Tuesday, August 14, 2018

MATANGI / MAYA / M.I.A. සිනමාපටය ඔක්තෝබරයේදී

ස්ලම් ඩෝග් මිලියනර් සිනමාපටයේ සංගීතඥ ඒ. ආර්. රහුමාන් සමග ‘ඕ සායා – යේරෝ මායා‘ ගීතය ගැයූ දැරිය ඔබට මතකද ? එකල මායා නමින් හැඳින්වුණු ඇය අද හැඳින්වෙන්නේ M.I.A. නමිනුයි. ඇගේ ජීවිතය පදනම් කරගනිමින් නිර්මාණය වූ MATANGI / MAYA / M.I.A. වෘත්තාන්ත සිනමාපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට මාධ්‍යට මුදාහැර අවසන්. මතන්ගි යන නාමයෙන් හැඳින්වුණු මේ දැරිය ඊරෝස් සංවිධානය ගොඩනැගීමට දායක වූ අරුල් ප්‍රගාසම්ගේ ගේ දියණිය ද වනවා. ස්ටීව් ලව්රිච් විසින් අධ්‍යක්ෂණය කෙරුණු MATANGI / MAYA / M.I.A. සිනමාපටයේදී පසුගිය වසර 22 ක කාලය පුරා M.I.A.ගේ දිවිමගේ සනිටුහන් වූ සුවිශේෂී සංධිස්ථාන වලදී හසුකරගත් වීඩියෝ දර්ශන පෙළගස්වා තිබෙන බව සඳහන්. බිහිසුණු යුද සමයේදී මෙරටින් නික්මී සිය පවුලේ පිරිස ද සමග ජීවිත රැකවරණ පතමින් එක්සත් ජනපදයට යන මතන්ගි පසුකාලනීව මායා බවට පත්වුණු පත්වුණු අතර මේ වනවිට ඇයව හඳුන්වනු ලබන්නේ M.I.A. යන නමිනුයි. දේශපාලනික මෙන්ම කලා ලොව තුළ ද M.I.A. විඳි අත්දැකීම් වල එකතුවක් දිගහැරෙන මේ සිනමාපටය තුළ හිපොප් තාලයන්ගේ ආභාසය ලබන මායා පසුකාලීනව අපූර්ව කටහඬක් උරුමකරගත් තැනැත්තියක ලෙස සිය අනන්‍යතාව සනිටුහන් කරමින් ජනප්‍රිය වූ අන්දම පෙළගස්වා තිබෙන බව සිනමාපටය වෙනුවෙන් නිර්මාණය වී තිබෙන වෙබ් අඩවිය තුළ දක්වනවා. (https://www.miadocumentary.co.uk/ )
කෙසේවුවත්, අදාළ වෙබ් අඩවිය ඇයව හඳුන්වාදී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දමිළ සන්නද්ධ ව්‍යාපාරයේ සමාරම්භකයාගේ දියණිය ලෙසිනුයි. ( https://www.miadocumentary.co.uk/synopsis/) පහතින් ඇත්තේ ඇගේ ජීවන අත්දැකීම් අළලා නිර්මාණය වූ සිනමාපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටයයි. එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා සිට එක්සත් ජනපදයේදී තිරගත වීමට නියමිතය. පහතින් දැක්වෙන්නේ එහි පළමු පූර්ව ප්‍රචාරක පටයයි Tamil Culture හා MATANGI / MAYA / M.I.A. නිළ වෙබ් අඩවිය ඇසුරිනි

No comments:

Post a Comment