Wednesday, June 29, 2016


 Han Kang - The Vegetarian  කෘතිය පිළිබද සම්මුඛ වෙමින් 


දකුණු කොරියානු ලේඛිකාවක වන Han Kang ගේ The Vegetarian කෘතියට මෙවර මෑන් බුකර් සම්මානය හිමිවිය. The Vegetarian කොරියන් බසින් රචිත කෘතියක් වන අතර Deborah Smith මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කළාය. Han Kang මෑතකදී මාධ්‍යය හා සංවාදයට එළඹියේ මෙලෙසිනි. 



ගාබ්‍රියෙල්  ගාර්ෂියා මාකේස් වරෙක පවසන්නේ ඔහුගේ  නිර්මාණයන්ට හැමවිටම අත්වැලක් වූයේ හුදකලාව
බවයි. ලේඛකයෙක් වගේම මනුස්සයෙක් විදියට විවිධාකාරයේ දේවල් වලින් අපි විපරීතයට ලක්වෙනවා.මේ විදියට ඔබව දිගින් දිගටම විපරීතයට පත්කරන දේවල් තියෙනවද ?

ඔව්, මේ කතාව ඇත්තක්. මගේ පළමු නවකතාව ලිව්වේ මම ලියන්නේ මොනවාදැයි කියාවත් හරිහැටි නොදැනයි.මගේ ඇතුළාන්තයේ පැවති හැගීම් වල බලපෑමත් සමග නොලියා ඉන්න නොහැකි නිසා මම ලිව්වා. හැබැයි. The Vegetarian කෘතිය තුළ නිරූපණය වන්නේ සර්වව්‍යාපී බව හා අස්ථිර හිංසනය ප්‍රතික්ෂේප කරන
ගැහැණියක් ගැන කතාවක්. මා රචනා කළ වෙනත් නවකතාවක ප්‍රධාන කතානායිකාවක්  භාෂාවේ තිබෙන ප්‍රචණ්ඩත්වය ගැන අවබෝධ කරගෙන භාෂාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මගේ තරුණ අවදියේදී මමත් ප්‍රචණ්ඩත්වයට දැඩිව ගොදුරු වෙලා තියෙනවා. .


මනුස්සයෙක් විදියට ප්‍රචණ්ඩත්වය මනුෂ්‍යත්වයේම කොටසක් බව මම පිළිගන්නේ කොහොමද?.


ඔබ මෙහිදී අදහස් කළේ 1980 දී Chun Doo Hwanගේ රෙජීමයට එරෙහිව මැයි 18 වැනිදා සිදුකෙරුණු
ප්‍රජාතන්ත්‍රවාදී නැගිටීමේ (Gwangju Massacre)දී  Jeonnam සරසවියේ සිසුන් හා සාමාන්‍ය ජනතාව ඝාතනයට ලක්වීම පිළිබදවද ?

මමත් මනුස්සයෙක්. හැබැයි. මනුස්සයෙක් විදියට ප්‍රචණ්ඩත්වය මනුෂ්‍යත්වයේම කොටසක් බව මම පිළිගන්නේ කොහොමද?.

මේ විදියේ පීඩාවන් මාව නිරන්තරයෙන්ම තැතිගන්වනවා. එදිනෙදා ජීවිතයේදී මස් ආහාරයට ගැනීම හා  ඒවා පිළියෙල කිරීමට සිත යොමුකිරීම ආදියෙන් ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණයට ලක්වී තිබෙනවා.


කොහොම වුණත් අපි හැමෝටම නිකම්ම නිකං ගස්වැල් බවට පත්වෙන්න බැහැ.


අපි නවකතාවක් ලියන හැමවිටකදීම සුවිශේෂී ප්‍රශ්නයක් ගැන අවධානය යොමුකරන්න වුවමනා වෙනවද නැත්නම් එවැනි ගැටලුවක් ඉබේම
සිතට ගලාඑනවද ?

අවුරුද්දක් දෙකක් එකදිගට ලේඛනයේ යෙදෙන්න අමාරුයි. මම රචනා කළ Writing Your Cold Hand (2002)කෘතිය ලියන්න අවුරුද්දක් විතර ගතවුණා. මම ඉතාම කෙටි කාලයක් තුළදී රචනා කළ කෘතිය එයයි.  නවකතාවක් රචනා කරන්න මට ගතවුණු වැඩිම කාලය වුණේ වසර හතරක්. මේ අත්දැකීම හරිම වෙනස්.   දැවෙන ප්‍රශ්න ගණනාවක් මා තුළ තිබුණා.  නවකතාවක් රචනා කරන්න තරම් කරුණු මේ තුළ තිබුණා. මගේ පසුගිය නවකතාවට පදනම් වූ කරුණු ඔස්සේ අලුතෙන් නිර්මාණය වුණු නවකතාවට මග සැලසුණා. ප්‍රශ්න හා නවකතාවන් අඛණ්ඩව එකිනෙක හා බැදී  කටයුතු කරනවා. උදාහරණයක් විදියට ගත්තොත්  The Vegetarian කෘතියෙන් මම ප්‍රශ්න කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රචණ්ඩත්වය හා ඔවුන් පරිපූර්ණත්වයට පත්වීම ගැනයි. කොහොම වුණත් අපි හැමෝටම නිකම්ම නිකං ගස්වැල් බවට පත්වෙන්න බැහැ.අපිට නොමැරී ජීවත්වෙන්නට සිද්ධවෙනවා.ඉතිං මෙහෙම ප්‍රචණ්ඩකාරී ලෝකයක අපි ජීවත්වෙන්නේ කොහොමද?.


The Vegetarian කෘතිය රචනා කිරීමේදී මා අත්විදි  පුද්ගලික අත්දැකීම්  රැසක් ඉවහල් වුණා. 



ඔබ එක කාලයකදී  එළවළු පමණක් ආහාරයට ගන්නා කෙනෙක් වී සිටියා. මේ කාරණය The Vegetarian කෘතියට පදනම් වෙන්නේ කොහොමද ?

මගේ වයස අවුරුදු  20 දී එළවළු පමණක් ආහාරයට ගත්තා. මේ කාලේදී මගේ ළගින් හිටිය හැමදෙනාම මාව මස් කෑමට යොමුකරන්න ගත්තා. කොරියානු සමාජය සාමූහිකත්වය මත පදනම් වුණු සමාජයක් වූ නිසාම අනෙක් අයට වඩා වෙනස් විදියේ ආහාරගන්නා අමාරු වුණා. අවසානයේදී මගේ කෑමවේලට මස්, මාළු වගේ දේවල් එකතු කරගන්න කියලා වෛද්‍යවරයකු මට උපදෙස් දුන්නා.

ඇත්තටම, The Vegetarian කෘතිය රචනා කිරීමේදී මා අත්විදි  පුද්ගලික අත්දැකීම්  රැසක් ඉවහල් වුණා.
ඒ වගේම අවුරුදු 26 දී මා රචනා කළ Fruits of My Woman (2000) කෘතියේ පැවති මූලික ලක්ෂණ රැසකුත්
මේ කෘතියට පදනම් වුණා. මේ කෘතියේ ප්‍රධාන චරිත වී සිටියේ කාන්තාවක් හා පුරුෂයෙක්.එක දවසක් මේ පුරුෂයා සිය රැකියාව නිමාකරලා නිවසට පැමිණියාම ඔහුගේ බිරිද ගහක් බවට පත්වෙලා සිටියා. ඉතිං මේ මනුස්සයා මේ කාන්තාව මල් පෝච්චියක පැළ කරලා ඇයට සාත්තු සප්පායම් කරලා අවසන් බිජුව දක්වාම ඇයව රැකබලා ගත්තා. කාලෙන් කාලෙට සිදුවුණු දේශගුණ වෙනස් වීමත් සමගින් මේ කාන්තාව ඇගේ අවසන් බිජුවත් ලබාදුන්නා.  තමන්ගේ බිරිදට මීළග වසන්ත කාලයේදී ඵලදරන්න පුළුවන් වේවිද කියලා මේ සැමියා කල්පනා කරනවා.

ඇත්තටම, මේ කතාව හරිම අදුරු හා මැජික් බව මුසුවුණු නිර්මාණයක් බව හදුනාගන්නට හැකියි. මේ කෘතිය නිමාකිරීමෙන් පස්සේ මෙය නැවතත් වෙනස් දැක්මකින් රචනා කරන්න මට වුවමනා වුණා. මේ කෘතිය රචනා කරලා වසර ගණනාවකින් පස්සේ The Vegetarian හරිම අදුරු හා වෙනස් කෘතියක් විදියට නිර්මාණය වුණා.

කොරියානු ලේඛිකාවන්ට සිය ලිංගිකත්වය නිසාවෙන්ම අනෙක් රටවල දක්නට නොලැබෙන විදියේ විෂම වුණු සැලකිලි හිමිවන බව දැකගැනීමට හැකියි. ඔබ මේ ගැන දරන්නේ මොනවගේ අදහසක්ද ?

මෙය ඇත්තක් වගේම තරමක පුදුම සහගත කතාවක්. මම කාන්තාවක් වුණු පමණින් වෙනස් අන්දමේ සැලකිල්ලක් මට හිමිවෙලා නැහැ.දක්ෂතාවෙන් පිරිපුන් කොරියන් ලේඛිකාවන් රැසක් ඉන්නවා. මොවුන්ගෙන් තොරව කොරියන් සාහිත්‍යයට පදනමක් නැහැ. මේ කාරණය ගැන මීට පෙරත් මම අවධානය යොමුකරලා තිබෙනවා. කොරියන් සාහිත්‍යය තුළ සියලුදෙනාට සමාන අයිතීන් හිමිවිය යුතු බව මගේ අදහසයි.
















No comments:

Post a Comment