Monday, November 7, 2016


නන්නාඳුනන්නී

ලෝකයට අළුතින් ඉපදෙන හැම කෙනෙක්ටම තමන්ගේම වුණු අනන්‍යතාවක් තිබෙනවා. තමන්ගේ කියන නමක් මෙන්ම ඔහුට/ඇයට ආවේණික වුණු පෙනුමක් හැම මිනිහෙක්ටම තිබෙනවා.

Elena Ferrante

එහෙම පසුබිමක ඉතාලියේ ජීවත් වන ලේඛිකාවක් සිය සැබෑ මුහුණ නොපෙන්වා වසර 24 ක් පුරා ලේඛනයේ නිරත වනවා. සිය සාර්ථක ලේඛන දිවිය තුළ මෙවර මෑන් බුකර් සම්මානය සඳහා නිර්දේශිත නාමයන් අතරට පැමිණීමට ද ඇයට හැකියාව ලැබෙනවා. ඒ ඇය රචනා කළ #The Story of the Lost Child කෘතිය වෙනුවෙනුයි. Elena Ferrante ඒ ඇයයි. ඒ කොහොම වුණත්, #Time සඟරාව 2016 වසරේ සමස්ත ලෝකයටම දැවැන්ත බලපෑමක් කළ හැකි පුද්ගලයන් 100 දෙනා අතරට ද #Elena ගේ නම ඇතුළත්කර තිබෙනවා.
ලේඛකයෙකු හෝ ලේඛිකාවක් නිර්මාණ කටයුතු වලදී සිය අනන්‍යතාවය හෙළිකල යුතුමද ?. ඔහුට හෝ ඇයට සිය අනන්‍යතාව හෙළි නොකරමින් ලේඛනයේ නිරතවිය නොහැකිද ? යන්න Elena ගේ කෘතීන් කියවන බොහෝ පාඨකයින්ට නැගෙන ප්‍රශ්නය විය හැකියි. 

‘පොතක් ලියැවුණාම තවදුරටත් එතැනට ලේඛකයෙකු වුවමනා වෙන්නේ නැහැ.‘. ‍ 


හැබැයි, ඇය ඒ ගැන කියන්නේ ‘පොතක් ලියැවුණාම තවදුරටත් එතැනට ලේඛකයෙකු වුවමනා වෙන්නේ නැහැ. ‍ #Elena කියන නම, මම කියමින් ඉන්න කතාව තවදුරටත් තීව්‍රරව දනවන්න උපකාරී වුණා‘ කියලයි.

Elena රචනා කළ නවකතා ද්විත්වයක් මේ වනවිට සිනමාපට බවට ද පත්වී තිබෙනවා. ඒ #Troubling Love (#L’amore molesto) ඇසුරින් නිර්මාණය වූ #Nasty Love වෘත්තාන්ත සිනමාපටය හා #The Days of Abandonment සිනමා නිර්මාණයයි.

‍#Elena මාධ්‍යයට සිය මුහුණ නොපෙන්වමින් ලබාදුන් සම්මුඛ සාකච්ඡා හා ලිපි ආදියේ එකතුවක් කෘතියක් ලෙසින් පසුගියදා නිකුත් වුණා. මේ කෘතිය නම්කර තිබෙන්නේ #Frantumaglia : #A Writer’s Journey ලෙසිනුයි.

#My Brilliant Friend (2012), #The Story of a New Name (2013), Those Who Leave And Those Who Stay (2014), The Story of the Lost Child (2015) ඇය ලියූ කෘතීන් අතරින් කිහිපයක්.
Those Who Stay කෘතිය තුළ Elena සිය අදහස් පළකරන්නේ එලෙසයි.


#L’amore molesto Trailer - https://www.youtube.com/watch?v=8hlmZk_QBlo

No comments:

Post a Comment