Showing posts with label ජගත් දේශපාලනය සහ ලෝකය. Show all posts
Showing posts with label ජගත් දේශපාලනය සහ ලෝකය. Show all posts

Tuesday, September 11, 2018

ප්‍රකාශනයේ නිදහස ඇහිරූ යටත් විජිත නීතිය නිසා මියන්මාර මාධ්‍යවේදීන් දෙදෙනා වසර 7 ක් සිරගෙට

September 11, 2018 0 Comments
මියන්මාරයේ රෝහින්යාවරුන්ට සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා කළ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන වා ලෝන් හා කියෙව් සෝ හට එරට අධිකරණය ඊයේ (3) දිනයේදී වසර හතක සිරදඬුවම් නියම කළේය. මියන්මාරයේ රක්හියන් ප්‍රදේශයේ රෝහින්යා මුස්ලිම්වරුන් සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී එරට රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කළ බවට මෙහිදී ඔවුන්ට චෝදනා එල්ල කර තිබුණි. මියන්මාරයේ රාජ්‍ය රහස් පනත යටත් විජිත සමයේදී සිට (1923) පැවත එන අතර මෙමගින් උපරිම වශයෙන් වසර 14 ක සිරදඬුවම් නියම කළ හැකිය. මාධ්‍යවේදීන් දෙදෙනා වෙනුවෙන් රොයිටර් පුවත් සේවය පෙනී සිටි අතර අදාළ සමූල ඝාතනයේ ඡායාරූප සාක්ෂි පවතින බව ද ඔවුන් පෙන්වා දී තිබුණි.
රොයිටර් පුවත් සේවයේ ප්‍රධාන කර්තෘ වන ස්ටීවන් ඇඩ්ලර් මේ ගැන අදහස් දක්වමින් පැවසුවේ, මේ පුවත පසුගිය පෙබරවාරියේදී ප්‍රකාශයට පත්වීමට ප්‍රථමයෙන් මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. ‘‘ඔවුන්, ඔවුන්ගේ රාජකාරිය ඉටු කළා පමණයි. නිර්ව්‍යාජත්වයෙන් හා පක්ෂපාතී නොවී මොවුන් කටයුතු කරනවා‘‘ යන්නයි. රෝහින්යා අර්බුදය තුළ දැකගැනීමට හැකි සුවිශේෂී ගැටළුවක් වී තිබෙන ප්‍රචණ්ඩත්වය ගැන අදහස් පළකරන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ‘වාර්ගික පිරිසිදු බව‘ ඇතිකිරීමට රෝහින්යාවරුන්ට එරෙහිව මෙලෙස ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කෙරෙන බවයි. මියන්මාරයේ සිටින 700,000 කටත් අධික සුළුතර ජනකොටසක් වන රෝහින්යාවරු බංග්ලාදේශයට පලවා හැරීමට මිලිටරි සහයෙන් මෙහෙයුම් දියත් වෙමින් තිබේ.
අවුං සාං සුකී ප්‍රමුඛ මියන්මාරය රජය සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලිය යුතු බව පවසමින් ලොව පුරා සමාජ ක්‍රියාකාරීන් හා ජනමාධ්‍යවේදීන් හඬ නගයි. කෙසේවුවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙලි බැච්ලට් මහත්මිය පවසන්නේ, ‘‘මේ වනවිට රඳවා තබාගෙන හා රැඳවුම් භාරයේ සිටින මාධ්‍යවේදීන් මුදා හැර ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කළයුතුයි‘‘ යන්නයි. CNN, Reuters හා New York Times ඇසුරිනි

Wednesday, June 13, 2018

ට්‍රම්ප් හා කිම් ඵෙතිහාසික ගිවිසුමකට එළඹේ

June 13, 2018 0 Comments
ඩොනල්ඩ් ට්‍රම්ප් හා කිම් ජොන් අන් අතර වූ ඵෙතිහාසික හමුව අද (12) සිංගප්පුරුවේ සෙන්ටෝසා දූපතේ කැපෙල්ලා හෝටලයේදී සිදුවිය. අැමරිකානු ජනපතිවරයකු හා උතුරු කොරියානු නායකයකු අතර ගිවිසුමක් අත්සන් කළ පළමු අවස්ථාව මෙයයි. නායකයින් දෙදෙනා මුලින්ම අතට අත දෙමින් සුහදතාවය පළකරගත් අතර ට්‍රම්ප් මෙහිදී පැවසුවේ නුදුරේදීම ධවල මන්දිරයට පැමිණෙන ලෙස තමන් කිම් ට ආරාධනා කර සිටින බවයි. මෙහිදී අදහස් දැක්වූ ඇමරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, ‘‘කොරියානු අර්ධ ද්වීපය තුළ න්‍යෂ්ටික අවි ඉවත් කිරීම ගැන වූ ගිවිසුමකට කිම් හා මම අත්සන් තැබුවා. මේක අතීතය නොවෙයි, මෙය කිසි විටෙක ආරම්භ නොකළ තවත් පරිපාලනයක් නොවේ. කිම් මිසයිල අත්හදාබැලීම් සිදුකරන ප්‍රදේශයක් විනාශ කරදමා අවසන්. අප දියත් කරන අතිශය අසීරු කටයුත්තක සමාරම්භක දිනය අදයි. අපි දෑස් හැරගෙන බලා සිටින්නේ ඒ වෙනුවෙනුයි. මේ විසඳුම ගැනීමට නියමිත වී තිබුණේ මීට දිගු කලකට පෙරාතුව වුණත් අද අප එය විසඳනවා. ඕනම කෙනෙක්ට යුද්ධ කරන්න පුළුවන් වුණත් සාමය වෙත යා හැක්කේ ධෛර්යසම්පන්න මිනිසුන්ට පමණයි‘‘ යන්නයි. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ කිම් පැවසුවේ, ‘‘මෙය ඵෙතිහාසික හමුවක් වගේම මේ අවස්ථාවේදී අත්සන් තබන ගිවිසුමත් ඵෙතිහාසිකයි. ගිවිසුමෙන් පසුව සිදුවෙන වෙනස්කම් ලෝකය දකීවි. මේ ගිවිසුම යථාවක් බවට පත්කරන්නට ක්‍රියාකළ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ස්තුතිය පුදකරන්න කැමතියි.‘‘ යන්නයි. කෙසේවුවත්, මෙම පුවත වාර්තා කළ සමහර විදෙස් මාධ්‍ය කිම්ව හඳුන්වා දුන්නේ ‘‘ආඥාදායක පාලකයෙකු‘‘ ලෙසිනි. දෙරට අතර අද දින අත්සන් තැබුණු ගිවිසුමේ අන්තර්ගත වූ මුලික කරුණු මෙසේය. ඇමරිකා එක්සත් ජනපදය හා උතුරු කොරියාව සිය ජනතාවගේ අභිලාෂයන් පිළිගනිමින් දෙරටේ සාමය හා සෞභාග්‍යය ස්ථාපිත කිරීමට කැප වෙනු ඇත කොරියානු කලාපය තුළ සාමය ඇතිකිරීමට ඇමරිකාව හා උතුරු කොරියාව සහයෝගයෙන් යුතුව කටයුතු කරනු ඇත 2018 අප්‍රේල් මස ඇති කරගත්Panmunjom ප්‍රකාශනය (උතුරු – දකුණු කොරියා අතර සාමය වෙනුවෙන් ඇතිකරගත් ගිවිසුම) අනුව කොරියානු කලාපය තුළ න්‍යෂ්ටික අවි ඉවත් කිරීම ගැන වූ ක්‍රියාවලීන් ශක්තිමත් කරනු ඇත යුධ සිරකරුවන් හා යුද්ධයේදී අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධ නිසි තොරතුරු සොයාබැලීම, ජීවතුන් අතර සිටින තැනැත්තන් යළි සිය රටවල් වෙත එවීම සම්බන්ධයෙන් දෙරට කැපවන බව සහතික වීම https://youtu.be/DCWdTT1GZKY