Showing posts with label ඉන්දියාව. Show all posts
Showing posts with label ඉන්දියාව. Show all posts

Tuesday, September 11, 2018

සමලිංගිකත්වය තවදුරටත් අපරාධයක් නොවේ – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඵෙතිහාසික තීන්දුවක්

September 11, 2018 0 Comments
යටත් විජිත සමයේ සිට පැවත එන ඉන්දීය නීතිය වෙනස් කරමින් සමලිංගිකත්වය අපරාධයක් නොවන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (6) නිවේදනය කළේය. ‘‘ලිංගික සංසර්ගය සාපරාධී කිරීම අපරාධකාරී, අත්තනෝමතික හා පැහැදිලිවම ව්‍යවස්ථා විරෝධීයි‘‘ සිය තීන්දුව ලබාදෙමින් ඉන්දීය අගවිනිසුරු දීපක් මිශ්‍රා පැවසුවේය. නව්ටෙජ් ජවුහාර්, සුනිල් මෙහ්රා, රිතු ඩල්මියා, අමාන් නාත්, කේශව් සුරි හා අයේෂා කපූර් විසින් පවරන ලද මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම්වලට ප්‍රතිචාරයක් ලෙස මේ තීන්දුව ලබාදී ඇත. 1861 දී සැකසූ ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය මගින් සමලිංගිකත්වය අපරාධයක් ලෙස සැලකේ. සමරිසි පුද්ගලයින් ‘අපරාධකරුවන්, අසාමාන්‍ය ලිංගික චර්යාවල යෙදෙන්නන්ය’ යනුවෙන් මෙහි සඳහන්ය. නීතියට පටහැනි මෙම ක්‍රියාකාරකම් අසාමාන්‍ය චර්යා ලෙස මෙතෙක් කල් සැලකුණි. මේ ජයග්‍රහණය අපට විශේෂ වන්නේ ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 (අ) වගන්තිය ද ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 377 වන වගන්තිය හා සමාන වීම නිසාවෙනි. 1883 දී සංග්‍රහ කරන ලද මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 365 හා 365 (අ) යන වගන්ති මගින් අනුව අසාමාන්‍ය ලිංගික චර්යා වරදක් ලෙස සැලකේ. ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ සමලිංගිකත්වය අපරාධයක් කොට සලකන වගන්ති දෙකම එක හා සමාන වන අතර වෙනස් වන්නේ වගන්ති අංකයන් පමණි. ඉන්දීය සමාජ ක්‍රියාකාරීන් වසර ගණනාවක් පුරා සිදුකළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මේ ජයග්‍රහණය ලැබීමට හැකිවිය. https://youtu.be/r8eTrdCL5to BBC, CNN, AFP, NDTV ඇසුරිනි