Friday, March 25, 2016


ජීවිත සටන ගීතයක් වූ කල 

සිය දියණියගේ කුළුඳුල් කුසලතා එළිදකින හැටි දැකගැනීමේ දැඩි වුවමනාවෙන් ඇගේ මාපියන් පල්ලියේ මුල් අසුන් පෙළේ වාඩිගෙන සිටියා. ඒත් හිටිහැටියේ මෙතැනට කඩා වැදුණු සුදු හම ඇති මිනිසුන් පිරිසක් මේ යුවළ මුල් අසුන් පෙළින් ඉවතට ඇද දමා ඔවුන්ට පසුපෙළ අසුන් වල හිඳගැනීමට සැලැස්වුවා. ඒ ඔවුන් කළු සමක් ඇතිව ඉපදුණු නිසාවෙනුයි.

සිය පළමු ගායනය වූ "God Be With You, Till We Meet Again"  ගයන්නට සූදානමින් සිටි දැරිය ඇගේ මාපියන්ට නැවතත් ඉදිරිපෙළ අසුන් වල හිඳගැනීමට දෙන තෙක් ඇගේ ගීය නොගයන බව පවසා සිටියා. Eunice Kathleen Waymon නමින් උපන් මේ දැරිය පසුකලෙක Nina Simone නමින් සිය නම වෙනස් කළා. 

‘‘ආදරය තවදුරටත් මේසය වෙත පැමිණ පිළිගැන්වීම් නොකරන කල මේසයෙන් ඉවත් වී යෑමට ඔබ ඉගෙනගෙන සිටිය යුතුය.’’



ඇය තැලී පෙලෙන මිනිසුන්ට හඬක් අවැසි වූ විට ඔවුන්ගේ හඬ වූවාය. වේදිකාව මතදී ඇය පළකල නිහඬ බව ද ඇය සිය අදහස් ප‍්‍රකාශ කළ අවියක්ම විය.

Nina පිළිබඳ මේ දිනවල බොහෝ දෙනෙකු කතාබහ කරන්නේ ඇගේ ජීවිතය අළලා නිර්මාණය කළ What Happened, Miss Simone වාර්තා චිත‍්‍රපටයට හිමිවන කීර්තියත් සමගිනි.

Nina Simone ඇමරිකන් ගායිකාවක, ගීත රචිකාවියක, පියානෝ වාදන ශිල්පිනියක හා සමාජ පිරිස් වල අයිතීන් වෙනුවෙන් 1954-2003 කාලසීමාවේදී හඬ නැගූ ශිල්පිනියකි. ජෑස්, බ්ලූස්, ජන සංගීතය, ගොස්පෙල් හා පොප් ආදී සංගීත ශෛලීන් ගණනාවක සිය දක්ෂතා පෙන්නුම් කිරීමට ඇය සමත්වූවාය.

සිය නිර්මාණ තුළින් Nina ට කළු ජාතික කාන්තාවක ලෙස විඳින්නට සිදුවු දුක් ගැහැට පිළිබඳ පවසන්නට ඇය නිරන්තරයෙන් උත්සහ දැරුවාය.


ජීවිතය අරුමයක් වූ කල

පිලඩෙල්පියා වල පිහිටි Curtis Institute of Music ඇකඩමියේ අධ්‍යාපනය හැදෑරීමට භසබ් සිය තරුණ වියේදී අයදුම් කළ අතර එම තෝරාගැනීමේ පරීක්ෂණයේදී ඇය ප‍්‍රතික්ෂේප වන්නේ ඇය කළු ජාතික කාන්තාවක වූ බැවිනි. කෙසේහෝ මේ සිදුවීමෙන් වසර ගණනාවක් ගතව ගිය තැන 2003 වසරේදී ඇගේ මරණයට දින දෙකකට පෙරාතුව ඇයට මෙම සංගීත ඇකඩමියෙන්ම ගෞරව උපාධියක් පිරිනැමුණි.

Nina Simone 1958 වසරේදී පමණ සිට ගීත ඇල්බම් 40 කට ගණනාවකට ඇය සිය හඬ දායකත්වය ලබාදුන්නාය.

I Loves You, Porgy, My Baby Just Cares for me, I put a Spell on You, Wild is the Wind  වැනි ගීත ඇය ගැයූ ගී අතරින් අතිශය ජනප‍්‍රියත්වයට පත්වු ඒවාය.

Nina Simone ජීවන චාරිකාව ඇසුරින් නිර්මාණය වූ වාර්තා සිනමාපටය

Ninaගේ ජීවිත කතාව හා ඇගේ දිවියේ සුවිශේෂී සංධිස්ථාන පදනම් කරගෙන නිර්මාණය වූ What Happened, Miss Simone,  Liz Garbus ගේ වාර්තා සිනමාපටයකි 

2015 Sundance උළෙලේදී මේ සිනමාපටය ප‍්‍රදර්ශනය වු අතර 2016 ඇකඩමි උළෙලේදී හොඳම වාර්තා සිනමාපටයට හිමි සම්මානය උදෙසා ද නිර්දේශ විය. මේ සිනමාපටයේ නම යොදාගෙන තිබෙන්නේ මායා ඇන්ජිලෝ ගේ පාඨයකිනි.

‘‘මට නිදහස කියලා කියන්නේ බිය නැතිකමයි.’’

Nina Simone

No comments:

Post a Comment