Wednesday, June 22, 2016

හෙන්රි මිලර් නම් ඔහු 



අප, නිවටයින් හෝ වීරයින් ලෙසින් කටයුතු කළත් නොකළත් අපේ  ජීවිත ඔහේ ගලායනු ඇත.‍ප්‍රශ්න නොකරම ජීවිතය පිළිගැනීමට වඩා, ජීවිතය රවටා ගැනීමේ කිසිදු හික්මීමක් නැත. 
අප ඇස්වලින් මැකී යන හැමදෙයක්ම, අප දිවියෙන් ගිලිහී යන සෑම දෙයක්මඅප ප්‍රතික්ෂේප කරන සෑම දෙයක්මඅවමන් ලබන මෙන්ම අවමානයට පත්වෙන සෑම දෙයක්ම අවසානයේදී අපව පරාජයට පත්කිරීමට හේතුවනු ඇත. මේ ජීවන ගමන්මග තුළ අති දුෂ්ට, වේදනා සහගත හා  නපුරු ලෙස පෙනෙන සෑමදෙයක් දෙසම විවෘත මනසකින් බැලූ කල ඒ සියල්ලක්ම 
සුන්දරත්වයෙන්, සතුටෙන් හා ශක්තියෙන් පිරිපුන් දෑ බවට  පත්විය හැකිය. යමෙකුට මේ සැබෑව අවබෝධ කරගත හැකිනම් ඒ  සෑම මොහොතක්ම සිය ජීවිතය තුළ හිමිකරගත් ස්වර්ණමය අවස්ථාවක් වනු ඇත.‘ හෙන්රි මිලර් 

හෙන්රි මිලර් කලෙකදී ඇමරිකාවේදී ගැරහුමට මෙන්ම සම්භාවනාවට පත්වුණු ලේඛකයෙකි.

මිලර්ගේ කෘතීන් රාශියකට ස්ත්‍රී-පුරුෂ ඇසුර, ලිංගිකත්වය පදනම් වූ නිසාම මුල්කාලයේදී ඔහු 
රචනා කළ කෘතීන් ගණනාවක් ඇමරිකාවේදී තහනමට ලක්වුණා. සමාජයේ දිවිගෙවන චරිත පිළිබද අධ්‍යයනය කර, සමාජය විචාරයේ යෙදෙමින් හා දාර්ශනික පිළිබිඹුවකින් යුතුව ඔහු සිය කෘතීන් රචනා කළා. 



මිලර් රචනා කළ කෘතීන් අතරින් The Tropic of Cancer, Black Spring, Tropic of 
Capricorn වැනි කෘතීන් ඒ අතරින් අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. 

ඔහුගේ ලේඛන ශෛලිය නූතන ලේඛක, ලේඛිකාවන්ට ද දැඩි බලපෑමක් කරන්නට සමත්වුණා. Zhou Wei Hui(Shanghai Baby,Marrying Buddha කෘතියේ රචිකාවිය) ඒ අතරින් අතිශයින් වැදගත් වන චරිතයක්.

නිව්යෝර්ක් හා පැරීසිය පදනම් කරගනිමින් රචනා කළ හෙන්රි මිලර්ගේ කෘතීන් බොහොමයක් 1961 වන තෙක් ඇමරිකාවේදී තහනමට ලක්වුණා. ඒ කෙසේවුවත්, 1934-80 අතර කාලයේදී මිලර් දැක්වූ සුවිශේෂී කලා කුසලතාවන් අතිශයින් කැපී පෙනුණා. 

1891 දෙසැම්බර් 26 වනදා ඉපදුණු හෙන්රි මිලර් 1980 ජූනි 7 වැනිදා මියගිය අතර අදටත් ඔහුගේ 
නිර්මාණ පිළිබද කතාබහ කෙරෙනවා. සිය වසර 88 ක සිය ජීවන කාලසීමාවේදී පස් වතාවක් විවාහ වුණු මිලර්ගේ විවාහ ජීවිතයන් ඔහුගේ නිර්මාණ වලට ද දැඩි පිටුබලයක් වුණා. 

මිලර්ගේ පළමු බිරිය වුණේ  Beatrice . 1917 හා 24 කාලයේදීයි. ඔහුගේ දෙවැනි බිරිද වුණේ June Miller (1924-34),Janina Martha Lepska (1944-52) , Eve McClure (1953-60)හා Hiroko Tokuda (1967-77)යි. 


එමෙන්ම,මිලර් සිය ජීවිතයේ අවසාන භාගයේදී සුරූපී රංගන ශිල්පිනයක වූ බ්‍රෙන්ඩා වීනස්ට පෙම් හසුන් 1500 කට අධික 
සංඛ්‍යාවක් ලියූ බව සදහන්ය. 


මිලර් Beatrice හා විවාහ වී සිටින කාලයේදීම june Edith නම් නර්තන ශිල්පිනිය සමග ඇසුරක් පැවැත්වූ බව සදහන්. ඔහුගේ නිර්මාණ ජීවිතයට ආලෝකයක් වුණේ ඔහුගේම ජීවිතයයි.  මේ කාලයේදී මිලර්ගේ ස්වයං චරිතාපදාන ත්‍රිත්වය වූ The Rosy Crucifixon ද ලියැවෙනවා. 


මීට වසර ගණනාවකට කලින් ජීවත් වුණු චරිතයක් වුණත් මිලර්ගේ නිර්මාණ  නූතන සමාජයටත් අදාළ බව නම් නොරහසක්.

මට සල්ලි නැහැ, කිසිම සම්පතක් නැහැ, කිසිම බලාපොරොත්තුවක් නැහැ ඒත් මේ ලෝකයේ ඉන්න තෘප්තිමත්ම මිනිහා මමයිහෙන්රි මිලර් 




















No comments:

Post a Comment