Showing posts with label Windya Gamlath. Show all posts
Showing posts with label Windya Gamlath. Show all posts

Tuesday, September 11, 2018

ප්‍රකාශනයේ නිදහස ඇහිරූ යටත් විජිත නීතිය නිසා මියන්මාර මාධ්‍යවේදීන් දෙදෙනා වසර 7 ක් සිරගෙට

September 11, 2018 0 Comments
මියන්මාරයේ රෝහින්යාවරුන්ට සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා කළ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන වා ලෝන් හා කියෙව් සෝ හට එරට අධිකරණය ඊයේ (3) දිනයේදී වසර හතක සිරදඬුවම් නියම කළේය. මියන්මාරයේ රක්හියන් ප්‍රදේශයේ රෝහින්යා මුස්ලිම්වරුන් සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී එරට රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කළ බවට මෙහිදී ඔවුන්ට චෝදනා එල්ල කර තිබුණි. මියන්මාරයේ රාජ්‍ය රහස් පනත යටත් විජිත සමයේදී සිට (1923) පැවත එන අතර මෙමගින් උපරිම වශයෙන් වසර 14 ක සිරදඬුවම් නියම කළ හැකිය. මාධ්‍යවේදීන් දෙදෙනා වෙනුවෙන් රොයිටර් පුවත් සේවය පෙනී සිටි අතර අදාළ සමූල ඝාතනයේ ඡායාරූප සාක්ෂි පවතින බව ද ඔවුන් පෙන්වා දී තිබුණි.
රොයිටර් පුවත් සේවයේ ප්‍රධාන කර්තෘ වන ස්ටීවන් ඇඩ්ලර් මේ ගැන අදහස් දක්වමින් පැවසුවේ, මේ පුවත පසුගිය පෙබරවාරියේදී ප්‍රකාශයට පත්වීමට ප්‍රථමයෙන් මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. ‘‘ඔවුන්, ඔවුන්ගේ රාජකාරිය ඉටු කළා පමණයි. නිර්ව්‍යාජත්වයෙන් හා පක්ෂපාතී නොවී මොවුන් කටයුතු කරනවා‘‘ යන්නයි. රෝහින්යා අර්බුදය තුළ දැකගැනීමට හැකි සුවිශේෂී ගැටළුවක් වී තිබෙන ප්‍රචණ්ඩත්වය ගැන අදහස් පළකරන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ‘වාර්ගික පිරිසිදු බව‘ ඇතිකිරීමට රෝහින්යාවරුන්ට එරෙහිව මෙලෙස ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කෙරෙන බවයි. මියන්මාරයේ සිටින 700,000 කටත් අධික සුළුතර ජනකොටසක් වන රෝහින්යාවරු බංග්ලාදේශයට පලවා හැරීමට මිලිටරි සහයෙන් මෙහෙයුම් දියත් වෙමින් තිබේ.
අවුං සාං සුකී ප්‍රමුඛ මියන්මාරය රජය සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලිය යුතු බව පවසමින් ලොව පුරා සමාජ ක්‍රියාකාරීන් හා ජනමාධ්‍යවේදීන් හඬ නගයි. කෙසේවුවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙලි බැච්ලට් මහත්මිය පවසන්නේ, ‘‘මේ වනවිට රඳවා තබාගෙන හා රැඳවුම් භාරයේ සිටින මාධ්‍යවේදීන් මුදා හැර ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කළයුතුයි‘‘ යන්නයි. CNN, Reuters හා New York Times ඇසුරිනි

Wednesday, June 13, 2018

ට්‍රම්ප් හා කිම් ඵෙතිහාසික ගිවිසුමකට එළඹේ

June 13, 2018 0 Comments
ඩොනල්ඩ් ට්‍රම්ප් හා කිම් ජොන් අන් අතර වූ ඵෙතිහාසික හමුව අද (12) සිංගප්පුරුවේ සෙන්ටෝසා දූපතේ කැපෙල්ලා හෝටලයේදී සිදුවිය. අැමරිකානු ජනපතිවරයකු හා උතුරු කොරියානු නායකයකු අතර ගිවිසුමක් අත්සන් කළ පළමු අවස්ථාව මෙයයි. නායකයින් දෙදෙනා මුලින්ම අතට අත දෙමින් සුහදතාවය පළකරගත් අතර ට්‍රම්ප් මෙහිදී පැවසුවේ නුදුරේදීම ධවල මන්දිරයට පැමිණෙන ලෙස තමන් කිම් ට ආරාධනා කර සිටින බවයි. මෙහිදී අදහස් දැක්වූ ඇමරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, ‘‘කොරියානු අර්ධ ද්වීපය තුළ න්‍යෂ්ටික අවි ඉවත් කිරීම ගැන වූ ගිවිසුමකට කිම් හා මම අත්සන් තැබුවා. මේක අතීතය නොවෙයි, මෙය කිසි විටෙක ආරම්භ නොකළ තවත් පරිපාලනයක් නොවේ. කිම් මිසයිල අත්හදාබැලීම් සිදුකරන ප්‍රදේශයක් විනාශ කරදමා අවසන්. අප දියත් කරන අතිශය අසීරු කටයුත්තක සමාරම්භක දිනය අදයි. අපි දෑස් හැරගෙන බලා සිටින්නේ ඒ වෙනුවෙනුයි. මේ විසඳුම ගැනීමට නියමිත වී තිබුණේ මීට දිගු කලකට පෙරාතුව වුණත් අද අප එය විසඳනවා. ඕනම කෙනෙක්ට යුද්ධ කරන්න පුළුවන් වුණත් සාමය වෙත යා හැක්කේ ධෛර්යසම්පන්න මිනිසුන්ට පමණයි‘‘ යන්නයි. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ කිම් පැවසුවේ, ‘‘මෙය ඵෙතිහාසික හමුවක් වගේම මේ අවස්ථාවේදී අත්සන් තබන ගිවිසුමත් ඵෙතිහාසිකයි. ගිවිසුමෙන් පසුව සිදුවෙන වෙනස්කම් ලෝකය දකීවි. මේ ගිවිසුම යථාවක් බවට පත්කරන්නට ක්‍රියාකළ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ස්තුතිය පුදකරන්න කැමතියි.‘‘ යන්නයි. කෙසේවුවත්, මෙම පුවත වාර්තා කළ සමහර විදෙස් මාධ්‍ය කිම්ව හඳුන්වා දුන්නේ ‘‘ආඥාදායක පාලකයෙකු‘‘ ලෙසිනි. දෙරට අතර අද දින අත්සන් තැබුණු ගිවිසුමේ අන්තර්ගත වූ මුලික කරුණු මෙසේය. ඇමරිකා එක්සත් ජනපදය හා උතුරු කොරියාව සිය ජනතාවගේ අභිලාෂයන් පිළිගනිමින් දෙරටේ සාමය හා සෞභාග්‍යය ස්ථාපිත කිරීමට කැප වෙනු ඇත කොරියානු කලාපය තුළ සාමය ඇතිකිරීමට ඇමරිකාව හා උතුරු කොරියාව සහයෝගයෙන් යුතුව කටයුතු කරනු ඇත 2018 අප්‍රේල් මස ඇති කරගත්Panmunjom ප්‍රකාශනය (උතුරු – දකුණු කොරියා අතර සාමය වෙනුවෙන් ඇතිකරගත් ගිවිසුම) අනුව කොරියානු කලාපය තුළ න්‍යෂ්ටික අවි ඉවත් කිරීම ගැන වූ ක්‍රියාවලීන් ශක්තිමත් කරනු ඇත යුධ සිරකරුවන් හා යුද්ධයේදී අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධ නිසි තොරතුරු සොයාබැලීම, ජීවතුන් අතර සිටින තැනැත්තන් යළි සිය රටවල් වෙත එවීම සම්බන්ධයෙන් දෙරට කැපවන බව සහතික වීම https://youtu.be/DCWdTT1GZKY

රොබට් ඩි නීරෝ – ට්‍රම්ප්ට ප්‍රසිද්ධියේ බැණ වදියි

June 13, 2018 0 Comments
සුප්‍රකට රංගන ශිල්පී රොබට් ඩි නීරෝ ඊයේ (10) දින නිව්යෝර්ක් හි රේඩියෝ සිටි සංගීත ශාලාවේ පැවති ටෝනි සම්මාන උළෙලේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ප්‍රසිද්ධියේ බැණ වැදී ඇත. ටෝනි උළෙල සජීවීව ආවරණය කළ විදෙස් මාධ්‍ය නාලිකා වලට මෙම ප්‍රකාශය අන්තර්ගත කොටස වාරණය කිරීමට නොහැකි වී ඇති අතර ඊට අදාළ වීඩියෝව මේ වනවිට අන්තර්ජාලය පුරා හුවමාරු වෙයි. ‘‘මට එක දෙයක් කියන්න ඕන – ෆක් ට්‍රම්ප්‘‘‘ යනුවෙන් වේදිකාව මත සිටින නීරෝ සිය දෑත් දෙපසට කරමින් පවසන අතර වේදිකාව පහළ සිටින නරඹන්නන්ගෙන් ඊට උණුසුම් ප්‍රතිචාර හිමිවෙයි. අත්පොලසන් දෙමින් නැගී සිටින සියලුම ප්‍රේක්ෂකයින් නිරෝගේ ප්‍රකාශය අනුමත කරන අන්දම අදාළ වීඩියෝවේ දැකගත හැකිය. සංගීතඥයෙකු මෙන්ම ගායන ශිල්පියෙකු ද වන බෘෘස් ස්ප්‍රින්ස්ටන්ට වේදිකාවට ආරාධනා කිරීමට නීරෝ සැරසුණු අවස්ථාවේ දී නීරෝ මෙම ප්‍රකාශය සිදුකර ඇත. බෘෘස්ට ආරාධනා කරමින් නීරෝ පවසා තිබෙන්නේ, ‘‘බෘෘස් අන් කිසිවෙකුට නොදෙවෙනි වෙන විදියට මේ සභාව ප්‍රබෝධමත් කරන්නට ඔබට පුළුවන්. මේ අනතුරුදායක සමයේදී වඩා වැදගත් වන්නේ ජනතා මනාපයයි. ඔබගේම වචන වලින් සත්‍යය, විනිවිදභාවය හා රජයේ අවංකකම වෙනුවෙන් නිරන්තරයෙන්ම සටන් කරාවි. අපිට දැන් වුවමනා එයයි.‘‘ යන්නයි. මේ වනවිට 74 හැවිරිදි වියේ පසුවන ඇකඩමි සම්මානලාභී මේ රංගන ශිල්පියාගේ ප්‍රකාශය පිළිබඳ සුප්‍රකට තිර රචක ටෝනි කුෂ්නර් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ‘‘ඒ රොබට් ඩි නීරෝ. එයා එක්ක වාද කරන්න යන්නේ කවුද ?‘‘ යන්නයි. නීරෝ වත්මන් ඇමරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිතවාදියෙකු නොවන අතර මීට පෙර ද අවස්ථා ගණනාවකදී ඔහු ට්‍රම්ප්ව විවේචනයට ලක්කර ඇත. NBC මාධ්‍ය ජාලය වෙනුවෙන් නීරෝ ඉදිරිපත් කරන “Saturday Night live‘‘ වැඩසටහනට එක්වෙමින් ඔහු වරක් 2016 මැතිවරණයේදී රුසියානු මැදිහත්වීමක් වූ බවට විමර්ශන කරන රොබට් මුලර් උපදේශකවරයාගේ චරිතය නිරූපණය කරමින් ට්‍රම්ප්ව හාස්‍යයට ලක්කළේය. https://youtu.be/TfK5PN4YKEM