Tuesday, July 3, 2018

# prison

ඉතිහාසයේ පළමුවරට අගරදගුරුවරයෙකුට සිරදඬුවම්

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි අගරදගුරු පදවිය හෙබවූ පිලිප් විල්සන් මාස 12 ක සිරදඬුවමකට ලක්කිරීමට නිව් කාසල් අධිකරණය නියෝග දී ඇත. ලොව  මෙවැනි දඬුවමකට ලක්වූ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයා මොහු වන අතර පූජකවරයා මාස 12 ක කාලයක් ‘නිවාස අඩස්සියේ‘ රඳවා තබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඉදිරියේදී සොයා බලන බව අඟහරුවාදා (2) දින අධිකරණය තීන්දු කළේය. 1970 වසරේදී නිව් සවුත්වේල්ස් හිදී පියෝෆීලී පූජකවරයකු සිදුකළ ළමා අපචාරයක තොරතුරු වසන් කිරීම නිසා විල්සන් අගරදගුරු හට උසාවිය විසින් මෙවැනි දඬුවමක් ලබාදී ඇත. අධිකරණය මගින් ලබාදුන් තීන්දුව ගැන අදහස් පළකළ රොබට් ස්ටෝන් මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙන්නේ  ‘තීන්දුව ලබාදුන් අවස්ථාවේදී පූජකවරයා කිසිදු පසුතැවිල්ලක් හෝ ශෝකයක් නොපෙන්වූ බව‘යි.  මාස හයක කාලයකට පසු පූජකවරයා සමථයට පත්වීමට සුදුසුකම් ලබන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත. කෙසේවුවත්, විල්සන් අගරදගුරුට එරෙහිව එල්ල වූ අධිකරණ චෝදනා හමුවේ පූජකවරයා සිය තනතුරු වලින් ඈත්වුවද  තවමත් සිය පදවියෙන් ඉල්ලා අස්වී නැත පූජක විල්සන්ගේ මිත්‍රයෙකු වූ ජේම්ස් පැට්‍රික් ෆෙලචර් විසින් පිරිමි දරුවන්ට සිදුකරන ලද අතවර පොලීසියට වාර්තා කිරීමට ඔහු අසමත් වූ බව පසුගිය මැයි මාසයේදී අනාවරණය වුණි. මේ සමයේදී පූජක විල්සන් ආධුනික පූජකවරයෙකු ලෙස මේට්ලන්ඩ් ප්‍රදේශයේ කටයුතු කරමින් සිට ඇත. පල්ලියේ කීර්ති නාමය ආරක්ෂා කිරීම සඳහා විපතට පත්වූ තරුණයින් ඉන් ඉවත් කර ඇත. ළමා ලිංගික අපයෝජන චෝදනා 9 ක් සම්බන්ධයෙන් 2004 වසරේදී ෆ්ලෙචර් වරදකරු වූ අතර ඉන් වසර දෙකකට පසු ඔහු සිරගත කෙරුණි. නඩු විභාගය අතරතුරදී ඊට ප්‍රතිචාර දැක්වූ විල්සන් පූජකවරයා  තමන් ෆ්ලෙචර්ගේ ක්‍රියාවන් ගැන දැන සිටි බව ප්‍රතික්ෂේප කළේය. මෙම නඩුව පසෙකට කර දැමීමට විල්සන් අගරදගුරුතුමාගේ නීතිඥයින් අවස්ථා හතරකදී උත්සහ කළහ. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ 67 හැවිරිදි වියේ පසුවන පූජකවරයා අල්සයිමර් රෝගයෙන් පෙළෙන බවය. කෙසේවුවත්, අපයෝජනයට ලක්වූ තරුණයෙකු වන පීටර් ක්‍රේ අධිකරණය හමුවේදී අනාවරණය කළේ තමන් අපයෝජනයට ලක්වූ බව ඒ සිදුවීමෙන් වසර පහක් ගතවී ගොස් 1976 වසරේදී විල්සන් පූජකවරයාට පවසා සිටි බවයි. විනිසුරු ස්ටෝන් විසින් පූජක විල්සන්ගේ නීතිඥයින් විසින් පැවසූ ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අතර පීටර් ක්‍රේ විසින් පවසන දෑ විශ්වාස කළ හැකි බව පැවසුවේය. BBC හා The Guardian ඇසුරිනි

No comments:

Post a Comment