Windy
April 01, 2016
0 Comments
කාන්තා නිරුවත කලාවක් වූ කල
කාන්තා නිරුවත දකින්නට වගේම ඒ ගැන කතාබහ
කරන්නත් බොහෝ දෙනෙක් කැමතියි. හැබැයි මේ නිරුවත කලාවක් බවට පත්වුණොත් ?
Anita Slavin Arkin Steckel නැත්නම් Anita Steckel කාන්තාවන්
වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි තැනැත්තියකි. කෙටියෙන්ම කිවහොත් ස්ත‍්‍රීවාදිනියකි. රුසියානු යුදෙව් පවුලක
ඉපදුණු ඇය සිය කලා කුසලතාවන් පෙන්නුම් කරන්නට පටන්ගත්තේ 60 දශකයේ
අගභාගයේ පමණදීය.
"Giant Woman"
කලාකාරිනියක ලෙසින් Anita Steckel සුවිශේෂී
චරිතයක් බවට පත්වෙන්නේ "Giant
Woman"යන සංකල්පය තේමාකරගත් ඇගේ නිර්මාණ ආකෘතිය
තුළිනුයි.
Anita ගේ "Giant Woman" සංකල්පයට අනුව
දැවැන්ත නගර වල විවිධ ස්ථාන වලදී ගත් ඡුායාරූප මත සිටින නිරුවත් දැවැන්ත කාන්තා
රූප නිර්මාණය වුණා. කාන්තා විමුක්ති ව්‍යාපාර තේමාව මූලික කොටගත් මෙම රූප මගින් ‘‘ප‍්‍රමාණය
ඉක්මවා ඇතිදැඩි වුණු කාන්තා චරිත’’ ආදිය නිරූපණය කෙරුණා.
ඇගේ නිර්මාණ ප‍්‍රදර්ශනයන් වලදී වඩාත්
ආන්දෝලනයට තුඩුදුන් අවස්ථාවක් වූයේ 1973 දී රොක්ලන්ඞ් ප‍්‍රජා
පාසලේදී පැවැති The Sexual Politics of Feminist Art ප‍්‍රදර්ශනයයි.
මේ අවස්ථාවේදී එහි නිරූපණය කර තිබුණු කලාකෘති සියල්ලම පාහේ නිරුවත් සේයා රූ වූ
නිසාවෙන්ම මෙම ප‍්‍රදර්ශනය නවතා දැමීමට පවා බලධාරීන්ගෙන් නියෝග ලැබුණා.
හැනා විල්කි, ලූවී බෝර්ජියස්, ජුඩිත්
බර්න්ස්ටයින්, මාර්තා
ඊඞ්ල්හෙයිට්, ඉයුන්සි
ගෝල්ඩන්, ජොනිටා
මැක්නීලි, බාබරා නෙසීම්
හා ජෝන් සෙමෙල් ඇතුළු පිරිස වාරණයට එරෙහිව ගොඩනගාගත් සංවිධානයක් වූ "The Fight Censorship Group" සමූහයේ ද ඇය
සාමාජිකත්වය දැරුවා.
1930 දී ඉපදුණු Anita සිය 80 වන වියද පසුකර 2012 වසරේදී
මියගියේ නිරුවත් කලා භාවිතාවක් තුළින් කාන්තාවන් පිළිබඳ කතාබහ කිරීමට දැරූ
තැනැත්තියකි ලෙසිනුයි.
ජනප‍්‍රිය සංස්කෘතිය ඇසුරින් නිර්මාණය වුණු Pop කලාංගයන්ට අභියෝගයක්
වෙමින් "mom art" නමින් නවතම
කලාංගයක් ඉදිරිපත් කිරීමට ද ඇයට හැකියාව ලැබුණා.