Wednesday, November 2, 2016

# Bob Dylan # Nobel Pirze






ඩිලන් හා නොබෙල්




මෙවර සාහිත්‍යය වෙනුවෙන් වූ නොබෙල් සම්මානය සඳහා නිර්දේශ වී සිටින්නේ Bob Dylan ය. ලොව පළමුවරට ඇමරිකානු සංගීතඥයකුට නොබෙල් සම්මානය හිමිවන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. කෙසේවුවත්, තමන්ට හිමිවීමට නියමිත නොබෙල් සම්මානය පිළිබඳ සතුටුදායක හැඟීමක් ඔහු තුළ පවතීයැයි ඔහු දක්වා තිබෙන අදහස් වලින් හඳුනාගත නොහැකිය. 

Bob Dylan සාහිත්‍ය සම්මානයට නිර්දේශ වූ බවට ප්‍රකාශ කෙරුණු අවස්ථාවේදී ඔහු ඒ පිළිබඳ සිය අදහස් මාධ්‍යයට පළකර සිටීමෙන් පවා වැළකී සිටියේය. 

තමන්ට හිමි නොබෙල් සම්මානය හිමිකරගැනීමට ස්ටෝක්හෝම් වෙත යාම පිළිබඳ දෙහිතකින් Bob Dylan පසුවන බව පසුගියදා ඔහු මාධ්‍ය සමග බෙදාහදාගත් අදහස් තුළ දැකගත හැකිවිය. පසුගියදා The Telegraph සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේ දී තමන්ට හිමි නොබෙල් සම්මානය හිමිකරගැනීමට ස්ටෝක්හෝම් වෙත යනවාදැයි Dylan විමසූ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ ‘සමහරවිට මම ස්ටෝක්හෝම් වෙත යාමට ඉඩ තිබෙනවා‘ යන්නයි.

 


ඩිලන්, නොබෙල්  සම්මානයට නිර්දේශ වූයේ ඇයි ?



කෙසේවුවත්, Bob Dylan වෙත නොබෙල් සාහිත්‍ය  සම්මානය හිමිකරදීමට හේතුවන කරුණ ලෙස දක්වා සිටින්නේ ‘‘ඇමරිකන් ගීත සම්ප්‍රදායට ඔහු එක්කළ කාව්‍යාත්මක බව නිසාවෙන් ‘‘ මෙම සම්මානය පුදදෙන බවයි. 




මීට පෙර නොබෙල් සම්මානය ප්‍රතික්ෂේප කළ පිරිස්  



Arnest Hemingway 1954 වසරේදී සාහිත්‍ය උදෙසා වූ නොබෙල් සම්මානය වෙනුවෙන් නිර්දේශ වූ අවස්ථාවේදී ඔහු ද ප්‍රථමයෙන් එම සම්මානය ප්‍රතික්ෂේප කළේය. එහිදී, සිය සම්මානය ලබාගැනීමට ස්ටෝක්හෝම් වෙත පැමිණීමට තමන් සූදානම් නැති බව පවසමින්  Swedish Academy ය ට හෙමින්වේ සිය අදහස් දක්වා සිටියේ මෙලෙසිනි. 
 ‘‘ලේඛකයෙකු තමන්ට පැවසීමට වුවමනා දේ රචනා කළයුතු අතර ඒ ගැන කතා නොකර සිටිය යුතුයි‘‘ යන්නයි.

මීට පෙර 1964 දී Jean-Paul Sartre  සාහිත්‍යය උදෙසා ඔහුට හිමිවීමට නියමිතව තිබූ නොබෙල් සම්මානය ප්‍රතික්ෂේප කර සිටියේය. ඊට හේතුව ලෙස Sartre දක්වා සිටියේ ‘‘අතිශය ගෞරවාන්විත අන්දමින් සිදුවුවත් ලේඛකයකු ආයතනගත වනු දැකීම ප්‍රතික්ෂේප කිරීමට ඔහුට හැකිවිය යුතුයි‘‘ යන්නයි. 

කෙසේවුවත්, Bob Dylan නොබෙල් සම්මානය ලබාගන්නවාද නැද්ද යන්න නොබෙල් සම්මානය පුදදෙන එළඹෙන දෙසැම්බර් 10 වැනිදා දැකගත හැකිවනු ඇත. 


No comments:

Post a Comment