‘‘සමස්ත ලෝ වැසියන්ම දෙවියන් ගැන විශ්වාස කිරීම අතහැර දැමූ දිනයට මේ ලෝකය අතිසුන්දර තැනක් වනු ඇත‘‘ – පිලිප් රොත්
20 වන සියවසේ ජීවත් වූ විශිෂ්ට ලේඛකයෙකු වන පිලිප් රොත් ඊයේ (22) රාත්‍රියේදී මැන් හැටන් හි රෝහලකදී මියගොස් ඇත. රොත්ගේ මරණය ගැන පැවසූ ඔහුගේ සමීප හිතවතියක වන ලේඛිකා, ජුඩිත් තර්මන් ‘ද නිව්යෝර්ක් ටයිම්ස්‘ වෙත පවසා තිබෙන්නේ හදිසි හෘදයාබාදයක් මේ මරණයට හේතුවූ බවයි. පුලිට්සර් සම්මානයෙන් මෙන්ම මෑන් බුකර් සම්මානයෙන් ද පිදුම් ලබා ඇති රොත් මිය යන විට 85 හැවිරිදි වියේ පසුවූවේය.
යුදෙව් පවුල් වල ජීවිතය කේන්ද්‍ර කරගත් කතා පුවත් හා ලිංගිකත්වය යන තේමාවන් සිය ලේඛනයේදී කතාබහට ලක්කළ රොත්, විශේෂයෙන්ම, පුරුෂයින්ගේ පැතිකඩෙන් ලිංගිකත්වය ගැන දැනෙන හැඟීම් සිය නිර්මාණ තුළට හසුකර ගත්තේය. පුරුෂයින්ගේ ලිංගික කලකිරීම, බලාපොරොත්තු කඩවීම යන්න එහිදී විශේෂයෙන් අවධානයට ලක්කළේය.
ඔහු රචනා කළ Goodbye, Columbus (1959) නවකතාවට නවකතා උදෙසා පිදෙන ඇමරිකානු ජාතික සම්මානය හිමිවිය. තෙවතාවක් PEN/Faulkner Award සම්මානයෙන් පිදුම් ලැබූ රොත් American Pastoral නවකතාව වෙනුවෙන් 1998 දී පුලිට්සර් සම්මානය දිනාගත්තේය. පසුකාලීනව මෙය සිනමා කෘතියක් ලෙස ද නිර්මාණය කෙරුණි. ඔහුගේ The Human Stain (2000) කෘතියට ඇමරිකා එක්සත් ජනපදයෙන් පිදෙන WH Smith සම්මානය දිනාගත්තේය. 2001 වසරේදී ෆ්‍රාන්ස් කෆ්කා සම්මානයෙන් පිදුම් ලැබීමට ද රොත් සමත් වූවේය.
රොත්ගේ Portnoy’s Complaint (1969)කෘතිය ඔහුව ලේඛකයෙකු ලෙස වෙනස්ම තලයකට ඔසවා තැබීමට සමත්විය. ඇලෙක්සැන්ඩර් පෝර්ට්නෝයි නම් මෙහි සිටින කතා නායකයා සිය වෛද්‍යවරයා හමුවේ අනාවරණය කරන තොරතුරු මේ කෘතියේදී දිග හැරේ. ස්වයං වින්දනයේ යෙදන ඇලෙක්සැන්ඩර් අක්මා කෑල්ලක් පවා යොදාගනිමින් සිය ලිංගික ආශාවන් මුදුන්පත් කරගත් අයුරු මෙහි නිරූපණය කර ඇත.
ඔහු ලියූ කෘතීන් කීපයක්. Letting Go (1962), When She Was Good (1967), Portnoy’s Complaint (1969), Our Gang (1971), The Great American Novel (1973), My Life as a Man (1974), Sabbath’s Theater (1995), The Counterlife (1986), American Pastoral (1997), I Married a Communist (1998), The Human Stain (2000), Exit Ghost (2007), Everyman (2006), Indignation (2008), The Humbling (2009), Nemesis (2010)
Zuckerman නම් චරිතය පාදක කරගනිමින් ලියැවුණු කෘතීන් The Ghost Writer (1979), Zuckerman Unbound (1981), The Anatomy Lesson (1983) හා The Prague Orgy (1985)
The New York Times ඇසුරිනි
https://www.youtube.com/watch?v=viWILmFHNvc
https://www.youtube.com/watch?v=5yHcniemxQI
https://www.youtube.com/watch?v=SAAqiO_Z9Vs
Showing posts with label Philip Roth Writer Booker පිලිප් රොත් බුකර් සම්මානලාභී මියයෑම. Show all posts
Showing posts with label Philip Roth Writer Booker පිලිප් රොත් බුකර් සම්මානලාභී මියයෑම. Show all posts

