Wednesday, August 1, 2018

# director # film

Lucy සිනමාපටයේ අධ්‍යක්ෂවරයාට දූෂණ චෝදනා

ප්‍රංශ ජාතික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ලුක් බෙසන්ට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී ඇත. නිරූපණ මෙන්ම රංගන ශිල්පිනියක ද වන සෑන්ඩ් වැන් රෝයි පැරිස් පොලීසියට පවසා ඇත්තේ, ලූක් විසින් ඇය කිහිපවරක්ම දූෂණයට ලක්කළ බව හා ඒ නිසාම තුවාල ලැබූ ඇගේ සිරුරින් රුධිරය ද ගලාගිය බවයි. පසුගිය අප්‍රේල් මසදී ඇය පදිංචි වී සිටි නිවසට අනවසරයෙන් ඇතුළු වුණු ලුක් විසින් ඇයව අතවරයට ලක්කර ඇත. තමන්ට ලිංගිකව එක්වීමට කිසිදු අවශ්‍යතාවක් නොපැවති අවස්ථාවකදී තමා යටට ඇඳ සිටි සාය ඉවත් කළ ලූක් බලහත්කාරයෙන් තමා සමග ලිංගිකව හැසිරුණු බවත්ය. ‘ලූක් කිසිලෙසකින්වත් නැවතුණේ නැහැ‘ යන්න ඇය පැරිස් පොලීසියට පවසා ඇත. මැයි මාසයේදී සිට කතාබහට ලක්වන මෙම සියලු චෝදනා ලූක්ගේ නීතිඥවරයා වන තෙරේ මැරම්බර්ට් විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. වැඩිදුරටත් අදහස් දක්වන නීතිඥවරයා පවසන්නේ, තමා නිර්දෝශී බව ඔප්පු කිරීමට ලූක්ට හැකිවනු ඇති බවත් මෙම පුවත ඇසූ ඔහු පුදුමයට පත්වු බවත්ය. බෙසන්, #MeToo යුගයේදී පළමු වරට දූෂණ චෝදනා වලට බඳුන් වු පළමු සිනමා ශිල්පියා වේ. ලූක් විසින් 2017 වසරේදී අධ්‍යක්ෂණය කළ Valerian and the City of a Thousand Planets සිනමාපටයට ද සෑන්ඩ් රංගනයෙන් දායක වී ඇත. Lucy, 3 Days to Kill, Valerian and the City of a Thousand Planets, The Big Blue, The Transporter, Taken, Kiss of the Dragon හා La Femme Nikita යන සිනමාපට ලුක් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිනමාපටයන්ය. රටේ අනන්‍යතාව සිනමා කර්මාන්තය වි තිබෙන තත්ත්වයක ඇමරිකානු සිනමාව තුළ හාවේ වින්ස්ටන්ට හිමිවී ඇති තැන ප්‍රංශයේ වෙසෙන බෙසන්ට හිමිවී ඇති අතර ඔහුට එරෙහිව දූෂණ චෝදනා එල්ල වීම ජාත්‍යන්තර මාධ්‍ය තුළ කතාබහට ලක්වේ. The New York Times ඇසුරිනි

No comments:

Post a Comment