Friday, November 6, 2015

November 06, 2015 0 Comments
පාලකයින්ගෙන් එල්ලවන පීඩනයට එරෙහිව සුළුතරය හඬ නගන විට ඔවුන්ගේ හඬ වෙමින් සමාජය අවදිකිරීමේ නියැලී සිටින නිර්මාණකරුවෝ ද ඒ හඬට වටිනා ශක්තියක් එක්කිරීමට දායක වෙති. 1989 දී හොඳම තිර රචනයට හිමි ජාතික සම්මාන දිනාගත් අරුන්දතී රෝයි සිය සම්මානය නැවත ඉන්දීය රජයට භාර දී ඇත. අරුන්දතී රෝයි බුකර් සම්මානලාභිනියක් ද වන්නීය.

ලේඛකයින්, සිනමා නිර්මාණකරුවන් හා බුද්ධිමතුන් වැනි ඉන්දියාවේ සුප‍්‍රකට චරිත ගණනාවක් රටතුළ වර්ධනය වන නොසන්සුන්කාරී තත්ත්වයට විරෝධය පා සිය සම්මාන නැවත ඉන්දීය රජයට භාරදෙමින් සිටිති. මේ පිරිස අතරට එකතුවෙමින් සිය ජාතික සම්මානය නැවත භාරදීම පිළිබඳ අදහස් දැක්වූ රෝයි පැවසුවේ ‘මට ගොඩක් ආඩම්බරයි’ යන්නයි.

සුළුතරයට එරෙහිව එල්ලවන ප‍්‍රහාර, හේතුවාදීන්ට එරෙහිව එල්ලවන ප‍්‍රහාර, නිදහස් ප‍්‍රකාශනයට එරෙහිව එල්ලවන තර්ජන, හරක්මස් තහනම් කිරීමට එරෙහිව එල්ලවන බලකිරීම්, භාරතීය ජනතා පක්ෂය හා රාෂ්ටි‍්‍රය ස්වාමිසේවක් පක්ෂයේ නායකයින් විසින් සිදුකරන ක‍්‍රියාවන්ට එරෙහිව විරෝධතාව පළකරමින් නිර්මාණකරුවන් ගණනාවක් ඔවුන්ට හිමිවූ ජාතික සම්මාන ඉන්දීය රජයට නැවත භාරදුන්හ.

කලාකරුවන් හා බුද්ධිමතුන් විසින් සිදුකරන මේ විරෝධතාවය ඉතිහාසයේ පෙර නොවූ විරූ අපූර්ව කටයුත්තක් වන බව අරුන්දතීගේ අදහසයි. 1989 දී අරුන්දතී රෝයි ට හොඳම සිනමාපට තිර රචනය වෙනුවෙන් පිදෙන සම්මානය හිමිවූයේIn Which Annie Gives it Those Ones  වෙනුවෙනි.

මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ අරුන්දතී පැවසුවේ ‘‘නැවත භාරදීමට හැකිවූ ජාතික සම්මානයක් මට හිමිවීම පිළිබඳ මා සතුටට පත්වෙනවා. ලේඛකයින්, සිනමා නිර්මාණකරුවන් හා බුද්ධිමතුන් මතවාදීමය දුෂ්ටකම් හා අඩන්තේට්ටම් වලට එරෙහිව නැගී සිටීම ගැන මට සතුටුයි. මේ ප‍්‍රහාරය එල්ලවුණේ අපේ නිර්මාණශීලී චින්තනයටයි. මීට එරෙහිව අප නැගී නොසිටියා නම් දවසක ගැඹුරු වළක් තුළ අපව වළදමා තියේවි.’’ රෝයි ද ඉන්දියන් එක්ස්ප‍්‍රස් වෙත ලිපියක් ලියමින් පැවසුවාය.

‘‘තවත් පසෙකින් මේ එල්ලවන විරෝධතාවන් තුළ දේශපාලනයද ඇතුළත් වී තිබෙනවා. ඒ නිසා මේ විරෝධතා වල කොටස්කරුවකු වීම මට මහත් ආඩම්බරයක්. මේ වෙද්දි ඉන්දියාව තුළ සිද්ධවෙන දේවල් ගැන මට ලැජ්ජයි’’ අරුන්දතී මෙහි සදහන් කර තිබුණාය. ඇගේ අදහස වී තිබෙන්නේ ඉන්දියාව තුළ සිදුවන සිද්ධි විස්තර කිරීමට යොදාගත යුතු වදන ‘නොසන්සුන්කාරී වාතාවරණය’ නොවන බවයි යන්නයි.

පළමුවෙන්ම, නඩු නැතිව දඬුවම් පැමිණවීම, වෙඩි තැබීම, ගිනි තැබීම් හා ඝාතන රැල්ලට යොදන නාමය වන ‘නොසන්සුන්කාරීත්වය’ යන අදහස වැරදියි. කලින් එවූ ලිපි ගණනාවක් අපට තිබෙනවා. බලවත් බහුතරයේ ඡුන්දයෙන් පත්වූ මේ රජය දැන් සිදුකරන දේවල් වලින් කම්පනයට පත්වී සිටිනවා. මේ වනවිට සිදුවන භයංකර ඝාතනයන් අති දරුණු ආබාධයක රෝග ආබාධ බවට පත්වී තිබෙනවා. මෙවැනි රටක් තුළ ගෙවන ජීවිතයද අපායක් වගෙයි. ඉන්දියාවේ සිටින සුළුතර ජන කොජස් වන දලිට්ස්, ආදිවාසීන්, මුස්ලිම් හා ක‍්‍රිස්තියානි පිරිස් මහත් භීතියෙන්, අවිශ්වාසයෙන් මෙන්ම කුමන වෙලාවක කවුරුන් හෝ පැමිණිලා පහර දේ යැයි යන බියෙන් පසුවෙනවා.

Babasaheb Ambedkar  වරෙක පැවසූවේ ‘‘හින්දු ආගම හැබෑවටම කුලහීනයන්ට තැතිගැන්ම දනවන්නක්’‘ යන්නයි. පහරකෑමට ලක්නොවී, නඩු නැතිව ලබාදෙන දඬුවම් විඳිමින්, වෙඩි තබමින් හෝ සිරගත නොවී ආගමේ නාමයෙන්, ඔවුන්ට ආගමෙන් දඬුවම් විඳින්නට සිදුවෙනවා. Saadat Hasan Manto එක් අවස්ථාවකදී Letters to Uncle Sam හිදී ආගමේ නාමයෙන් විඳින්නට සිදුවන වේදනා ගැන වරෙක රචනා කළා. අද ඉන්න ලේඛකයින්ට ඔවුන්ගේ අදහස් එලෙස නිදහසේ ඉදිරිපත් කිරීමට හැකිද ?. අද අපට නිදහසේ අදහස් කිරීමට ඉඩක් නැත්තම් බුද්ධිමය වශයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන, මෝඩයින් පිරිසක් ඉන්න සමාජයක් බවට ඉන්දීය සමාජය පත්වේවි. මුළු මහත් ආසියා මහද්වීපය පුරාම ජාතිය පහත් මට්ටමින් සලකන රටක් බවට ඉන්දියාව පත්වී තිබෙනවා. අද පවතින ඉන්දියානු සමාජයත් මීට එක්වී සිටිනවා. ඒ මදිවට මේ වනවිට හැමදෙයක්ම කපා කොටන වාරණයත් දැඩිව පවතිනවා. ’’ රෝයි සිය ලිපියේදී සදහන් කර තිබුණාය.

‘‘කොහොම වුණත් නුදුරේදීම වෙනසක් පැමිණෙනවාමයි. ඒ වෙනස ලේ වගුරවන සුළු එකක් හෝ සුන්දර වූවක් හෝ විය හැකියි. එහි සුන්දර බව හෝ අසුන්දර බව රැුඳී තිබෙන්නේ අප මතම යි.’’
 අරුන්දතී රෝයි
November 06, 2015 0 Comments
[‘‘කිසිවකට අපව මරණයෙන් ගළවාගත නොහැකි නම්, අඩුම තරමින් ආදරය වත් අපව
ජීවිතයෙන් ගලවාගත යුතුයි.’

නිර්මාණකරුවන්ගේ හඬ යටපත් කළ නොහැකි තැන සිදුවන්නේ රාජ්‍ය තන්ත‍්‍රයේ අදිසි හස්තය වන බලය යොදාගනිමින් ඔවුන්ව ඝාතනය කිරීමයි. බොහෝවිට එවැනි ඝාතනයක් කිසිසේත්ම ලෝකයෙන් යටපත් කළ නොහැකිය.  

පැබ්ලෝ නෙරූඩාගේ චිලියේ ජීවත් වූ සුවිශේෂී කවියෙකු මෙන්ම රාජ්‍ය තාන්ත‍්‍රික නිළධාරියකු ද වෙයි. නෙරූඩා ව ඝාතනය කළේ  ඕගස්ටෝ පිනෝචේගේ පාලන තන්ත‍්‍රය බව චිලි රාජ්‍ය මේ වනවිට පිළිගෙන ඇත. 

බොහෝවිට නෙරූඩා මියගියේ පිළිකා රෝගය නිසා නොවන බව මේ වනවිට තහවුරුවෙමින් පවතියි. 1973 දී චිලියේ සිදුවූ කැරැුල්ලෙන් පිනෝචේට බලය හිමිවීමෙන් අනතුරුව නෙරූඩා මරාදැමුණු බව මේ වනවිට අනාවරණය වෙමින් පවතියි. 

නෙරූඩාගේ මරණයට හේතුවූ කරුණු පිළිබඳ මේ වනවිට සොයාබලමින් සිටියි. මේ පිළිබඳ ප‍්‍රකාශයක් නිකුත් කළ චිලියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති පවසන්නේ නෙරූඩා මියගියේ පිළිකා රෝගයකින් නොවන බවයි. 

ස්පාඤ්ඤයේ El Pais  පුවත්පත වෙනුවෙන් චිලියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මේ වසරේ මාර්තු මාසයේදී ප‍්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ ‘‘නෙරූඩාගේ මරණය සිදුවූයේ තුන්වන පාර්ශ්වයක මැදිහත්වීම යටතේ වන බවට වූ හෙළිදරව් කිරීම් මේ වනවිට සිදුවන බවයි.’’ 

කෙසේවුවත්, නෙරූඩාගේ මරණය පිළිබඳ චිලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීම යටතේ විශේෂඥයින්ගේ මැදිහත්වීම යටතේ පරීක්ෂණයක් පවත්වනු ඇත. 

නෙරූඩා රචනා කළ පේ‍්‍රමාන්විත කවි පිළිබඳ ඔහුට දැවැන්ත කීර්තියක් අත්විය. වාමාංශික දේශපාලඥයකු හා රාජ්‍ය තාන්ත‍්‍රිකයකු වූ නෙරූඩා සැල්වදෝර් අයියන්දේ ගේ සමීප හිතවතකු ද වූවේය. සැල්වදෝර් අයියන්දේ ලතින් ඇමරිකානු කලාපය තුළ පත්වූ පළමු මාක්ස්වාදී ජනාධිපති වූ අතර පිනෝචේගේ සෙබළුන් විසින් ඔහුව අල්ලාගැනීමට ප‍්‍රථම 1973 දී අයියන්දේ සියදිවි නසාගත්තේය. 
69 හැවිරිදි වියේ පසුවූ නෙරූඩා පුරස්ථි ග‍්‍රන්ථියේ ඇතිවූ පිළිකාවකින් පීඩා විඳිමින් සිටි අතර ඔහුගේ මිතුරාගේ මරණයෙන් පසු දැඩිලෙස කම්පනයටද පත්ව සිටියේය. රටින් පිටුවහල් වී සිටීමට නෙරූඩා සැලසුම් කරගෙන සිටි අතර චිලියේ ආඥාදායක පාලනයට එරෙහිව හඬ නැගූ දැවැන්ත චරිතයක් ලෙසද ඔහුව නම්කළ හැකිය. 
නමුත්, අවාසනාවකට මෙන් නෙරූඩාට රටින් පිටවීමට තව එක්දිනක් පමණක් ඉතිරිව තිබියදී ඔහුට ගමන් කිරීමට සිදුවූයේ සන්තියාගෝහි තිබූ සාන්ත මරියා රෝහල වෙතය. එහිදී නෙරූඩාගේ පිළිකා රෝගී තත්වය උදෙසා ප‍්‍රතිකාර සිදුකෙරුණි. නෙරූඩාගේ මරණයෙන් පසුව තීරණය කෙරුණේ ඔහු පිළිකා රෝගය නිසා මියගිය බවයි. නමුත්, ඔහුගේ මරණය පිළිබඳ වූ පරීක්ෂණ 2013 වර්ෂයේ සිටම පැවැත්වේ. 

නෙරූඩාගේ මරණයට පෙර විෂක් ශරීරගත වූ බවට සැකයක් මතුවූ අතර ඒ පිළිබද පරීක්ෂණ සිදුවූ අතර එවැන්නක් සිදුවී නැතිබව හෙළිදරව් විය. නෙරූඩාගේ රියදුරා මේ තීරණයට එකග නොවූ අතර තවදුරටත් පරීක්ෂණ සිදුවිය යුතු බවට 2013 වසරේදී තීරණය විය. 

Tuesday, June 23, 2015

June 23, 2015 0 Comments

ටයිටැනික් චිත‍්‍රපටයේ සංගීත සංරචකයා ගුවන් අනතුරකින් අවසන් ගමන් යයි 


ටයිටැනික් චිත‍්‍රපටයේ එන ‘මයි හාර්ට් විල් ගෝ ඔන් ’ ගීතය එක්වරක් හෝ ටයිටැනික් චිත‍්‍රපටය නැරඔුවෙකුට අමතක නොවන ගීතයක්.  මෙහි සංගීත නිර්මාණ ශිල්පියා වූ ජේම්ස් හෝනර්  පසුගිය සඳුදා දින ( ජූනි 22 ) සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබෙනවා.

ඇකඩමි සම්මාන ද්විත්වයකින්  පිදුම් ලැබූවෙක් 


ඇකඩමි සම්මාන ද්විත්වයක් දිනාගෙන සිටින මේ ශිල්පියා මියයන විට පසුවූයේ  61 වන වියේ යි. ජේම්ස්  මියගිය බව නිල වශයෙන් තහවුරු කර ඇත්තේ ඔහුගේ සහායිකාවක් වන සිල්වියා පෙට්ෂීයාය. 

ඒ බව සඳහන් කරමින්  ‘ අසහාය හැකියාවක් සහ දැවැන්ත හදවතක් තිබුණු මිනිසෙකු අපට අහිමිවුවා’ යන්න ඇය සිය ෆේස් බුක් ගිණුමේ සඳහන් කර තිබුනා

ඔහු මෙලෙස අනතුරට පත්වී ඇත්තේ සැන්ටා බාබරාවට සැතපුම් 60 ක් පමණ දුරෙනි. කුඩා ගුවන්යානයක පියාසර කරමින් සිටින අතරතුර ඔහු මෙලෙෂ අනතුරට ලක්ව ඇත. මෙම ගුවන්යානය ඔහුට අයත්ව තිබූවක් වන අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන්යානයේ නියමුවෙක් සිටියේදැයි යන්න හෝ සිටියානම්  ඔහු කවුදැයි යන්න  මේ වනවිට හඳුනාගෙන නොමැත.

ටයිටැනික් චිත‍්‍රපටයේ සෑම පියවරක් පාසාම පේ‍්‍රක්ෂක  හදවතට දැනෙන යමක් නිර්මාණය කරන්නට මට අවැසි වූවා


1997 දී විශිෂ්ඨතම සිනමා නිර්මාණයට හිමි ඇකඩමි සම්මානය දිනාගත්  ජේම්ස් කැමරන්ගේ අධ්‍යක්ෂනයක් වූ ‘ ටයිටැනික් ’ චිත‍්‍රපටය උදෙසා හෝමර් ඔස්කාර් සම්මානය දිනාගත් අතර  සෙලීනා ඩියොන් ගයන ‘ මයි හාර්ට් විල් ගෝ ඔන් ’ ගීතය උදෙසා ඔහු සහ එහි ගීත  රචකයා වූ විල් ජෙනින්ස්  ඇකඩමි සම්මාන දිනාගත්හ
2009 වර්ෂයේදී ලොස් ඇන්ජලීස් ටයිම්ස් සමග සම්මුඛ සාකච්ඡුාකකට එක්වෙමින් හෝනර් ප‍්‍රකාශකර සිටියේ ‘ ටයිටැනික් චිත‍්‍රපටයේ සෑම පියවරක් පාසාම පේ‍්‍රක්ෂක  හදවතට දැනෙන යමක් නිර්මාණය කරන්නට මට අවැසි වූවා යන්නයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ප‍්‍රකාශ කළේ ‘ මට යමක් අහිමි වූ සෑම අවස්ථාවකම අවස්ථාවකම පාහේ මම රැුඳී සිටිනවා, මගේ හදවතට දැනෙන දේ ප‍්‍රකාශ කරනවා. මගේ කාර්්‍යය වන්නේ එය බවයි ’ යන්නයි
ජේම්ස් කැමරන් හා හෝනර්ගේ සුසංයෝගයත් සමග ආදායම් වාර්තා තැබූ  ‘ ඒලියන්ස් ( 1986 ) ඇවේටර්
( 2009 ) වැනි චිත‍්‍රපට නිර්මාණය වුනි. මේ වනවිට නිර්මාණය වෙමින් පවතින ඇවේටර් චිත‍්‍රපටයේ නව කොටසට ද ඔහු දායක වෙමින් සිටි බව ප‍්‍රකාශ වේ.

විශිෂ්ඨතම චිත‍්‍රපට ලෙස සම්මාන ලැබූ බ්‍රේව් හාර්ට් ( 1995 ) අ බියුටිෆුල් මයින්ඞ් (2001 )ඇන් ඇමරිකන් ටේල් ( 1986 ) ෆීල්ඞ් ඔෆ් ඞී‍්‍රම්ස් ( 1989 ) ඇපලෝ 13 (1995 )  හවුස් ඔෆ් සෑන්ඞ් ඇන්ඞ් ෆොග් ( 2003  )යන චිත‍්‍රපටයන්හි සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ඔහු කටයුතු කළේය.



Tuesday, June 16, 2015

June 16, 2015 0 Comments

පිළිරූ බිඳලූ  අරුන්දතී


තේ වතු කළමනාකරුවකුගේ දියණිය ලෙස මෙලොව එළියදකින ඇයට පියාගේ සෙනෙහස අහිමිවන්නේ දෙහැවිරිදි වියේදී ඇගේ මව පියාගෙන් දික්කසාද වීමත් සමඟයි. ප‍්‍රථමයෙන් අපට ඇයව හඳුනාගන්නට හැකිවන්නේ තිර රචිකාවියක් ලෙසයි. 1988දී අරුන්දතී රචනා කළ ෂබ අයසජය ්බබසැ ඨසඩැි සඑ ඔයදිැ  තිර රචනය උදෙසා ඇයට ඉන්දීය ජාතික සම්මානය හිමිවෙනවා.
පුලාන් දේවියගේ චරිතය පදනම් කරගත් ශේකර් කපූර් අධ්‍යක්ෂණය කරගත් බැන්ඞ්ට් ක්වීන්, චිත‍්‍රපටය විවේචනය කරන අරුන්දතී පවසන්නේ ‘¥ෂණයට ලක්වූ ජීවත්වන කාන්තාවකගේ කතාව පදනම් කරගත් චිත‍්‍රපටයක් නිර්මාණය කිරීම තුළ ඇගේ ජීවිතය සහ එහි අරුත්  වැරැුදි ලෙස ඉදිරිපත් කර ඇති බවයි. ඇය විසින් රචිත ඔයැ ටදා දෙ ීප්කක ඔයසබටි (1997* කෘතිය බුකර් සම්මානය හිමිවීමත් සමඟ ලෝකය ඇය පිළිබඳ දැනගන්නවා. මේ ඇය ගැනයි.

‘පීකේ’, ඔහු ඉන්දීය සමාජයට පිටස්තරයෙක්, තමන්ගේ ලොවට නැවතත් ගමන් කරන්නට අවැසි අනන්‍යතාවය සොයාගෙන ඔහු යනවා. නිරුවතින් ඉන්දියාවට පැමිණි ‘පීකේ’ ටිකෙන් ටික තමන්ගේ  පිටස්තර බවින් මිදෙන්නට උත්සහ ගන්නවා.
එහෙම නැතිව ඔහුට ඒ සමාජයේ පවතින්නට නොහැකි නිසයි. ඒ අනන්‍යතාව සොයාගන්නට නොහැකි වූ තැන ඔහු කරන්නේ.
හැම මිනිසකුම කරන්නාක්මෙන් දෙවියන් සොයාගෙන යෑමයි. ඒත්, දෙවියන් වෙනුවට ඔහුට හමුවෙන්නේ දෙවියන් සේ වෙස් වලාගෙන ඉන්න උදවියයි.
නැත්නම් දෙවියන් නිසාවෙන්ම වියවුල් වුණු ලෝකයයි.
කොහොම වුණත් නිරුවතින් ඉන්දියාවට පැමිණි මේ  පිටස්තරයා සමස්ත ඉන්දීය සමාජයම නිරුවත් කරනවා.
බඩගින්නට අහරක් සොයාගෙන යන ඔහු දකින්නේ එක් තැනැත්තකුගේ රුව සහිත අජීවී කොළයක් පෙන්වූ විට තමන් බලාපොරොත්තු වන  ඕනෑම දෙයක් මිලදී ගන්න පුළුවන් බවයි. ‘පීකේ’ කරන්නේ මේ රුව දකින හැමතැනකින්ම ඒවා හැකිතරම් ප‍්‍රමාණයක් එකතු කිරීමයි. ඒත් ඒ වෑයම සාර්ථක වෙන්නේ නැහැ. මේ අජීවී කඩදාසි මත ඉන්න පුද්ගලයා මතකද?
ගාන්ධිි
ඒ පිටස්තරයා මෙන්ම තවත් ගැහැනියක් ඉන්දියානු සමාජය පිටස්තරයෙක් ලෙසින් දකිනවා.
ඔයැ ටදා දෙ ිප්කක ඔයසබටි වැනි කෘතියක් ඇගේ අතින් ලියැවෙන්නේ එලෙසයි. ඇය අරුන්දතී රෝයි.
‘පීකේ’ එකතු කළ අර කිව්ව අජීවී කොළයේ ඉන්න පුද්ගලයා මතකද?
ගාන්ධි ගැන පසුගිය දිනෙක අරුන්දතී කියන්නේ
‘රාජ්‍ය නොවන සංවිධානවලට අනුග‍්‍රාහකත්වය දැක්වූ පළමු අනුග‍්‍රාහකයා ඔහු බවයි. 1915 සිට ගාන්ධි මිය යන තෙක්ම ඔහුට අනුග‍්‍රාහකත්වය දැක්වූවේ බර්ලාස්, බජාජ් සහ ටාටා සමාගම් බවත් අරුන්දතී ප‍්‍රකාශ කරනවා. ඔයැ ක්‍දකකැජඑැා උදරනි ධෙ ඵ්ය්එප් ඨ්බායස කෘතිය උපුටා දක්වන අරුන්දතී කියන්නේ ගාන්ධි සැබෑවටම අප‍්‍රිකාවේ වර්ගවාදයට එරෙහිව සටන් කළා කිව්වත් ඒ කතාව අසත්‍යයක් බවයි. ගාන්ධිගේ පළමු දේශපාලන ජයග‍්‍රහණය වුණේ ඩර්බන්හි තැපැල් කාර්යාලයේ තුන් වන ප‍්‍රවේශ දොරටුවක් විවෘත කිරීම බවයි. අරුන්දතී ප‍්‍රකාශකරන්නේ. මෙලෙස තෙවැනි ප‍්‍රවේශ දොරටුවක් විවෘත කිරීමේ හේතුව බවට පත්වෙන්නේ අනෙක් කළු ජාතිකයන් සමඟ ඉන්දීය ජාතිකයන්ට නොගෑවී යෑමේ මාර්ගයක් විවර කිරීමයි. බෝර් යුද්ධය සහ බැම්බතා කැරැුල්ලේදී ද ගාන්ධි බි‍්‍රතාන්‍යයන්ට සහය පළකළ බවත් අරුන්දතී කියනවා.
බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ මේ ලේඛිකාව අද වනවිට ඒ චරිතයෙන් තරමක් බැහැරට ගොස් සමාජ කි‍්‍රයාකාරිනියක ලෙසින්ද හඳුනාගන්නට හැකියි.
ඉන්දියානු සාමාජය නිරන්තරයෙන් පීඩාවට ලක් කරන ප‍්‍රබලම කරුණක්ව තිබෙන්නේ කුල ක‍්‍රමයයි. අරුන්දතී කුල ක‍්‍රමය යන්න අර්ථකතනය කරන්නේ දේශපාලන හුදෙකලාභාවය  තුරන් කිරීමට නිර්මාණය වූ සාධකයක් ලෙසිනුයි. එබැවින්ම මෙය අතිශය සංකීර්ණ අරගලයක්ව තිබෙනවා යන්න ඇගේ අදහසයි.
කෙසේ වුවත්, බ‍්‍රාහ්මීයවාදය, ධනවාදය සහ අධිරාජ්‍යවාදය අතර අඛණ්ඩ සහ ප‍්‍රත්‍යක්ෂව අනාවරණය නොවූ සබඳතාවක් ගොඩනැගුණේ නැතිවුවහොත් කුල ක‍්‍රමයට විරුද්ධව තිබෙන සටන සාර්ථක නොවන බවද අරුන්දතී කියනවා. ඉන්දියානු ජනතාව නිරන්තරයෙන්ම පෙළන කරුණක් ලෙස කුලවාදය හඳුනාගන්නට හැකිවුවත් හැබෑවටම කුලය කියන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ඉන්දියාවේ බොහෝදෙනකුට කිසිම අදහසක් නැතිබවත් ඇගේ විශ්වාසය වෙනවා. එහෙම වටපිටාවක තමයි දෙවියන් කවුද, ඉන්නේ කොතැනද කියලවත් නොදැන ඔවුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පුදදෙන්නට කැමැති උමතුවෙන් වගේ කටයුතු කරන පිරිසක් ‘පීකේ’ ගේ නෙත ගැටෙන්නේ.
මේ ගැන අරුන්දතී කියන්නේ ඉන්දියාවේ මිනිස්සුන්ට කුලය කියලා කියන්නේ හින්දු  ධර්මයට සම්බන්ධ ගුප්ත අදහසක් බවයි.
එක්තරා විදිහකින් ඇය කුල ක‍්‍රමයට එරෙහිව ගෙනයන සටන විප්ලවයක්, වෙනසක් ඇතිකිරීමේ බලාපොරොත්තුවෙන් අරුන්දතී ගෙනයන සටන පිළිබඳ බලාපොරොත්තුවක් තබාගත හැකිද කියලා ඇගෙන් විමසා සිටි එක් අවස්ථාවකදී අරුන්දතී කියන්නේ ‘සටන් කිරීම නැත්නම් විප්ලවය කියන අදහස පසුගිය දශක ගණනාව පුරාවටම දුක් විඳලා තිබෙනවා. 1960 වගේ කාලයකදී නැක්සලයිට් වැනි සටන් හරහා වගේම මාවෝවාදී සටන් තුළිනුත් මිනිසුන් සටන් කරන්නේ අවතැන්වීමට එරෙහිවයි ඔවුන් සටන් කරන්නේ භූමිය  ඒ භූමිය අයිති මිනිසුන්ගේ
ඩැහැගැනීමට එරෙහිව’ බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉන්දියාව තුළ හිදිමින් අරුන්දතී කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ තිබෙන සෑම සංස්ථාවක්ම මිනිසුන්ව පාලනය කරන්නට වෙරදරනවා මිසක් ඔවුන් වෙනුවෙන් කිසිදු කටයුත්තක් කිරීමට උත්සහ නොගන්නවා කියලයි. කතාවේ මුලින් කිව්ව ‘පීකේ’ වගේ ඇය ඉන්දියාවට පිටස්තරයෙක් නොවුණත් ඉන්දියාව තුළ හිඳගෙනම ඉන්දියාව විවේචනය කරන්නට තරම් ශක්තියක් ඇයට තිබෙනවා.
පසුගිය දිනෙක ඇය අම්බෙඞ්කාර් සුදාර් සම්මානයෙන් පිදුම් ලබන්නේ හඬක් නැති මිනිසුන් විඳින දුක් ගැහැට පිළිබඳ කතාබහ කළ නිසාවෙනුයි. ඒ වගේම ලෝකයේ සිටින අතිශයින් වැදගත් චින්තකයන් අතරත් ඇය ඉදිරියෙන්ම සිටිනවා. ආයෙත් ‘පීකේ’ දිහාවට හැරුණොත් ඔහු කියන්නේ ඉන්දීය සමාජය තුළ ඔහුට පෙනෙන්නට තිබෙන දේවල් ගැනයි. ඒ නිසාවෙන්මයි ‘පීකේ’ නැත්නම් ‘බීලද ඉන්නේ’ (අවසිහියෙන්ද?* ලෙස ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නේ ඒ මේ ලොවේ බොහෝ දේවල් ඔහුට ආගන්තුක නිසයි. ඒ ගැන ඔහු බොහොම විවෘතව කතාකරනවා. වරෙක ලේඛිකාවක් වුණු අරුන්දතීගෙන්  නිර්මාණයක් කියලා කියන්නේ කුමක් දැයි විමසනවා.
ඇය කියන්නේ කතාවක් කියලා කියන්නේ සංකීර්ණ ලෝකය තුළ තිබෙන දේවල් ගැන අතිශය සරල ලෙස පැවසීම කියලයි. ‘මම ලේඛිකාවක් වුණේ ඒ නිසයි. මම දේශපාලනඥයෙක් වුණා නම් මට සටන් පාඨයක් තියෙන්නට හැකියි. අපිට දැනෙන ලෝකය දැනවීම බෙහෙවින් සදාතනික වූවක්. අපි දිගින්දිගටම ඒ දැන්වීම කරද්දි අනෙක් අයටත් දනවන්න පුළුවන්. නමුත් කාරණය වෙන්නේ අපි මේ දේ  දනවන්නේ තුන්  දෙනෙකුටද නැත්නම් මිලියන තුනකටද කියන එකයි’
අරුන්දතීයීයි, පීකේ ගැනයි ආයෙමත් මතක් කරලා බලන්න.

Friday, June 12, 2015

June 12, 2015 0 Comments


පට්ට පොරවල් නෝන්ඩි වෙනවා, සිරා කරාලා චාටර් වෙනවා

ජැක්සන්  ඇන්තනිගේ නිර්මාණයක් වුණු ‘ ඇඩ‍්‍රස් නෑ ’ චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක පටය මාධ්‍යයට නිකුත් කිරීමේ අවස්ථාව පසුගියදා තිබුණා. ‘ ජුලියට්ගේ භූමිකාව ’ චිත‍්‍රපටයෙන් අනාගතයේ බලාපොරොත්තු ඇතිකරගත හැකි නිර්මාණකරුවකු විදියට දිනූෂා රාජපතිරණ විසින් ජැක්සන්ව හඳුන්වා දුන්නා.
ඊට පස්සේ පැමිණිලා සිටිය සහගයන්ව ඇමතුව ජැක්සන් කිව්වේ මේ වකවානුව චිත‍්‍රපට වලට හොඳ කාලයක් නම් නෙමෙයි කියලා. ආපහු හරවන්නට  ඕන රැුල්ලක් ගැන කතාවකුත් ජැක්සන් කිව්වා. කොහොම වුණත් ඔහු කිව්ව විදියට ඒ රැුල්ල ඇරඹිලා තියෙන්නේ ‘ අබා ’ චිත‍්‍රපටයෙන් පසුවයි
ජැක්සන්ට අමතරව පහුගිය කාලේ රැල්ලට වගේ කතාබහට ලක්වුණු තවත් චරිත දෙකක් එතැන හිටියා. ඒ සබීතා පෙරේරා හා රෝහණ වීරසිංහ
කොහොම වුණත් ඒ හැමදේටම වඩා රසවත් වුණේ ගයාන් පෙරේරාගේ හඩින් ගැයෙන මේ ගීයයි

‘ වෘකයෝ බැටළු හම පොරවා, බළලූන් ලව්වා කොස් ඇට බාවනවා
මේ බජාර් එකට මල්ලී
අහසක් නෑ, පොළවක් නෑ

පට්ට පොරවල් නෝන්ඩි වෙනවා
සිරා කරාලා චාටර් වෙනවා



















June 12, 2015 0 Comments

ඒත්, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ( නැද්ද ? )

ජනමත විචාරණයකින් සමලිංගික අයිතීන් පිළිගත් පළමු රට බවට අයර්ලන්තය පත්වුණා. අයර්ලන්ත සෞඛ්‍ය ඇමති ලියෝ වර්ඞ්කා ද සමලිංගිකයෙක්. අයර්ලන්තය තුළ සමලිංගිකත්වය නීතිගත කිරීම ගැන සතුටින් කතාකරන්නත් ඔහුට හැකිවුණා. ඒ විතරක් නෙවෙයි අයර්ලන්යේ ෆයින්ගේල් පක්ෂයේ ටොම් කූරන් මේ පිළිබඳව සඳහන් කරමින් ප‍්‍රකාශකර සිටියේ තමන්ගේ සමලිංගික පුතාටත් දැන් අනික් අය හා සමානවම සතුටින් ජීවත්වීමේ අවස්ථාව එළඹුණු බවයි
ඉන්දියාව එරට ලිංගික විපර්යාසයට ලක්වූ එරට පළමු විදුහල්පති මනාබි බැන්ඩෝපාද්‍ය ව බොහොම සාදරයෙන් පාසලට පිළිගන්නවා.
ඒත් ලංකාව, මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සමලිංගික පිරිස් වල අයිතීන් වලට සිට ඡුන්දය ප‍්‍රකාශ කළ නිසා ඔහුට බැණවදිනවා. රටවල් ත‍්‍රිත්වයක කකා තුනක්. වෙනස මේ ලංකාව වීමයි (ද ? )