Friday, August 25, 2017

ස්පර්ශය ගැන කියවීමක්

August 25, 2017 0 Comments
EliasCanetti ගැන මොකෝ බස් එකේ එද්දි මූණට වෙලා තිබ්බේ. නිකං එකපාරම තක්කු මුක්කු වෙලා වගේ හිටියේ. වෙන කාගෙද අතක් මගේ අතේ ගෑවුණා. ඒකයි ම්හ්, ඔය කතාව අහද්දි මට මතක් වුණේ EliasCanetti ඒ කවුද ඒ නොබෙල් සම්මාන ගත්තු ලේඛකයෙක්. Canetti එයාගේ CrowdsandPower පොතේ කියන්නේ, නන්නාඳුනන කෙනෙක්ගේ #ස්පර්ශය තරම් මිනිහෙක්ව බයකරන වෙන කිසිම දෙයක් නැහැ කියලා. මිනිහෙක් දිහාට නාඳුනන දෙයක් එද්දි එහෙම වෙන්නේ ඇයි ? මේ නාඳුනන දේ මොකක්ද කියලා හොයන්න, අඩුතරමේ ඒ මොකක්ද කියලා අනුමාන කරන්න හරි මිනිස්සු ට්‍රයි කරනවා කියලා එයා කියනවා. ඒකනම්, ටිකක් හිතන්න ඕන කාරණාවක්. එතකොට මිනිස්සු ගෙවල් ඇතුළට වෙලා ඉන්න ට්‍රයි කරන්නේ ඇයි ? ම්හ්. ඒකට හේතුව වෙන්නෙත් ඔය බයම තමයි. ඇත්තටම, මිනිස්සු තමන් වටේ නිර්මාණය කරගන්න පරතරයට හේතුවන්නේ මේ බය. කාටවත් ඇතුල්වෙන්න බැරිවෙන විදියට මිනිස්සු ගෙවල් වලට වැදිලා ජීවත්වෙන්නේ තමන්ට ආරක්ෂාව සැලසෙන්නේ මේකෙන් බව දැනෙන නිසයි. ඒවගේම මිනිස්සුන්ට හොරබිය දැනෙන්නේ තමන්ගේ වස්තුව හොරකම් කරාවි කියන නිසා විතරක් නෙමෙයි. අඳුරෙදී නොහිතුව විදියට තමන්ව දැඩිව අල්ලාගනීවී කියන භීතිය නිසයි. ටච් වෙනවට බය ඇයි ? අපෝ ඔව්. ඒත් මිනිස්සු මේ තරමටම ටච් වෙනවට බය ඇයි ? Canetti කියන විදිහට මිනිස්සු ස්පර්ශයට දක්වන මේ බය පොදු සමාජයේ සැරිසරද්දි තදින්ම බලපානවා. ගොඩක් මිනිස්සු පාරේ යද්දි එද්දි, අවන්හල් නැත්නම් බස්, ට්‍රේන් වල වල යද්දි පවා මේ බිය බලපවත්වනවා. කෙනෙක් ළඟට ගිහිං රැඳිලා ඉද්දී, ළඟ ඉන්න කෙනාව දැකබලාගන්න ට්‍රයි කරද්දී සාමාන්‍යයෙන් මිනිස්සු එකඑල්ලේ කෙලින් බලන එක පවා ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුවෙන්නේ සාමාන්‍යයෙන් අපි කෙනෙක්ට ආකර්ශණය වෙන බව දැනෙන නිසා වගේම තවත් කෙනෙක්ව ළඟට ගෙන්නගන්න අපි පෙළඹවීමක් දෙන නිසයි‘ බලාගෙන ගියාම මේ කතා ඔක්කොම ඇත්තනේ. අපි නොදැනුවත්වම වුණත් අපේ අතින් ඉබේම වෙන දේවල් ගැනනේ මනුස්සයා කතාකරලා තියෙන්නේ. හොඳම කතාව ඒක නෙමෙයි. ස්පර්ශයට ලක්වීම ගැන මිනිස්සුන්ට තියෙන බයෙන් නිදහස් වෙන්න පුළුවන් එකම විදිය කණ්ඩායම්ගතවීම විතරයි. බය කියන දේ නීර්භීතකම නැත්නම් නිර්භයක් බවට පත්වෙන්නේ ඒ වගේ වෙලාවකදී විතරයි. ස්පර්ශයට තියෙන මේ බය නැතිවෙන්න නම් සිරුරකට තවත් සිරුරක් ඇලිලා තියෙන්න ඕන, ඇඟේ පිහිටීම තදට දැනෙන නැත්නම් තමන්ගේ ඇඟට තදවෙලා ඉන්නේ කවුද කියලවත් පේන්නේ නැතිව තදින් හිරවෙලා තියෙන තරමේ සෙනඟක් අතරේ ඉන්න ඕන. මිනිහෙක් තමන් විසින්ම සෙනඟකට යටත්වෙද්දි සෙනඟට තියෙන බයත් ඒ මිනිහා විහින්ම නවත්වගන්නවා. මෙතනදී හැමෝම එකවගේ සමානයි. කිසිම වෙනසක් නැහැ. අඩුතරමේ ලිංගිකත්වයෙන් පවා වෙනස්වෙන්නේ නැහැ. මේ අතරතුරදී මිනිහෙක්ට දැනෙන මේ තෙරපීම තමන්, තමන් විසින්ම කරගන්න දෙයක් වගෙයි. මේ හැම දැනීමක්ම වෙන්නේ එකම සිරුරක් තුළ බව ඒ මොහොතේදී මිනිස්සුන්ට දැනෙනවා. නොහික්මුණු මිනිස්සු කරන ප්‍රචණ්ඩකාරී ක්‍රියා වල ඉඳන් ආගමික සමූහයන් වෙනතෙක්ම කණ්ඩායම් වල හැසිරීම ගැන මේ Crowds and Power පොතේ අධ්‍යයනය කරලා තියෙනවා. ‘හැම ආගමකම වගේ අතිශය වැදගත් වෙන්නේ නොපෙනෙන සමූහයක්. ඒත්, ලෝකේ තියෙන අනික් හැම ආගමකටම වඩා අතිශය ශක්තිසම්පන්න විදියට ඉස්ලාම් ආගමේදී අද්‍රෘෂ්‍යමාන ආකාරයේ එකිනෙකාට ප්‍රතිවිරුද්ධව නැගී ඉන්න ද්විත්ව සමූහයක් දැකගන්නට හැකි බව මේ පොතේ #IslamasaReligionofWar කියන පරිච්ඡේදයේදී Canetti කියනවා...... කතාව ටිකක් නතරවුණා විතරයි. මොනාද ඔය දාගෙන සර්ච් කරන්නේ ? Canetti ගැන ටිකක් හොයන්න හිතුණා. මේකේ තියෙන විදියට සමූහය ගැන තියෙන විරෝධාභාසී මනෝවිද්‍යාව හොඳටම ග්‍රහණය කරගත්තු ලේඛකයෙක් විදියට විචාරකයෝ එයා ගැන කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නාට්‍ය පිටපත් වගේම ස්වයංචරිතාපදා රචකයෙක් විදියටත් එයාව අඳුන්වලා තියෙනවා. ගොඩක් දෙනෙක් Canetti ගැන දන්නේ එයාගේ කුඩාකාලේ මතකය කැටිවුණු ස්වයං චරිතාපදාන තුනක් වුණු #DieGeretteteZungeDieFackelimOhr හා #DasAugenspiel පොත් වලිනුයි. කියලා තියෙන හැටියට නම් අවුරුදු 6 ඉඳන්ම රටවල් ගණනාවකට සංක්‍රමණය වුණු Canetti අවුරුදු 19 දී වියානාවේ පදිංචිවෙනවා. හැබැයි වයස අවුරුදු 89 දී Canetti මියයද්දී ඉඳලා තියෙන්නේ සූරිච් වල. හ්ම්. මං දන්න තරමින් Canetti පොත් ලියලා තියෙන්නේ ජර්මන් වලිනුයි ඔව්. Canetti සාහිත්‍යය වෙනුවෙන් වුණු නොබෙල් සම්මානය 1981 දී ගන්නේ ‘පුළුල් පරාසයක විහිදී ගිය රචනාවන්, සාරගර්භ අදහස් හා කලාත්මක කුසලතා‘ වල පෙන්නුම් කළ විශේෂත්වය වෙනුවෙන් කියලා මේ ලිපියේ තියෙනවා. ඒවගේම නොබෙල් සම්මානයක් ගත්තු පළවෙනි බල්ගේරියානු ජාතිකයා වෙන්නෙත් Canetti. Crowds and Power ලියැවෙන්නේ 1960 දීයි. සමූහය යනු කවුරුන්ද ? අපි ඒ වගේ සමූහයන්ට එකතුවෙන්නේ ඇයි ? කියන දේ වගේම බලයේ අරුත, සමූහය මගින් අර්ථගන්වන ආකාරය ගැනත් සාකච්ඡාවට ලක්කරනවා කියලා තියෙනවා. ම්ම්, ඒ විතරක් නෙමෙයි මේකේ කියලා තියෙන විදියට පාලකයෝ හා පීඩනෝන්මාදය ගැන සමාන්තර කතාබහකුත් මේ පොතේ දිවයනවා. කණ්ඩායම්ගත වෙන්න මිනිස්සුන්ට බලපාන ගැටුම්කාරී ආකල්පය යටින් දිවෙන ගැඹුරු මනෝවිද්‍යාත්මක සාධකයන් හොයාබලන්න Canetti මෙහිදී උත්සහ අරන් තියෙනවා. කණ්ඩායම් ගැන අපි තුළ තියෙන අකමැත්තේ වගේම ආකර්ශණයේ පොදු මූලයන් ගැනත් හොයාබැලීම තමයි මූලික අරමුණ වෙලා තියෙන්නේ. කෝ බලන්න. Crowds and Power ගැන මොනවගේ කතාවක්ද? කියලා තියෙන්නේ කියලා. ‘අසාමාන්‍ය සටහන් පෙළගැස්ම, ප්‍රඥාව අතින් පෙන්නුම් කළ පුළුල්භාවය මෙන්ම ශාස්ත්‍රීය ලේඛනයක් නොවීම නිසා මෙය අතිසුවිශේෂ වේ. මානව සමාජයෙන් පිටත සිටින අයෙකු තවත් අමුත්තෙකුට සිදුකරන පැහැදිලි කිරීමක ස්වරූපයෙන් මේ කෘතිය ලියැවී ඇත. නොහික්මුණු සමූහය හා බලය ප්‍රබල වන්නේ කෙසේද යන්න ද මෙහි සඳහන්ය.‘ #TheHumanProvince පොතේ Canetti අපූරු කතාවක් කියලා තියෙනවා ඇති ඇති...පරක්කු වෙනවා. පස්සේ බලමු. නැහැ, මේක කියවලාම යමු. ‘නිතරම අතේ තියාගෙන ඉන්න, යන නගරයක් නගරයක්, රටක් පාසාම පරිස්සමින් ඔතාගෙන අරන් යන, පුංචි කාමරේක සීරුවට වහලා තියෙන පෙට්ටියෙන් එළියට ගනිද්දි සමහරවිට කොළයක් දෙකක් එළියට පැනලා තියෙන, ඒත් එක වැකියක් වත් නොකියවා ඉන්න වගබලාගන්න අවුරුදු 20 ක් ගියත් නොකියවා ඔහේ තියාගෙන ඉන්න පොතක් අපි ළඟ තියෙනවා. ඉතිං, අවුරුදු 20 ක් ගතවෙලා ගිහිං බලහත්කාරයෙන් වගේ හදිස්සියේම එක හුස්මට මේ පොතේ මුල ඉඳන් අග දක්වා නොකියවා ඉන්න බැරි මොහොතක් උදාවෙනවා. ඒ මොහොත හරියට රහසක් එළිදරව් කරනවා වගේ. හිටිහැටියේම මේ තරම් කුලප්පුවක් ඇතිවුණේ ඇයි කියලා දන්නවා. මේ පොතට දිගු කාලයක් ඔහේ බලාගෙන ඉන්න වුණා, එහෙ මෙහෙ යන්න වුණා, එක තැනක වැඩඉන්න වුණා. ගමනාන්තය දකින්න ඒ තරම් වෙහෙසක් දරන්න වුණා. ඉතිං, පොත පිටු අතරේ ගැබ් වෙලා තියෙන දේවල් ටිකින් ටික අනාවරණය කරන්න පටන්ගන්නවා. නිහඬව ගතකරපු අවුරුදු 20 ක ජීවිතය ගැන පැහැදිලි කරන්න පටන්ගන්නවා. අවුරුදු විස්සක්, ඔව්, ඒ තරම් කාලයක් නිහඬව හිටියේ නැත්නම් මේ තරම් දේවල් කියන්නේ කොහොමද ? ඇත්තටම, මේ පොතේ තිබ්බේ එකම දේවල් කියලා තර්ජනය කරන්නේ මොන මෝඩයද ?

Monday, November 7, 2016

November 07, 2016 0 Comments

නන්නාඳුනන්නී

ලෝකයට අළුතින් ඉපදෙන හැම කෙනෙක්ටම තමන්ගේම වුණු අනන්‍යතාවක් තිබෙනවා. තමන්ගේ කියන නමක් මෙන්ම ඔහුට/ඇයට ආවේණික වුණු පෙනුමක් හැම මිනිහෙක්ටම තිබෙනවා.

Elena Ferrante

එහෙම පසුබිමක ඉතාලියේ ජීවත් වන ලේඛිකාවක් සිය සැබෑ මුහුණ නොපෙන්වා වසර 24 ක් පුරා ලේඛනයේ නිරත වනවා. සිය සාර්ථක ලේඛන දිවිය තුළ මෙවර මෑන් බුකර් සම්මානය සඳහා නිර්දේශිත නාමයන් අතරට පැමිණීමට ද ඇයට හැකියාව ලැබෙනවා. ඒ ඇය රචනා කළ #The Story of the Lost Child කෘතිය වෙනුවෙනුයි. Elena Ferrante ඒ ඇයයි. ඒ කොහොම වුණත්, #Time සඟරාව 2016 වසරේ සමස්ත ලෝකයටම දැවැන්ත බලපෑමක් කළ හැකි පුද්ගලයන් 100 දෙනා අතරට ද #Elena ගේ නම ඇතුළත්කර තිබෙනවා.
ලේඛකයෙකු හෝ ලේඛිකාවක් නිර්මාණ කටයුතු වලදී සිය අනන්‍යතාවය හෙළිකල යුතුමද ?. ඔහුට හෝ ඇයට සිය අනන්‍යතාව හෙළි නොකරමින් ලේඛනයේ නිරතවිය නොහැකිද ? යන්න Elena ගේ කෘතීන් කියවන බොහෝ පාඨකයින්ට නැගෙන ප්‍රශ්නය විය හැකියි. 

‘පොතක් ලියැවුණාම තවදුරටත් එතැනට ලේඛකයෙකු වුවමනා වෙන්නේ නැහැ.‘. ‍ 


හැබැයි, ඇය ඒ ගැන කියන්නේ ‘පොතක් ලියැවුණාම තවදුරටත් එතැනට ලේඛකයෙකු වුවමනා වෙන්නේ නැහැ. ‍ #Elena කියන නම, මම කියමින් ඉන්න කතාව තවදුරටත් තීව්‍රරව දනවන්න උපකාරී වුණා‘ කියලයි.

Elena රචනා කළ නවකතා ද්විත්වයක් මේ වනවිට සිනමාපට බවට ද පත්වී තිබෙනවා. ඒ #Troubling Love (#L’amore molesto) ඇසුරින් නිර්මාණය වූ #Nasty Love වෘත්තාන්ත සිනමාපටය හා #The Days of Abandonment සිනමා නිර්මාණයයි.

‍#Elena මාධ්‍යයට සිය මුහුණ නොපෙන්වමින් ලබාදුන් සම්මුඛ සාකච්ඡා හා ලිපි ආදියේ එකතුවක් කෘතියක් ලෙසින් පසුගියදා නිකුත් වුණා. මේ කෘතිය නම්කර තිබෙන්නේ #Frantumaglia : #A Writer’s Journey ලෙසිනුයි.

#My Brilliant Friend (2012), #The Story of a New Name (2013), Those Who Leave And Those Who Stay (2014), The Story of the Lost Child (2015) ඇය ලියූ කෘතීන් අතරින් කිහිපයක්.
Those Who Stay කෘතිය තුළ Elena සිය අදහස් පළකරන්නේ එලෙසයි.


#L’amore molesto Trailer - https://www.youtube.com/watch?v=8hlmZk_QBlo

Wednesday, November 2, 2016

November 02, 2016 0 Comments






ඩිලන් හා නොබෙල්




මෙවර සාහිත්‍යය වෙනුවෙන් වූ නොබෙල් සම්මානය සඳහා නිර්දේශ වී සිටින්නේ Bob Dylan ය. ලොව පළමුවරට ඇමරිකානු සංගීතඥයකුට නොබෙල් සම්මානය හිමිවන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. කෙසේවුවත්, තමන්ට හිමිවීමට නියමිත නොබෙල් සම්මානය පිළිබඳ සතුටුදායක හැඟීමක් ඔහු තුළ පවතීයැයි ඔහු දක්වා තිබෙන අදහස් වලින් හඳුනාගත නොහැකිය. 

Bob Dylan සාහිත්‍ය සම්මානයට නිර්දේශ වූ බවට ප්‍රකාශ කෙරුණු අවස්ථාවේදී ඔහු ඒ පිළිබඳ සිය අදහස් මාධ්‍යයට පළකර සිටීමෙන් පවා වැළකී සිටියේය. 

තමන්ට හිමි නොබෙල් සම්මානය හිමිකරගැනීමට ස්ටෝක්හෝම් වෙත යාම පිළිබඳ දෙහිතකින් Bob Dylan පසුවන බව පසුගියදා ඔහු මාධ්‍ය සමග බෙදාහදාගත් අදහස් තුළ දැකගත හැකිවිය. පසුගියදා The Telegraph සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේ දී තමන්ට හිමි නොබෙල් සම්මානය හිමිකරගැනීමට ස්ටෝක්හෝම් වෙත යනවාදැයි Dylan විමසූ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ ‘සමහරවිට මම ස්ටෝක්හෝම් වෙත යාමට ඉඩ තිබෙනවා‘ යන්නයි.

 


ඩිලන්, නොබෙල්  සම්මානයට නිර්දේශ වූයේ ඇයි ?



කෙසේවුවත්, Bob Dylan වෙත නොබෙල් සාහිත්‍ය  සම්මානය හිමිකරදීමට හේතුවන කරුණ ලෙස දක්වා සිටින්නේ ‘‘ඇමරිකන් ගීත සම්ප්‍රදායට ඔහු එක්කළ කාව්‍යාත්මක බව නිසාවෙන් ‘‘ මෙම සම්මානය පුදදෙන බවයි. 




මීට පෙර නොබෙල් සම්මානය ප්‍රතික්ෂේප කළ පිරිස්  



Arnest Hemingway 1954 වසරේදී සාහිත්‍ය උදෙසා වූ නොබෙල් සම්මානය වෙනුවෙන් නිර්දේශ වූ අවස්ථාවේදී ඔහු ද ප්‍රථමයෙන් එම සම්මානය ප්‍රතික්ෂේප කළේය. එහිදී, සිය සම්මානය ලබාගැනීමට ස්ටෝක්හෝම් වෙත පැමිණීමට තමන් සූදානම් නැති බව පවසමින්  Swedish Academy ය ට හෙමින්වේ සිය අදහස් දක්වා සිටියේ මෙලෙසිනි. 
 ‘‘ලේඛකයෙකු තමන්ට පැවසීමට වුවමනා දේ රචනා කළයුතු අතර ඒ ගැන කතා නොකර සිටිය යුතුයි‘‘ යන්නයි.

මීට පෙර 1964 දී Jean-Paul Sartre  සාහිත්‍යය උදෙසා ඔහුට හිමිවීමට නියමිතව තිබූ නොබෙල් සම්මානය ප්‍රතික්ෂේප කර සිටියේය. ඊට හේතුව ලෙස Sartre දක්වා සිටියේ ‘‘අතිශය ගෞරවාන්විත අන්දමින් සිදුවුවත් ලේඛකයකු ආයතනගත වනු දැකීම ප්‍රතික්ෂේප කිරීමට ඔහුට හැකිවිය යුතුයි‘‘ යන්නයි. 

කෙසේවුවත්, Bob Dylan නොබෙල් සම්මානය ලබාගන්නවාද නැද්ද යන්න නොබෙල් සම්මානය පුදදෙන එළඹෙන දෙසැම්බර් 10 වැනිදා දැකගත හැකිවනු ඇත.