Tuesday, March 15, 2016

March 15, 2016 0 Comments


මරණය දෑතින් දරා දිවිගෙවන ලීසා

ඒඞ්ස්, පාසලක් හා පුංචි පුතෙකු පිළිබඳ වුණූ තුන්කොන් කතාවක් පසුගිය මාසය තුළ අතිශය කතාබහට ලක්වුණා. කොහොමින් කොහොම වුණත් මේ කතාවේ උණුසුම මේ වනවිට මැකී ගොස් අවසන්.
මාපියන්ගේ වැරදි හෝ වෙනත් අත්වැරදීම් හේතුවෙන් ලොවපුරා මිලියන ගණනකට අධික දරුවන් පිරිසකට මරණය දෑතින් දරාගෙන ජීවත්වීමට සිදුව තිබෙනවා. සමහර දරුවන් මරණයේ ලේබලය ඇලවෙන්නේ  මෙලොව එළිය දකින්නටත් පෙරමයි.


තවමත් දහසය හැවිරි ලීසා යොරසෙන්කෝ කියන්නෙත් ඒඞ්ස් නිසා මරණය අතේ දරාගෙන ජීවත්වන යුක්රේන දැරියක්.  ඇය ගැන ලෝකයක් කතාබහ කරන්නට ගත්තේ 2013 වසරේදීයි. 2013 දී යුක්රේන රජය ඉදිරිපත් කළ අයවැය යෝජනාවෙන් එච්අයිවී වෛරසය ආසාදිතවූවන්ගේ රෝගී තත්වය මැඩපවත්වන්න දරන සෞඛ්‍ය වියදම් කප්පාදු කිරීමට යාමේදී ඇය නොබියව යුක්රේන පාර්ලිමේන්තුවට ගොස් හඬනැගූ නිසයි.
ලීසා එහිදී පවසන්නේ ‘‘මේ අයවැය සම්මත වුණොත් ඒඞ්ස් ආසාදිත බොහෝ මාපියන් මෙන්ම දරුවන් ද නිසි ප‍්‍රතිකාර නැතිකමින් මියයාවි. මේ අයවැයට ඡුන්දය ලබානොදෙන ලෙස මම ඉතා බැගෑපත්ව ඔබෙන් ඉල්ලා සිටිනවා. මට සිදුවුණු දේ අනෙක් දරුවන්ට ද සිදුනොවිය යුතුයි’’ යන්නයි.

කොහොමවුණත් ඇගේ කතාවෙන් පස්සේ එච්අයිවී ආසාදිතවූවන් වෙනුවෙන් දරන වෛද්‍ය වියදම් පිළිබද සුවිශේෂී අවධානයක් යොමුකරන්නට යුක්රේන රජය එකගවුණා.

ලීසාගේ මව මත්ද්‍රව්‍යය එන්නත් කරගැනීමට යෑමේදී සිදුවූ අත්වැරැුද්දක් ලීසාටත් එච්අයිවී ආසාදිත වී ඇති බව දැනගන්නේ වයස අවුරුදු 6 දීයි. මත්ද්‍රව්‍ය ළගතබාගත් වරදට වසර තුනක් හිරබත් කන ලීසාගේ මව නැවතත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ ඇගේ සැමියාගේ බලකිරීමත් සමගයි. කොහොම වුණත් ඇය 27 වියේදී මියයෑමත් සමග ලීසා වෙනත් මාපියන් දෙදෙනෙකු යටතේ හැදී වැඩෙනවා.


ස්පර්ශයෙන් එච්අයිවී ආසාදනය වන බව කී ගුරුවරියට පාඩමක් ඉගැන්වූ ලීසා

ලීසාගේ මිතුරන් නිරන්තරයෙන් ඇය වටා සිටියත් ලීසාගේ පාසලේ උගන්වන එක් ගුරුවරියක් පවසා තිබුණේ අත් ඇල්ලීමෙන් හා කිවිසුම් මගින් වුවත් ඒඞ්ස් ශරීරගත විය හැකි බවයි. යුක්රේන පාර්ලිමේන්තුවේ දී පවා නොබියව තමන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරලා තිබුණු ලීසා මෙය විකාර කතාවක්යැයි පවසා  ගුරුවරියට නිසි පිළිතුරක් ලබාදී විදුහල්පති කාර්යාලයට ගමන් කිරීමට පවා පැකිළුණේ නැහැ.


ලීසාගේ කතාව එතැනින් නිමා නොවී සමාජයේ අනෙක් දරුවන්ට මෙන් සාමන්‍ය ජීවිතයක් ගතකිරීමේ අවස්ථාව ඇයට උදාවෙන්නේ එච්අයිවී ගැන නිසි අවබෝධයක්  ඇති සමානාත්මතාව අගයන කුහකත්වයෙන් තොර බහුතර මිනිසුන් සිටින සමාජයක ලීසා ජීවත්වන නිසා බව ද මතක තබාගත යුතුයි. 



Thursday, March 10, 2016

March 10, 2016 0 Comments

මගේ අරගලය ජනගත වූ කල - කාල්  ඕවේ නොග්ස්ගාර්ඞ්


 
Min Kamp කෘතිය හිට්ලර් විසින් රචනා කරන ලද ස්වයං චරිතාපදානය බව දනිමු. නෝර්වේජියානු ලේඛකයකු වන කාල්  ඕවේ නොග්ස්ගාර්ඞ් විසින් රචනා කළ My Struggle (Min Kamp) කෘතියට පදනම් වන්නේ එවැනි තේමාවකි.
''එදින මීට වසර 18 කට පෙර උදාවුණු ගිම්හානයේ දිනයකි. ඒ මොහොතේදී මා හා මගේ සොහොයුරා ක‍්‍රිස්ටියන්සෑන්ඞ් නගරය පසුකරමින් සිටි අතර මාර්ගයේ පවතින දැඩි වාහන තදබදය හා අධික රස්නයෙන් මිදීමට තැත් දරමින් සිටියෙමු. ක‍්‍රිස්ටියන්සෑන්ඞ්, නගරය මගේ පියා ඉපදුණු නගරය වූ අතර අප දෙදෙනා ඒ මොහොතේ ගමන් කරමින් සිටියේ අප පියාගේ මළගමට සහභාගී වීමටයි. දැඩි රස්නය මගහරවමින් ඒ මොහොතේ වැස්සක් ද ඇදහැලෙන්නට වූ අතර මා සොහොයුරා මෝටර් රියේ වයිපරය ක‍්‍රියාත්මක කළේය. මා දෙස කිසිදු බැල්මක් නොබැලූ ඔහු පවසා සිටියේ කවුරුවත් මේ කතාව විශ්වාස නොකළත් ඔබට මේ ගැන ලියන්නට පුළුවන්'' යන්නයි' 'ගාර්ඩියන්' වෙත අදහස් දැක්වූ ඔහු පසුගියදා පවසා සිටියේය.
                                                                   
කාල් රචනා කළ My Struggle (Min Kamp) කෘති පෙළ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් කෘති පෙළක් වූ අතර මේ කෘති පෙළට පදනම් වූයේ කාල්ගේ හා ඔහුගේ සමීපතමයින්ගේ ජීවන අත්දැකීම්ය. විශේෂයෙන්ම, කාල්ගේ පියා පිළිබඳ මෙම කෘතිය තුළ බොහෝ කරුණු සටහන් වී තිබුණු නිසා කාල්ගේ පවුලේ සාමාජිකයින්ගේ වුවමනාව වී තිබුණේ මෙම කෘතිය මුද්‍රණය වීම වැළැක්වීමටය.

''තරුණයෙක් ලෙසින් මා හැදී වැඩුණු කාලයේදී තාත්තා සරළ ජීවිතයක් ගතකළා. නමුත්, ඔහු කුමන හෝ මොහොතකදී වෙනස් වේවිදැයි නිශ්චිතව පවසන්නට හැකිනොවීම දරුවෙක් ලෙසින් මට මුහුණදෙන්නට සිදුවුණු ගැටළුවක් වුණා. මට වයස අවුරුදු 16 පමණ වෙද්දි තාත්තා අතිශය දරුණු විදියට බීමතට ඇබ්බැහි වුණා. අවසානයේදී ඔහු ගෙදරින් නික්මී ගියා. ඒ සමගම තාත්තා මගේ ජීවිතයෙන් අතුරුදහන් වුණා. ඔහු අළුතින් පවුල් වෙලා ආයෙත් දරුවෝ හැදුවත් ඔහුගේ ජීවීතේ කොතැනක හෝ වැරදුණු තැනක් තිබුණා. ඒ වයසේ දරුවෙකු හා මාපියන් අතර පවතින සම්බන්ධතාවය එක් පැත්තකට පමණක් සීමාවුණු සබඳතාවක් වන අතර දරුවන් නිරන්තරයෙන් උත්සහ ගන්නේ මාපියන්ගෙන් වියුක්ත වීමටයි. තරුණ වයසේ දරුවන් නිරන්තරයෙන්ම උත්සහගන්නේ ඔවුන්ගේම වූ ලොවක් ගොඩනගන්නටයි. එබැවින්ම, මේ කාලපරිච්ෙඡ්දය හරිම රසවත් වුණා.'' යන්න සිය කෘතිය පිළිබඳ අදහස් පළකරන කාල් පවසයි.

''දරුවන්ට කඳුළටත් වඩා දරාගැනීමට අසීරු එකම දෙය වන්නේ නිම්හිම් නැති සතුටයි.'' කාල්  ඕවේ



Thursday, January 28, 2016

January 28, 2016 0 Comments

භාෂාව පෙරළා අවියක් බවට පත්වූ කල ................... ?  


භාෂාව සිය අවිය බවට පත්කරගත් ලේඛිකාවකට ඒ අවියම පෙරළා ඇය වෙත එල්ල වන අවියක් බවට පත්වූ කල..........?

Jhumpa Lahiriඅද වන විට ලේඛිකාවක ලෙස ලොව දැන හැදින සිටියද සැබෑවටම ඇයට සිය ජීවිතය තුළ මුහුණදීමට තිබෙන ප්‍රධානතම ගැටළුව බවට පත්වී තිබෙන්නේ භාෂාවමය. බෙංගාලි හා ඉංග්‍රීසි භාෂාවේ පරතරය අතරින් Lahiriගේ ලේඛන දිවිය දිගහැරෙන විට ඇයට තවත් භාෂාවක් හා සටන් කිරීමට සිදුවී ඇත. ඒ ඉතාලි භාෂාවයි.

‘‘මගේ නොවන භාෂාවක ඇසුර නිසා මට පිටුවහල් කළා වැනි හැගීමක් දැනෙන්නේ  ඇයි?. ‘

Lahiriලොවෙන් විමසා සිටින්නීය. ඊට සාධාරණ හේතු ද ඇය සතුවම පවතියි.

‘සමහරවිට මට පිටුවහල් කළා වගේ හැගීමක් දැනෙන්නේ මම කිසිම භාෂාවකට අයත් නැති ලේඛිකාවක් හින්දා වෙන්න ඇති‘

බෙංගාලයේ සිට ලන්ඩනයට සංක්‍රමණය වන පියෙකුට දාව ඉපදෙන ඇය පසුව හැදිවැඩෙන්නේ ඇමරිකාවේදීය. එබැවින්ම, ඇය ඉන්දීය බෙංගාලි සම්භවයක් ඇතිව ඉපදුණු ඇමරිකානු ලේඛිකාවක ලෙස නම් ලද්දීය. නිමක් නොවන ගමනාන්තයන්ගෙන් අනතුරුව අද වන විට ඇය ඉතාලියේ දිවිගෙවන්නීය.

Jhumpa Lahiri සිය ප්‍රථම කෘතිය කෙටිකතා සංග්‍රහය වන Interpreter of Maladies (1999) වෙනුවෙන් 2000 වසරේදී  පුලිට්සර් සම්මානය හිමිකරගැනීමට  සමත්වූවාය.

මේ කෘතියෙන් පිළිබිඹු වන්නේ ඉන්දියාවේ ජීවත්වන මිනිසුන්ගේ ජීවිත වල හා  ඉන්දීය සංක්‍රමණිකයින්ගේ ජීවිත වල පැනනැග තිබෙන විවිධ දුෂ්කරතා හා ගැටළුය. එහිදී විශේෂයෙන් අවධානයට ලක්කර තිබෙන්නේ වැඩිහිටියන් හා දරුවන් අතර ඇතිවන පරම්පරා ගැටළුව, විවාහ සම්බන්ධයෙන් පැනනගින ගැටළු ආදියයි. මින් බොහොමයක් දෑ සංක්‍රමණික පියෙකුගේ දියණියක ලෙස  Lahiriගේ ජීවිතයට ද සමීපව බලපෑ ගැටළු වීම විශේෂත්වයකි. ඇය රචනා කළ  Unaccustomed Earth, The Namesake, The Lowland වැනි කෘතීන් ද අතිශයින් ජනප්‍රියත්වයට පත්වී ඇත.





‘මම පසුකර ගිය සෑම අගලක් පාසාම සිහිවිකල්ලෙන් පසුවුණු කාලයක් තිබුණා........ කටට ගත් හැම බත් පිඩක්ම, මා හදුනාගෙන සිටි හැම මිනිසෙකුම, ගමන අතරතුරදී සැතපුණු සෑම කාමරයක් පාසාම මා සිහිවිකල්ලෙන් පසුවුණු කාලයක් තිබුණා.
මේ හැමඑකක්ම, අතිශය සාමාන්‍ය අන්දමහ පෙනෙන්නට තිබුණත්, මා සිහිවිකල්ලෙන් පසුවුණු මගේ සිතැගි වලින් ඔබ්බට ගිය කාලයක් තිබුණා...‘
(Interpreter of Maladies)

‘නොහදුනන අයෙකුට ඔබ පෙම් කරන විට එය හදුන්වන්නේ ආකර්ශණීයත්වය නමිනුයි‘

 (Interpreter of Maladies)



Friday, November 6, 2015

November 06, 2015 0 Comments
පාලකයින්ගෙන් එල්ලවන පීඩනයට එරෙහිව සුළුතරය හඬ නගන විට ඔවුන්ගේ හඬ වෙමින් සමාජය අවදිකිරීමේ නියැලී සිටින නිර්මාණකරුවෝ ද ඒ හඬට වටිනා ශක්තියක් එක්කිරීමට දායක වෙති. 1989 දී හොඳම තිර රචනයට හිමි ජාතික සම්මාන දිනාගත් අරුන්දතී රෝයි සිය සම්මානය නැවත ඉන්දීය රජයට භාර දී ඇත. අරුන්දතී රෝයි බුකර් සම්මානලාභිනියක් ද වන්නීය.

ලේඛකයින්, සිනමා නිර්මාණකරුවන් හා බුද්ධිමතුන් වැනි ඉන්දියාවේ සුප‍්‍රකට චරිත ගණනාවක් රටතුළ වර්ධනය වන නොසන්සුන්කාරී තත්ත්වයට විරෝධය පා සිය සම්මාන නැවත ඉන්දීය රජයට භාරදෙමින් සිටිති. මේ පිරිස අතරට එකතුවෙමින් සිය ජාතික සම්මානය නැවත භාරදීම පිළිබඳ අදහස් දැක්වූ රෝයි පැවසුවේ ‘මට ගොඩක් ආඩම්බරයි’ යන්නයි.

සුළුතරයට එරෙහිව එල්ලවන ප‍්‍රහාර, හේතුවාදීන්ට එරෙහිව එල්ලවන ප‍්‍රහාර, නිදහස් ප‍්‍රකාශනයට එරෙහිව එල්ලවන තර්ජන, හරක්මස් තහනම් කිරීමට එරෙහිව එල්ලවන බලකිරීම්, භාරතීය ජනතා පක්ෂය හා රාෂ්ටි‍්‍රය ස්වාමිසේවක් පක්ෂයේ නායකයින් විසින් සිදුකරන ක‍්‍රියාවන්ට එරෙහිව විරෝධතාව පළකරමින් නිර්මාණකරුවන් ගණනාවක් ඔවුන්ට හිමිවූ ජාතික සම්මාන ඉන්දීය රජයට නැවත භාරදුන්හ.

කලාකරුවන් හා බුද්ධිමතුන් විසින් සිදුකරන මේ විරෝධතාවය ඉතිහාසයේ පෙර නොවූ විරූ අපූර්ව කටයුත්තක් වන බව අරුන්දතීගේ අදහසයි. 1989 දී අරුන්දතී රෝයි ට හොඳම සිනමාපට තිර රචනය වෙනුවෙන් පිදෙන සම්මානය හිමිවූයේIn Which Annie Gives it Those Ones  වෙනුවෙනි.

මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ අරුන්දතී පැවසුවේ ‘‘නැවත භාරදීමට හැකිවූ ජාතික සම්මානයක් මට හිමිවීම පිළිබඳ මා සතුටට පත්වෙනවා. ලේඛකයින්, සිනමා නිර්මාණකරුවන් හා බුද්ධිමතුන් මතවාදීමය දුෂ්ටකම් හා අඩන්තේට්ටම් වලට එරෙහිව නැගී සිටීම ගැන මට සතුටුයි. මේ ප‍්‍රහාරය එල්ලවුණේ අපේ නිර්මාණශීලී චින්තනයටයි. මීට එරෙහිව අප නැගී නොසිටියා නම් දවසක ගැඹුරු වළක් තුළ අපව වළදමා තියේවි.’’ රෝයි ද ඉන්දියන් එක්ස්ප‍්‍රස් වෙත ලිපියක් ලියමින් පැවසුවාය.

‘‘තවත් පසෙකින් මේ එල්ලවන විරෝධතාවන් තුළ දේශපාලනයද ඇතුළත් වී තිබෙනවා. ඒ නිසා මේ විරෝධතා වල කොටස්කරුවකු වීම මට මහත් ආඩම්බරයක්. මේ වෙද්දි ඉන්දියාව තුළ සිද්ධවෙන දේවල් ගැන මට ලැජ්ජයි’’ අරුන්දතී මෙහි සදහන් කර තිබුණාය. ඇගේ අදහස වී තිබෙන්නේ ඉන්දියාව තුළ සිදුවන සිද්ධි විස්තර කිරීමට යොදාගත යුතු වදන ‘නොසන්සුන්කාරී වාතාවරණය’ නොවන බවයි යන්නයි.

පළමුවෙන්ම, නඩු නැතිව දඬුවම් පැමිණවීම, වෙඩි තැබීම, ගිනි තැබීම් හා ඝාතන රැල්ලට යොදන නාමය වන ‘නොසන්සුන්කාරීත්වය’ යන අදහස වැරදියි. කලින් එවූ ලිපි ගණනාවක් අපට තිබෙනවා. බලවත් බහුතරයේ ඡුන්දයෙන් පත්වූ මේ රජය දැන් සිදුකරන දේවල් වලින් කම්පනයට පත්වී සිටිනවා. මේ වනවිට සිදුවන භයංකර ඝාතනයන් අති දරුණු ආබාධයක රෝග ආබාධ බවට පත්වී තිබෙනවා. මෙවැනි රටක් තුළ ගෙවන ජීවිතයද අපායක් වගෙයි. ඉන්දියාවේ සිටින සුළුතර ජන කොජස් වන දලිට්ස්, ආදිවාසීන්, මුස්ලිම් හා ක‍්‍රිස්තියානි පිරිස් මහත් භීතියෙන්, අවිශ්වාසයෙන් මෙන්ම කුමන වෙලාවක කවුරුන් හෝ පැමිණිලා පහර දේ යැයි යන බියෙන් පසුවෙනවා.

Babasaheb Ambedkar  වරෙක පැවසූවේ ‘‘හින්දු ආගම හැබෑවටම කුලහීනයන්ට තැතිගැන්ම දනවන්නක්’‘ යන්නයි. පහරකෑමට ලක්නොවී, නඩු නැතිව ලබාදෙන දඬුවම් විඳිමින්, වෙඩි තබමින් හෝ සිරගත නොවී ආගමේ නාමයෙන්, ඔවුන්ට ආගමෙන් දඬුවම් විඳින්නට සිදුවෙනවා. Saadat Hasan Manto එක් අවස්ථාවකදී Letters to Uncle Sam හිදී ආගමේ නාමයෙන් විඳින්නට සිදුවන වේදනා ගැන වරෙක රචනා කළා. අද ඉන්න ලේඛකයින්ට ඔවුන්ගේ අදහස් එලෙස නිදහසේ ඉදිරිපත් කිරීමට හැකිද ?. අද අපට නිදහසේ අදහස් කිරීමට ඉඩක් නැත්තම් බුද්ධිමය වශයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන, මෝඩයින් පිරිසක් ඉන්න සමාජයක් බවට ඉන්දීය සමාජය පත්වේවි. මුළු මහත් ආසියා මහද්වීපය පුරාම ජාතිය පහත් මට්ටමින් සලකන රටක් බවට ඉන්දියාව පත්වී තිබෙනවා. අද පවතින ඉන්දියානු සමාජයත් මීට එක්වී සිටිනවා. ඒ මදිවට මේ වනවිට හැමදෙයක්ම කපා කොටන වාරණයත් දැඩිව පවතිනවා. ’’ රෝයි සිය ලිපියේදී සදහන් කර තිබුණාය.

‘‘කොහොම වුණත් නුදුරේදීම වෙනසක් පැමිණෙනවාමයි. ඒ වෙනස ලේ වගුරවන සුළු එකක් හෝ සුන්දර වූවක් හෝ විය හැකියි. එහි සුන්දර බව හෝ අසුන්දර බව රැුඳී තිබෙන්නේ අප මතම යි.’’
 අරුන්දතී රෝයි
November 06, 2015 0 Comments
[‘‘කිසිවකට අපව මරණයෙන් ගළවාගත නොහැකි නම්, අඩුම තරමින් ආදරය වත් අපව
ජීවිතයෙන් ගලවාගත යුතුයි.’

නිර්මාණකරුවන්ගේ හඬ යටපත් කළ නොහැකි තැන සිදුවන්නේ රාජ්‍ය තන්ත‍්‍රයේ අදිසි හස්තය වන බලය යොදාගනිමින් ඔවුන්ව ඝාතනය කිරීමයි. බොහෝවිට එවැනි ඝාතනයක් කිසිසේත්ම ලෝකයෙන් යටපත් කළ නොහැකිය.  

පැබ්ලෝ නෙරූඩාගේ චිලියේ ජීවත් වූ සුවිශේෂී කවියෙකු මෙන්ම රාජ්‍ය තාන්ත‍්‍රික නිළධාරියකු ද වෙයි. නෙරූඩා ව ඝාතනය කළේ  ඕගස්ටෝ පිනෝචේගේ පාලන තන්ත‍්‍රය බව චිලි රාජ්‍ය මේ වනවිට පිළිගෙන ඇත. 

බොහෝවිට නෙරූඩා මියගියේ පිළිකා රෝගය නිසා නොවන බව මේ වනවිට තහවුරුවෙමින් පවතියි. 1973 දී චිලියේ සිදුවූ කැරැුල්ලෙන් පිනෝචේට බලය හිමිවීමෙන් අනතුරුව නෙරූඩා මරාදැමුණු බව මේ වනවිට අනාවරණය වෙමින් පවතියි. 

නෙරූඩාගේ මරණයට හේතුවූ කරුණු පිළිබඳ මේ වනවිට සොයාබලමින් සිටියි. මේ පිළිබඳ ප‍්‍රකාශයක් නිකුත් කළ චිලියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති පවසන්නේ නෙරූඩා මියගියේ පිළිකා රෝගයකින් නොවන බවයි. 

ස්පාඤ්ඤයේ El Pais  පුවත්පත වෙනුවෙන් චිලියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මේ වසරේ මාර්තු මාසයේදී ප‍්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ ‘‘නෙරූඩාගේ මරණය සිදුවූයේ තුන්වන පාර්ශ්වයක මැදිහත්වීම යටතේ වන බවට වූ හෙළිදරව් කිරීම් මේ වනවිට සිදුවන බවයි.’’ 

කෙසේවුවත්, නෙරූඩාගේ මරණය පිළිබඳ චිලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීම යටතේ විශේෂඥයින්ගේ මැදිහත්වීම යටතේ පරීක්ෂණයක් පවත්වනු ඇත. 

නෙරූඩා රචනා කළ පේ‍්‍රමාන්විත කවි පිළිබඳ ඔහුට දැවැන්ත කීර්තියක් අත්විය. වාමාංශික දේශපාලඥයකු හා රාජ්‍ය තාන්ත‍්‍රිකයකු වූ නෙරූඩා සැල්වදෝර් අයියන්දේ ගේ සමීප හිතවතකු ද වූවේය. සැල්වදෝර් අයියන්දේ ලතින් ඇමරිකානු කලාපය තුළ පත්වූ පළමු මාක්ස්වාදී ජනාධිපති වූ අතර පිනෝචේගේ සෙබළුන් විසින් ඔහුව අල්ලාගැනීමට ප‍්‍රථම 1973 දී අයියන්දේ සියදිවි නසාගත්තේය. 
69 හැවිරිදි වියේ පසුවූ නෙරූඩා පුරස්ථි ග‍්‍රන්ථියේ ඇතිවූ පිළිකාවකින් පීඩා විඳිමින් සිටි අතර ඔහුගේ මිතුරාගේ මරණයෙන් පසු දැඩිලෙස කම්පනයටද පත්ව සිටියේය. රටින් පිටුවහල් වී සිටීමට නෙරූඩා සැලසුම් කරගෙන සිටි අතර චිලියේ ආඥාදායක පාලනයට එරෙහිව හඬ නැගූ දැවැන්ත චරිතයක් ලෙසද ඔහුව නම්කළ හැකිය. 
නමුත්, අවාසනාවකට මෙන් නෙරූඩාට රටින් පිටවීමට තව එක්දිනක් පමණක් ඉතිරිව තිබියදී ඔහුට ගමන් කිරීමට සිදුවූයේ සන්තියාගෝහි තිබූ සාන්ත මරියා රෝහල වෙතය. එහිදී නෙරූඩාගේ පිළිකා රෝගී තත්වය උදෙසා ප‍්‍රතිකාර සිදුකෙරුණි. නෙරූඩාගේ මරණයෙන් පසුව තීරණය කෙරුණේ ඔහු පිළිකා රෝගය නිසා මියගිය බවයි. නමුත්, ඔහුගේ මරණය පිළිබඳ වූ පරීක්ෂණ 2013 වර්ෂයේ සිටම පැවැත්වේ. 

නෙරූඩාගේ මරණයට පෙර විෂක් ශරීරගත වූ බවට සැකයක් මතුවූ අතර ඒ පිළිබද පරීක්ෂණ සිදුවූ අතර එවැන්නක් සිදුවී නැතිබව හෙළිදරව් විය. නෙරූඩාගේ රියදුරා මේ තීරණයට එකග නොවූ අතර තවදුරටත් පරීක්ෂණ සිදුවිය යුතු බවට 2013 වසරේදී තීරණය විය. 

Tuesday, June 23, 2015

June 23, 2015 0 Comments

ටයිටැනික් චිත‍්‍රපටයේ සංගීත සංරචකයා ගුවන් අනතුරකින් අවසන් ගමන් යයි 


ටයිටැනික් චිත‍්‍රපටයේ එන ‘මයි හාර්ට් විල් ගෝ ඔන් ’ ගීතය එක්වරක් හෝ ටයිටැනික් චිත‍්‍රපටය නැරඔුවෙකුට අමතක නොවන ගීතයක්.  මෙහි සංගීත නිර්මාණ ශිල්පියා වූ ජේම්ස් හෝනර්  පසුගිය සඳුදා දින ( ජූනි 22 ) සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබෙනවා.

ඇකඩමි සම්මාන ද්විත්වයකින්  පිදුම් ලැබූවෙක් 


ඇකඩමි සම්මාන ද්විත්වයක් දිනාගෙන සිටින මේ ශිල්පියා මියයන විට පසුවූයේ  61 වන වියේ යි. ජේම්ස්  මියගිය බව නිල වශයෙන් තහවුරු කර ඇත්තේ ඔහුගේ සහායිකාවක් වන සිල්වියා පෙට්ෂීයාය. 

ඒ බව සඳහන් කරමින්  ‘ අසහාය හැකියාවක් සහ දැවැන්ත හදවතක් තිබුණු මිනිසෙකු අපට අහිමිවුවා’ යන්න ඇය සිය ෆේස් බුක් ගිණුමේ සඳහන් කර තිබුනා

ඔහු මෙලෙස අනතුරට පත්වී ඇත්තේ සැන්ටා බාබරාවට සැතපුම් 60 ක් පමණ දුරෙනි. කුඩා ගුවන්යානයක පියාසර කරමින් සිටින අතරතුර ඔහු මෙලෙෂ අනතුරට ලක්ව ඇත. මෙම ගුවන්යානය ඔහුට අයත්ව තිබූවක් වන අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන්යානයේ නියමුවෙක් සිටියේදැයි යන්න හෝ සිටියානම්  ඔහු කවුදැයි යන්න  මේ වනවිට හඳුනාගෙන නොමැත.

ටයිටැනික් චිත‍්‍රපටයේ සෑම පියවරක් පාසාම පේ‍්‍රක්ෂක  හදවතට දැනෙන යමක් නිර්මාණය කරන්නට මට අවැසි වූවා


1997 දී විශිෂ්ඨතම සිනමා නිර්මාණයට හිමි ඇකඩමි සම්මානය දිනාගත්  ජේම්ස් කැමරන්ගේ අධ්‍යක්ෂනයක් වූ ‘ ටයිටැනික් ’ චිත‍්‍රපටය උදෙසා හෝමර් ඔස්කාර් සම්මානය දිනාගත් අතර  සෙලීනා ඩියොන් ගයන ‘ මයි හාර්ට් විල් ගෝ ඔන් ’ ගීතය උදෙසා ඔහු සහ එහි ගීත  රචකයා වූ විල් ජෙනින්ස්  ඇකඩමි සම්මාන දිනාගත්හ
2009 වර්ෂයේදී ලොස් ඇන්ජලීස් ටයිම්ස් සමග සම්මුඛ සාකච්ඡුාකකට එක්වෙමින් හෝනර් ප‍්‍රකාශකර සිටියේ ‘ ටයිටැනික් චිත‍්‍රපටයේ සෑම පියවරක් පාසාම පේ‍්‍රක්ෂක  හදවතට දැනෙන යමක් නිර්මාණය කරන්නට මට අවැසි වූවා යන්නයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ප‍්‍රකාශ කළේ ‘ මට යමක් අහිමි වූ සෑම අවස්ථාවකම අවස්ථාවකම පාහේ මම රැුඳී සිටිනවා, මගේ හදවතට දැනෙන දේ ප‍්‍රකාශ කරනවා. මගේ කාර්්‍යය වන්නේ එය බවයි ’ යන්නයි
ජේම්ස් කැමරන් හා හෝනර්ගේ සුසංයෝගයත් සමග ආදායම් වාර්තා තැබූ  ‘ ඒලියන්ස් ( 1986 ) ඇවේටර්
( 2009 ) වැනි චිත‍්‍රපට නිර්මාණය වුනි. මේ වනවිට නිර්මාණය වෙමින් පවතින ඇවේටර් චිත‍්‍රපටයේ නව කොටසට ද ඔහු දායක වෙමින් සිටි බව ප‍්‍රකාශ වේ.

විශිෂ්ඨතම චිත‍්‍රපට ලෙස සම්මාන ලැබූ බ්‍රේව් හාර්ට් ( 1995 ) අ බියුටිෆුල් මයින්ඞ් (2001 )ඇන් ඇමරිකන් ටේල් ( 1986 ) ෆීල්ඞ් ඔෆ් ඞී‍්‍රම්ස් ( 1989 ) ඇපලෝ 13 (1995 )  හවුස් ඔෆ් සෑන්ඞ් ඇන්ඞ් ෆොග් ( 2003  )යන චිත‍්‍රපටයන්හි සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ඔහු කටයුතු කළේය.