Thursday, November 20, 2014

පසුගිය දවසක යුසුෆ්සායි මළාලාට ලෝකයේ ලාබාළතම නොබෙල් සම්මානලාභිනිය විදියට සාමය සඳහා වූ නොබෙල් සම්මානය දිනාගන්නට හැකියාව ලැබුණා” අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන තවමත් වයස අවුරුදු 17 පසුවෙන ළාබාල කෙනෙක් විදියට මළාලාට නොබෙල් සාහිත්‍යය හිමිවීම ගැන ආසියාතිකයින් විදියට අපිටත් ආඩම්බරයි” මළාලගේ සංවිධානය හරහා ඇය කතාකරන්න ගත්තා. කරළිය තුළ රගදෙන චරිතයක් බවට මළාලා පත්වෙන්නේ හිසට බරපතළ හානි සිදුවෙන විදියට වෙඩි උණ්ඩයක් ඇතුලූවෙලා ජීවිතයත් මරණයත් අතර ඇය සටනක නිරතවෙලා ඉන්න විටයි” මේ කතාව ඇතුළෙදී මතක් වෙන්නේ සමූහ ¥ෂණයට ලක්වුණු ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාවයි” මොකද? ඇය ගැන කතාකරන්න බොහෝ දෙනෙක් යොමුවෙන්නේ ඇයත් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙලා ඉන්න වෙලාවෙදියි” මේ හැමතැනකදීම පෙරමුණ ගන්නේ මාධ්‍යයයි” ඉන්දියානු තරුණිය මිය යනවා” මාධ්‍ය ඇයට යොදපු නම වුණේ නිර්භීතා” මළාල ට සිද්ධවුණේ මොකක්ද? ‘ මම මළාලා ’ කියන නමින් ඇය පොතක් ලියනවා” පාසල් අධ්‍යාපනය අහිමිවුණු දරුවන් වෙනුවෙන් ඇය කතාකරන්න පටන්ගන්නවා” ඉන් නොනැවතී ඇයව සමාජ ක‍්‍රියාකාරිනියක් විදියටත් බොහෝ දෙනෙක් හඳුනගන්නවා” මේ සියල්ලටම ඇයට සහය දෙන්නේ ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර මාධ්‍යයි” දුහුවිල්ලක් වත් නොවටිනා තත්වයක සිටිය පකිස්තානයේ ස්වොට් නිම්නයේ කුඩා දැරියක් නොබෙල් සම්මානය හිමිකරගන්න තැන දක්වා ගෙනයන්නේ කවුද? මහා චරිතයක් ලෙස ඹලාලාව ඔසවා තබන්නේ කවුද? බටහිර මාධ්‍යය මෙවැන්නක් සිදුකරන්න තිබෙන ලොකුම හේතුව කුමක්ද? 2013 වර්ෂයේදී ‘ මම මළාලා ’ කෘතිය පිළිබඳව සාකච්ඡුාවක් අතරතුරදී මළාලා අපුරු දෙයක් කිව්වා” සාමය පිළිබඳ වූ බලාපොරොත්තුව වෙනුවෙන් කළයුත්තේ කුමක්දැයි පිළිබඳ ඇමරිකන් මාධ්‍යවේදියා මළාලාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය පවසා සිටින්නේ ඇමරිකාව ඇත්තටම සාමය උදෙසා සහය දෙන බව ඇගේ විශ්වාසය වන බවයි” යුද්ධයට හොඳම විසඳුම සාමය බව මළාලා මෙහිදි පවසා සිටිනවා” ඉතිං ඇත්තටම මළාලා අධ්‍යාපනය වෙනුවෙන් කතාකරනවද ? නැත්නම් කාගෙවත් ?කඩයක්ද? නමුත් ඇමරිකාව බලය අල්ලාගැනීමේ මුවාවෙන් කරන යුධගැටුම් පිළිබඳව මළාලා නොදනීද? මළාලා පිළිබඳව වාර්තාවෙන අලූත්ම සිද්ධිය බවට පත්වෙන්නේ පැහැරගෙන ගිය නයිජීරියානු තරුණියන්ව නිදහස් කරන්නැයි ඇය කරන ඉල්ලීමයි” ලැබුණු නොබෙල් සම්මානය සමග මොන නො කරන්න මළාලා පෙළඹේවි ද දන්නේ නැහැ” නමුත් මලාලාව මෙහෙයවන අයගේ අවශ්‍යතාවය වී තිබෙන්නේ ලෝකයේම බලවතා වීම නම් පැහැදිලියි

No comments:

Post a Comment