Thursday, June 16, 2016


මෙවර මෑන් බුකර් සම්මානය ගැහැණුන් දෙදෙනෙකුට 



The Vegetarian හා  Han Kang  

දකුණු කොරියානු ලේඛිකාවක වන Han Kang ගේ The Vegetarian කෘතියට මෙවර මෑන් බුකර් සම්මානය හිමිවිය.The Vegetarian කොරියන් බසින් රචිත කෘතියක් වන අතර Deborah Smith,The Vegetarian කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කළ අතර ඇයට ද මෑන් බුකර් සම්මානයක් හිමිවිය. මෙවර මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලද Han මේ වනවිට සියොල් විශ්වවිද්‍යාලයේ කථිකාර්යවරියක ලෙස සේවය කරන්නීය. Han රචනා කළ කෘතීන් අතරින් පළමුවරට ඉංග්‍රීසි බසට පරිවර්තනය වූ කෘතිය වන්නේ ද The Vegetarian ය.


The Vegetarian කෘතිය  පිළිබද  ..............

The Vegetarian කෘතියට පදනම් වන්නේ ගෙදරදොරේ සියලු වැඩකටයුතු සිදුකරමින් සිටි ගෘහණියකට එක් රැයක සිහිනයකින් ලැබෙන පණිවිඩයකින්  එළවළු පමණක් ආහාරයට ගැනීමට ගන්නා ලද  තීරණය හා නිවසේ වැඩකටයුතු වෙනුවෙන් ඔහේ සේදී යන ඇගේ ජීවිත කතාවය.



Deborah Smith  - Han Kang  මෑන් බුකර් වෙත ගෙන ආ බ්‍රිතාන්‍යය ගැහැණිය 

මෙහි පරිවර්තිකාව පිළිබද ද පැවසිය යුතුය.  Han කොරියන් බසින් රචනා කළ කෘතිය Smith විසින් පරිවර්තනය කරන විට ඇය 28 හැවිරිදි වියේ පසුවූවාය. මේ අවස්ථාව අතිශය සුවිශේෂී වන්නේ Smith සිය 21 හැවිරිදි වියේදී කොරියන් භාෂාව හැදෑරීමට ආරම්භ කිරීමත් ඒ වනතෙක් ඇය කිසිදු විදෙස් භාෂාවක් නොමැති වීමත් නිසාය.

ඇයට ඇයවම අහිමි වූ වග නම්  ? The Vegetarian 


The Vegetarian කෘතිය පිළිබද මෑන් බුකර් සම්මානය ලබාදීමට බලපෑ හේතුපාඨය ඉදිරිපත් කරමින් මෙහි විනිශ්චය මණ්ඩල සාමාජිකයකු වූ Boyd Tonkin මෙලෙස සදහනක් සිදුකරන්නේය.

‘The Vegetarian කෘතිය තුළින් සාමාන්‍ය ගැහැණියක් සිය පවුල, සාමාජය හා නිවසේ සෑමදෙනා වෙනුවෙන් වූ සියලුම ප්‍රතිඥාවන් හා කල්පිතයන් ප්‍රතික්ෂේප කිරීමට ගන්නා වෑයම හදුනාගත හැකි අතර එකිනෙකට වෙනස් හඩවල් තුනකින් හා වෙනස් පර්යාලෝක ත්‍රිත්වයකින් මනා කතා පෙළක් ඔස්සේ සංක්ෂිප්තව රචනා කර ඇත.මෙය කාව්‍යාත්මක හා විවරණාත්මක භාෂා ශෛලියක් අනුව ලියැවුණු කතාවක් වන අතර මෙම ගැහැණිය ඇය කෙරෙහිම දක්වන පවතින දැවැන්ත ප්‍රතික්ෂේප කිරීම හා ඉන් සමස්ත සමාජයටම බලපවත්නා බලපෑම මෙහි විවරණය කර ඇත.යන්නයි‘


ඇය සිය ජීවිතයේ පළමුවරට සිය සැමියා සමග ගතකළ කාලය පිළිබද සිහිපත් කරන්නට පටන්ගත්තාය. ඒ ජීවිතය  ඔහේ සතුටින්  ගතවී ගිය කාලයක් වූ අතර ඇය ඇයටම  දඩුවම් පමුණුවා ගත් කාලයක් විය.‘  

The Vegetarian හි සදහනක් 

No comments:

Post a Comment