෆ් ඞී‍්‍රම්ස් ( 1989 ) ඇපලෝ 13 (1995 )  හවුස් ඔෆ් සෑන්ඞ් ඇන්ඞ් ෆොග් ( 2003  )යන චිත‍්‍රපටයන්හි සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ඔහු කටයුතු කළේය.



No comments:

Post a Comment