Thursday, December 18, 2014

මායා ඇන්ජිලෝ ගැන බොහෝදෙනා එක එක විදියට කතා කරනවා. ඉතා කුඩා වියේදීම තමන්ගේ මවගේ පෙමිවතා අතින් ලිංගික හිංසනයට ලක්වන ඇය කලෙක ගණිකාවක් ලෙස සේවය කළා කියලත් සැලකෙනවා.බොහෝ දෙනා මායා ගැන කතාකරන්නේ ඇය ලියූ චරිතාපදාන තුළිනුයි. ෙමි ඇය ලියූ A Letter To My Daughter කෘතියෙන් මා සිත්ගත් තැනක්. ආදරණීය දෝණියේ ෙමි ලියමන මවිසින් ලියැවෙන්නේ ඊටම අනන්‍ය වූ අසාමාන්‍ය කාලයකදීයි. ඔබට කියාදීමට අත්‍යවශ්‍ය පාඩමි කීපයක්ම මගේ සිතේ ලියැවී තිබෙනවා. මගේ අභිප‍්‍රාය වී තිබෙන්නේ මම කුමන තත්වයක සිටියදී ඒ පාඩමි ඉගෙනගත්තා දැයි යන්න මගේ දෝණිට කියාදීමටයි. මගේ දිවියේ බොහෝ කාලයක් ගතව ගියේ ආදරය කිරීම දිවියේ මූලිකම කාර්ය බව සිතමිනුයි.පැකිලෙමින් වුවත් මම බොහෝ දෑ වලට තර්ජනය කර තිබෙනවා. නමුත් තවමත් එවැනි බොහෝ අභියෝගයන්ට මම තර්ජනය කරනවා. මගේ දිවියට අරුතක් ගෙන ආ බොහෝ මිනිසුන් සිටිිබවත් ඔවුන් මට බොහෝ පාඩමි කියාදී තිබෙන බවත් සිහිපත් කළයුතුයි.මාව අඩපණ කර තිබෙන බොහෝ දෙනා මට කියාදී තිබෙන්නේ මගේ දිවිය අර්ථවත් එකක් නොවන බවයි. මගේ දිවිය තුළ මා බොහෝ වැරදි සිදුකර තිබෙනවා.ඒ වැරදි ගොඩට තවත් වැරදි ප‍්‍රමාණයක් මගේ මරණයට පෙර අනිවාර්්‍යයෙන්ම එකතුෙවි යැයි මා විශ්වාස කරනවා. මම ෙවිදනාව දකිනා විට අසතුට පමණක්ම ගෙනදෙන මෝඩකමි කර තිබෙන බව දැනගන්නා විට, මගේ වගකීමි සහගත බව අවබෝධ කරගනිමින් ප‍්‍රථමයෙන් මම මටම සමාව දී ගන්නවා. මම ඊළගට කරන්නේ මම කළ කී දෑ වලින් අසතුටට පත් වූ අය වෙත ගොස් සමාව ඉල්ලීමයි. මගෙ දෝණියේ, නුෙඹි ඡීවිතය තුළ නුඹට මුහුණදීමට සිදුවන සියල්ලම පාලනය කිරීමට ඔබට නොහැකිෙවිවි. නමුත් එවැනි විඳවීමි පාලනය කළ හැක්කේත් නුඹටමයි. වෙනකෙකුගේ අහසක දේදුන්නක් වීමට උත්සහ ගන්න. ඔබ අකමැති යමක් සිදුවන විට එවැන්නක් වෙනස් කිරීීමට ඔබට කළහැකි සෑම උත්සහයක්ම ගන්න.නුඹට කිසිදු වෙනස්කමක් කිරීමට නොහැකි වුවහොත් මුලින්ම ඔබ හිතන පතන අයුරු වෙනස් කරගන්න. එවිට ඔබට නව මානයක් සොයාගැනීමට හැකිවනු ඇත. මගෙ දෝණියේ” කිසිදිනක මැසිවිලි නගන්නට නමි එපා” මන්ද එවැනි කන්කෙඳිරියක් ඇසෙන තිරිසනෙකුට හැගී යන්නේ තමන් මාන බලාහිඳින ගොදුර අතළගම ඇති බවයි” මිනිසත්කම වෙනුවෙන් කිසිවක්ම කර මිස නුඹ මිය නොවන බව තරයේ සිහි තබාගන්න

No comments:

Post a Comment