Tuesday, August 14, 2018

#MeToo – නොබියෝෂි අරාකිව විවේචනය කරයි

සරාගී ඡායාරූප සිය කැමරා කාචයට හසුකරගන්නා කලාකරුවෙකු ලෙස ප්‍රකටව සිටින ජපන් ජාතික නොබියෝෂි අරාකි #MeToo ව්‍යාපාරයේ දෝෂ දර්ශනයට ලක්වී ඇත. පසුගිය දෙවැනිදා වර්සෝවේ පිහිටි රස්ටර් ගැලරියේදී මෙම විරෝධතාව පැවත්වුණු අතර වසර 16 ක් පුරා නොබියෝෂිගේ ඡායාරූප වලට පෙනී සිටින නිරූපණ ශිල්පිනියක වන කයෝරි ද මීට සහභාගී වුවාය. එහිදී කයෝරි චෝදනා කර තිබෙන්නේ නොබියෝෂි ඇයව සූරාකෑමට ලක්කළ බවටයි.
Żubryce Mówimy Nie (Bison Ladies, We Say No) නම් ස්ත්‍රීවාදී කලා සමූහයේ සාමාජිකයින් බයිසන් ගවයින්ගේ අනුරුවට අනුව සකසන ලද වෙස් මුහුණු පැළඳගෙන මෙම විරෝධතාවට පැමිණ තිබෙන #MeToo ව්‍යාපාරය මේ විරෝධතාවට උත්තේජනය සපයා ඇත. අරාකිගේ kinbaku-bi (Japanese rope bondage) ඇතුළු ගෘංගාරත්මක ඡායාරූප ගණනාවක් ජනප්‍රිය වී ඇති අතර මේ කාලය පුරා ඔහු විසින් ඇය ලිංගික හිංසාවට කළ බව අනාවරණය නොකළත් දැඩි ලෙස මානසික පීඩාවන් සිදුකළ බව අනාවරණය කර ඇත.
මේ වනවිට 78 හැවිරිදි වියේ පසුවන අරාකි කෘතීන් 500 කට අධික ප්‍රමාණයක් රචනා කර ඇති අතර ලෝක සම්භාවනාවට පාත්‍ර වූ ඡායාරූප ශිල්පියෙකු වන අතර කයෝරි විසින් නගන සියලු චෝදනා ප්‍රතික්ෂේප කර සිටියි. ඔහුගේ නිර්මාණ කීපයක්
Frieze හා Japan Trends ඇසුරිනි

No comments:

Post a Comment