Thursday, March 10, 2016

මගේ අරගලය ජනගත වූ කල - කාල්  ඕවේ නොග්ස්ගාර්ඞ්


 
Min Kamp කෘතිය හිට්ලර් විසින් රචනා කරන ලද ස්වයං චරිතාපදානය බව දනිමු. නෝර්වේජියානු ලේඛකයකු වන කාල්  ඕවේ නොග්ස්ගාර්ඞ් විසින් රචනා කළ My Struggle (Min Kamp) කෘතියට පදනම් වන්නේ එවැනි තේමාවකි.
''එදින මීට වසර 18 කට පෙර උදාවුණු ගිම්හානයේ දිනයකි. ඒ මොහොතේදී මා හා මගේ සොහොයුරා ක‍්‍රිස්ටියන්සෑන්ඞ් නගරය පසුකරමින් සිටි අතර මාර්ගයේ පවතින දැඩි වාහන තදබදය හා අධික රස්නයෙන් මිදීමට තැත් දරමින් සිටියෙමු. ක‍්‍රිස්ටියන්සෑන්ඞ්, නගරය මගේ පියා ඉපදුණු නගරය වූ අතර අප දෙදෙනා ඒ මොහොතේ ගමන් කරමින් සිටියේ අප පියාගේ මළගමට සහභාගී වීමටයි. දැඩි රස්නය මගහරවමින් ඒ මොහොතේ වැස්සක් ද ඇදහැලෙන්නට වූ අතර මා සොහොයුරා මෝටර් රියේ වයිපරය ක‍්‍රියාත්මක කළේය. මා දෙස කිසිදු බැල්මක් නොබැලූ ඔහු පවසා සිටියේ කවුරුවත් මේ කතාව විශ්වාස නොකළත් ඔබට මේ ගැන ලියන්නට පුළුවන්'' යන්නයි' 'ගාර්ඩියන්' වෙත අදහස් දැක්වූ ඔහු පසුගියදා පවසා සිටියේය.
                                                                   
කාල් රචනා කළ My Struggle (Min Kamp) කෘති පෙළ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් කෘති පෙළක් වූ අතර මේ කෘති පෙළට පදනම් වූයේ කාල්ගේ හා ඔහුගේ සමීපතමයින්ගේ ජීවන අත්දැකීම්ය. විශේෂයෙන්ම, කාල්ගේ පියා පිළිබඳ මෙම කෘතිය තුළ බොහෝ කරුණු සටහන් වී තිබුණු නිසා කාල්ගේ පවුලේ සාමාජිකයින්ගේ වුවමනාව වී තිබුණේ මෙම කෘතිය මුද්‍රණය වීම වැළැක්වීමටය.

''තරුණයෙක් ලෙසින් මා හැදී වැඩුණු කාලයේදී තාත්තා සරළ ජීවිතයක් ගතකළා. නමුත්, ඔහු කුමන හෝ මොහොතකදී වෙනස් වේවිදැයි නිශ්චිතව පවසන්නට හැකිනොවීම දරුවෙක් ලෙසින් මට මුහුණදෙන්නට සිදුවුණු ගැටළුවක් වුණා. මට වයස අවුරුදු 16 පමණ වෙද්දි තාත්තා අතිශය දරුණු විදියට බීමතට ඇබ්බැහි වුණා. අවසානයේදී ඔහු ගෙදරින් නික්මී ගියා. ඒ සමගම තාත්තා මගේ ජීවිතයෙන් අතුරුදහන් වුණා. ඔහු අළුතින් පවුල් වෙලා ආයෙත් දරුවෝ හැදුවත් ඔහුගේ ජීවීතේ කොතැනක හෝ වැරදුණු තැනක් තිබුණා. ඒ වයසේ දරුවෙකු හා මාපියන් අතර පවතින සම්බන්ධතාවය එක් පැත්තකට පමණක් සීමාවුණු සබඳතාවක් වන අතර දරුවන් නිරන්තරයෙන් උත්සහ ගන්නේ මාපියන්ගෙන් වියුක්ත වීමටයි. තරුණ වයසේ දරුවන් නිරන්තරයෙන්ම උත්සහගන්නේ ඔවුන්ගේම වූ ලොවක් ගොඩනගන්නටයි. එබැවින්ම, මේ කාලපරිච්ෙඡ්දය හරිම රසවත් වුණා.'' යන්න සිය කෘතිය පිළිබඳ අදහස් පළකරන කාල් පවසයි.

''දරුවන්ට කඳුළටත් වඩා දරාගැනීමට අසීරු එකම දෙය වන්නේ නිම්හිම් නැති සතුටයි.'' කාල්  ඕවේ



No comments:

Post a Comment