Thursday, November 20, 2014

නොබෙල් සම්මානලාභී ලේඛිකාවක් වූ නඩින් ගෝඩිමර් වරෙක පවසන්නේ මගෙන් තොරව ජීවත්විය නොහැකි කෙනෙකු සමග මට ජීවත්විය නොහැකියි කියලා අපිට ජීවිතයක් ලැබෙනවා” නීරෝගී මිනිහෙක් විදියට දිවි ගෙවන්න ලැබෙනවා” ආදරය රැුකවරණය ලැබෙනවා” හැබැයි මේ කිසිම දෙයක් තමන්ගේ ජීවිතයට හිමිනොවන පිරිසකුත් ඉන්නවා” සමහරවිට ඒ කිිසිම දෙයක් නියම විදියට නොලැබෙන මිනිස්සුත් ඉන්න පුලූවන්” හිමිවීම් අහිමිවීම් මැද්දේ ගතවෙන මේ ජීවිතේ ඇතුළේ අපිට අපිවත් හිමි නැතිනම් එතනින් එහාට වෙනත් කෙනෙක් ගැන අන් කවර කතාද? කතාව මේකයි” කලෙක ආදරයෙන් බැඳිලා හිටිය යුවළකට එකිනෙකාගෙන් වෙන් වී යන්න සිද්ධවෙනවා” ඒ ඔවුන්ගේ වැරැුද්දක් නිසා නෙමෙයි” ආර්ථිකය සමාජ සම්ප‍්‍රදායන් ඒ කිව්වේ හඳහන වාගේ කාරණා මේකට බලපානවා” අවසානේ ඔවුන්ට සිද්ධවෙන්නේ එකිනෙකාගෙන් වෙන්වෙන්න” ඔවුන් වෙන්වෙනවා” වෙන්වෙනවා කිව්වට ඔවුන් අතර කායිකව තිබුණු බැඳීම් වලින් වෙන්වීම විතරයි ඇත්තටම සිද්ධ වෙන්නේ” දෙන්නට දෙන්නා හමු නොවුණත් ඉඳහිට හෝ අඩුම තරමේ රණ්ඩු වෙන්න හෝ ඔවුන් කතාකරනවා” ආදරය කරපු දෙදෙනෙක්ට එහෙම හරි කතාකරන එකත් කෙහොමට දැනෙනවා ඇතිද ” නඩින් ගෝඩිමර් කිව්ව කතාව මෙතෙන්ට අදාළ වෙන්නේ කොතැනදී ද කියලා මටත් හිතාගන්න බැහැ” දෙදෙනා ආදරයෙන් බැඳී ඉන්න කාලෙදී අතිනත පටලා ඇවිදගිය මාවත් වල සැරිසරන්න ඔවුන්ට නොහැකි වෙලා” ආදරෙන් බැඳී ඉන්න අනෙක් පෙම් යුවළවල් දිහා බලමින් සුසුම් හෙලීම පමණයි දැන් ඔවුන්ට කළ හැක්කේ” ඉතිං එකිනෙකාගෙන් තොරවූ ලොවක දිවිගෙවීම””””

No comments:

Post a Comment