Windy
June 17, 2015
0 Comments
Wednesday, June 17, 2015
Tuesday, June 16, 2015
Windy
June 16, 2015
0 Comments
පිළිරූ බිඳලූ අරුන්දතී
තේ වතු කළමනාකරුවකුගේ දියණිය ලෙස මෙලොව එළියදකින ඇයට පියාගේ සෙනෙහස අහිමිවන්නේ දෙහැවිරිදි වියේදී ඇගේ මව පියාගෙන් දික්කසාද වීමත් සමඟයි. ප‍්‍රථමයෙන් අපට ඇයව හඳුනාගන්නට හැකිවන්නේ තිර රචිකාවියක් ලෙසයි. 1988දී අරුන්දතී රචනා කළ ෂබ අයසජය ්බබසැ ඨසඩැි සඑ ඔයදිැ තිර රචනය උදෙසා ඇයට ඉන්දීය ජාතික සම්මානය හිමිවෙනවා.
පුලාන් දේවියගේ චරිතය පදනම් කරගත් ශේකර් කපූර් අධ්‍යක්ෂණය කරගත් බැන්ඞ්ට් ක්වීන්, චිත‍්‍රපටය විවේචනය කරන අරුන්දතී පවසන්නේ ‘¥ෂණයට ලක්වූ ජීවත්වන කාන්තාවකගේ කතාව පදනම් කරගත් චිත‍්‍රපටයක් නිර්මාණය කිරීම තුළ ඇගේ ජීවිතය සහ එහි අරුත් වැරැුදි ලෙස ඉදිරිපත් කර ඇති බවයි. ඇය විසින් රචිත ඔයැ ටදා දෙ ීප්කක ඔයසබටි (1997* කෘතිය බුකර් සම්මානය හිමිවීමත් සමඟ ලෝකය ඇය පිළිබඳ දැනගන්නවා. මේ ඇය ගැනයි.
‘පීකේ’, ඔහු ඉන්දීය සමාජයට පිටස්තරයෙක්, තමන්ගේ ලොවට නැවතත් ගමන් කරන්නට අවැසි අනන්‍යතාවය සොයාගෙන ඔහු යනවා. නිරුවතින් ඉන්දියාවට පැමිණි ‘පීකේ’ ටිකෙන් ටික තමන්ගේ පිටස්තර බවින් මිදෙන්නට උත්සහ ගන්නවා.
එහෙම නැතිව ඔහුට ඒ සමාජයේ පවතින්නට නොහැකි නිසයි. ඒ අනන්‍යතාව සොයාගන්නට නොහැකි වූ තැන ඔහු කරන්නේ.
හැම මිනිසකුම කරන්නාක්මෙන් දෙවියන් සොයාගෙන යෑමයි. ඒත්, දෙවියන් වෙනුවට ඔහුට හමුවෙන්නේ දෙවියන් සේ වෙස් වලාගෙන ඉන්න උදවියයි.
නැත්නම් දෙවියන් නිසාවෙන්ම වියවුල් වුණු ලෝකයයි.
කොහොම වුණත් නිරුවතින් ඉන්දියාවට පැමිණි මේ පිටස්තරයා සමස්ත ඉන්දීය සමාජයම නිරුවත් කරනවා.
බඩගින්නට අහරක් සොයාගෙන යන ඔහු දකින්නේ එක් තැනැත්තකුගේ රුව සහිත අජීවී කොළයක් පෙන්වූ විට තමන් බලාපොරොත්තු වන ඕනෑම දෙයක් මිලදී ගන්න පුළුවන් බවයි. ‘පීකේ’ කරන්නේ මේ රුව දකින හැමතැනකින්ම ඒවා හැකිතරම් ප‍්‍රමාණයක් එකතු කිරීමයි. ඒත් ඒ වෑයම සාර්ථක වෙන්නේ නැහැ. මේ අජීවී කඩදාසි මත ඉන්න පුද්ගලයා මතකද?
ගාන්ධිි
ඒ පිටස්තරයා මෙන්ම තවත් ගැහැනියක් ඉන්දියානු සමාජය පිටස්තරයෙක් ලෙසින් දකිනවා.
ඔයැ ටදා දෙ ිප්කක ඔයසබටි වැනි කෘතියක් ඇගේ අතින් ලියැවෙන්නේ එලෙසයි. ඇය අරුන්දතී රෝයි.
‘පීකේ’ එකතු කළ අර කිව්ව අජීවී කොළයේ ඉන්න පුද්ගලයා මතකද?
ගාන්ධි ගැන පසුගිය දිනෙක අරුන්දතී කියන්නේ
‘රාජ්‍ය නොවන සංවිධානවලට අනුග‍්‍රාහකත්වය දැක්වූ පළමු අනුග‍්‍රාහකයා ඔහු බවයි. 1915 සිට ගාන්ධි මිය යන තෙක්ම ඔහුට අනුග‍්‍රාහකත්වය දැක්වූවේ බර්ලාස්, බජාජ් සහ ටාටා සමාගම් බවත් අරුන්දතී ප‍්‍රකාශ කරනවා. ඔයැ ක්‍දකකැජඑැා උදරනි ධෙ ඵ්ය්එප් ඨ්බායස කෘතිය උපුටා දක්වන අරුන්දතී කියන්නේ ගාන්ධි සැබෑවටම අප‍්‍රිකාවේ වර්ගවාදයට එරෙහිව සටන් කළා කිව්වත් ඒ කතාව අසත්‍යයක් බවයි. ගාන්ධිගේ පළමු දේශපාලන ජයග‍්‍රහණය වුණේ ඩර්බන්හි තැපැල් කාර්යාලයේ තුන් වන ප‍්‍රවේශ දොරටුවක් විවෘත කිරීම බවයි. අරුන්දතී ප‍්‍රකාශකරන්නේ. මෙලෙස තෙවැනි ප‍්‍රවේශ දොරටුවක් විවෘත කිරීමේ හේතුව බවට පත්වෙන්නේ අනෙක් කළු ජාතිකයන් සමඟ ඉන්දීය ජාතිකයන්ට නොගෑවී යෑමේ මාර්ගයක් විවර කිරීමයි. බෝර් යුද්ධය සහ බැම්බතා කැරැුල්ලේදී ද ගාන්ධි බි‍්‍රතාන්‍යයන්ට සහය පළකළ බවත් අරුන්දතී කියනවා.
බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ මේ ලේඛිකාව අද වනවිට ඒ චරිතයෙන් තරමක් බැහැරට ගොස් සමාජ කි‍්‍රයාකාරිනියක ලෙසින්ද හඳුනාගන්නට හැකියි.
ඉන්දියානු සාමාජය නිරන්තරයෙන් පීඩාවට ලක් කරන ප‍්‍රබලම කරුණක්ව තිබෙන්නේ කුල ක‍්‍රමයයි. අරුන්දතී කුල ක‍්‍රමය යන්න අර්ථකතනය කරන්නේ දේශපාලන හුදෙකලාභාවය තුරන් කිරීමට නිර්මාණය වූ සාධකයක් ලෙසිනුයි. එබැවින්ම මෙය අතිශය සංකීර්ණ අරගලයක්ව තිබෙනවා යන්න ඇගේ අදහසයි.
කෙසේ වුවත්, බ‍්‍රාහ්මීයවාදය, ධනවාදය සහ අධිරාජ්‍යවාදය අතර අඛණ්ඩ සහ ප‍්‍රත්‍යක්ෂව අනාවරණය නොවූ සබඳතාවක් ගොඩනැගුණේ නැතිවුවහොත් කුල ක‍්‍රමයට විරුද්ධව තිබෙන සටන සාර්ථක නොවන බවද අරුන්දතී කියනවා. ඉන්දියානු ජනතාව නිරන්තරයෙන්ම පෙළන කරුණක් ලෙස කුලවාදය හඳුනාගන්නට හැකිවුවත් හැබෑවටම කුලය කියන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ඉන්දියාවේ බොහෝදෙනකුට කිසිම අදහසක් නැතිබවත් ඇගේ විශ්වාසය වෙනවා. එහෙම වටපිටාවක තමයි දෙවියන් කවුද, ඉන්නේ කොතැනද කියලවත් නොදැන ඔවුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පුදදෙන්නට කැමැති උමතුවෙන් වගේ කටයුතු කරන පිරිසක් ‘පීකේ’ ගේ නෙත ගැටෙන්නේ.
මේ ගැන අරුන්දතී කියන්නේ ඉන්දියාවේ මිනිස්සුන්ට කුලය කියලා කියන්නේ හින්දු ධර්මයට සම්බන්ධ ගුප්ත අදහසක් බවයි.
එක්තරා විදිහකින් ඇය කුල ක‍්‍රමයට එරෙහිව ගෙනයන සටන විප්ලවයක්, වෙනසක් ඇතිකිරීමේ බලාපොරොත්තුවෙන් අරුන්දතී ගෙනයන සටන පිළිබඳ බලාපොරොත්තුවක් තබාගත හැකිද කියලා ඇගෙන් විමසා සිටි එක් අවස්ථාවකදී අරුන්දතී කියන්නේ ‘සටන් කිරීම නැත්නම් විප්ලවය කියන අදහස පසුගිය දශක ගණනාව පුරාවටම දුක් විඳලා තිබෙනවා. 1960 වගේ කාලයකදී නැක්සලයිට් වැනි සටන් හරහා වගේම මාවෝවාදී සටන් තුළිනුත් මිනිසුන් සටන් කරන්නේ අවතැන්වීමට එරෙහිවයි ඔවුන් සටන් කරන්නේ භූමිය ඒ භූමිය අයිති මිනිසුන්ගේ
ඩැහැගැනීමට එරෙහිව’ බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉන්දියාව තුළ හිදිමින් අරුන්දතී කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ තිබෙන සෑම සංස්ථාවක්ම මිනිසුන්ව පාලනය කරන්නට වෙරදරනවා මිසක් ඔවුන් වෙනුවෙන් කිසිදු කටයුත්තක් කිරීමට උත්සහ නොගන්නවා කියලයි. කතාවේ මුලින් කිව්ව ‘පීකේ’ වගේ ඇය ඉන්දියාවට පිටස්තරයෙක් නොවුණත් ඉන්දියාව තුළ හිඳගෙනම ඉන්දියාව විවේචනය කරන්නට තරම් ශක්තියක් ඇයට තිබෙනවා.
පසුගිය දිනෙක ඇය අම්බෙඞ්කාර් සුදාර් සම්මානයෙන් පිදුම් ලබන්නේ හඬක් නැති මිනිසුන් විඳින දුක් ගැහැට පිළිබඳ කතාබහ කළ නිසාවෙනුයි. ඒ වගේම ලෝකයේ සිටින අතිශයින් වැදගත් චින්තකයන් අතරත් ඇය ඉදිරියෙන්ම සිටිනවා. ආයෙත් ‘පීකේ’ දිහාවට හැරුණොත් ඔහු කියන්නේ ඉන්දීය සමාජය තුළ ඔහුට පෙනෙන්නට තිබෙන දේවල් ගැනයි. ඒ නිසාවෙන්මයි ‘පීකේ’ නැත්නම් ‘බීලද ඉන්නේ’ (අවසිහියෙන්ද?* ලෙස ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නේ ඒ මේ ලොවේ බොහෝ දේවල් ඔහුට ආගන්තුක නිසයි. ඒ ගැන ඔහු බොහොම විවෘතව කතාකරනවා. වරෙක ලේඛිකාවක් වුණු අරුන්දතීගෙන් නිර්මාණයක් කියලා කියන්නේ කුමක් දැයි විමසනවා.
ඇය කියන්නේ කතාවක් කියලා කියන්නේ සංකීර්ණ ලෝකය තුළ තිබෙන දේවල් ගැන අතිශය සරල ලෙස පැවසීම කියලයි. ‘මම ලේඛිකාවක් වුණේ ඒ නිසයි. මම දේශපාලනඥයෙක් වුණා නම් මට සටන් පාඨයක් තියෙන්නට හැකියි. අපිට දැනෙන ලෝකය දැනවීම බෙහෙවින් සදාතනික වූවක්. අපි දිගින්දිගටම ඒ දැන්වීම කරද්දි අනෙක් අයටත් දනවන්න පුළුවන්. නමුත් කාරණය වෙන්නේ අපි මේ දේ දනවන්නේ තුන් දෙනෙකුටද නැත්නම් මිලියන තුනකටද කියන එකයි’
අරුන්දතීයීයි, පීකේ ගැනයි ආයෙමත් මතක් කරලා බලන්න.
Friday, June 12, 2015
Windy
June 12, 2015
0 Comments
පට්ට පොරවල් නෝන්ඩි වෙනවා, සිරා කරාලා චාටර් වෙනවා
ජැක්සන් ඇන්තනිගේ නිර්මාණයක් වුණු ‘ ඇඩ‍්‍රස් නෑ ’ චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක පටය මාධ්‍යයට නිකුත් කිරීමේ අවස්ථාව පසුගියදා තිබුණා. ‘ ජුලියට්ගේ භූමිකාව ’ චිත‍්‍රපටයෙන් අනාගතයේ බලාපොරොත්තු ඇතිකරගත හැකි නිර්මාණකරුවකු විදියට දිනූෂා රාජපතිරණ විසින් ජැක්සන්ව හඳුන්වා දුන්නා.ඊට පස්සේ පැමිණිලා සිටිය සහගයන්ව ඇමතුව ජැක්සන් කිව්වේ මේ වකවානුව චිත‍්‍රපට වලට හොඳ කාලයක් නම් නෙමෙයි කියලා. ආපහු හරවන්නට ඕන රැුල්ලක් ගැන කතාවකුත් ජැක්සන් කිව්වා. කොහොම වුණත් ඔහු කිව්ව විදියට ඒ රැුල්ල ඇරඹිලා තියෙන්නේ ‘ අබා ’ චිත‍්‍රපටයෙන් පසුවයි
ජැක්සන්ට අමතරව පහුගිය කාලේ රැල්ලට වගේ කතාබහට ලක්වුණු තවත් චරිත දෙකක් එතැන හිටියා. ඒ සබීතා පෙරේරා හා රෝහණ වීරසිංහ
කොහොම වුණත් ඒ හැමදේටම වඩා රසවත් වුණේ ගයාන් පෙරේරාගේ හඩින් ගැයෙන මේ ගීයයි
‘ වෘකයෝ බැටළු හම පොරවා, බළලූන් ලව්වා කොස් ඇට බාවනවා
මේ බජාර් එකට මල්ලී
අහසක් නෑ, පොළවක් නෑ
පට්ට පොරවල් නෝන්ඩි වෙනවා
සිරා කරාලා චාටර් වෙනවා
Windy
June 12, 2015
0 Comments
ඒත්, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ( නැද්ද ? )
ජනමත විචාරණයකින් සමලිංගික අයිතීන් පිළිගත් පළමු රට බවට අයර්ලන්තය පත්වුණා. අයර්ලන්ත සෞඛ්‍ය ඇමති ලියෝ වර්ඞ්කා ද සමලිංගිකයෙක්. අයර්ලන්තය තුළ සමලිංගිකත්වය නීතිගත කිරීම ගැන සතුටින් කතාකරන්නත් ඔහුට හැකිවුණා. ඒ විතරක් නෙවෙයි අයර්ලන්යේ ෆයින්ගේල් පක්ෂයේ ටොම් කූරන් මේ පිළිබඳව සඳහන් කරමින් ප‍්‍රකාශකර සිටියේ තමන්ගේ සමලිංගික පුතාටත් දැන් අනික් අය හා සමානවම සතුටින් ජීවත්වීමේ අවස්ථාව එළඹුණු බවයි
ඉන්දියාව එරට ලිංගික විපර්යාසයට ලක්වූ එරට පළමු විදුහල්පති මනාබි බැන්ඩෝපාද්‍ය ව බොහොම සාදරයෙන් පාසලට පිළිගන්නවා.
ඒත් ලංකාව, මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සමලිංගික පිරිස් වල අයිතීන් වලට සිට ඡුන්දය ප‍්‍රකාශ කළ නිසා ඔහුට බැණවදිනවා. රටවල් ත‍්‍රිත්වයක කකා තුනක්. වෙනස මේ ලංකාව වීමයි (ද ? )
ඉන්දියාව එරට ලිංගික විපර්යාසයට ලක්වූ එරට පළමු විදුහල්පති මනාබි බැන්ඩෝපාද්‍ය ව බොහොම සාදරයෙන් පාසලට පිළිගන්නවා.
ඒත් ලංකාව, මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සමලිංගික පිරිස් වල අයිතීන් වලට සිට ඡුන්දය ප‍්‍රකාශ කළ නිසා ඔහුට බැණවදිනවා. රටවල් ත‍්‍රිත්වයක කකා තුනක්. වෙනස මේ ලංකාව වීමයි (ද ? )
Thursday, December 18, 2014
Windy
December 18, 2014
0 Comments
මායා ඇන්ජිලෝ ගැන බොහෝදෙනා එක එක විදියට කතා කරනවා. ඉතා කුඩා වියේදීම තමන්ගේ මවගේ පෙමිවතා අතින් ලිංගික හිංසනයට ලක්වන ඇය කලෙක ගණිකාවක් ලෙස සේවය කළා කියලත් සැලකෙනවා.බොහෝ දෙනා මායා ගැන කතාකරන්නේ ඇය ලියූ චරිතාපදාන තුළිනුයි. ෙමි ඇය ලියූ A Letter To My Daughter කෘතියෙන් මා සිත්ගත් තැනක්.
ආදරණීය දෝණියේ
ෙමි ලියමන මවිසින් ලියැවෙන්නේ ඊටම අනන්‍ය වූ අසාමාන්‍ය කාලයකදීයි. ඔබට කියාදීමට අත්‍යවශ්‍ය පාඩමි කීපයක්ම මගේ සිතේ ලියැවී තිබෙනවා. මගේ අභිප‍්‍රාය වී තිබෙන්නේ මම කුමන තත්වයක සිටියදී ඒ පාඩමි ඉගෙනගත්තා දැයි යන්න මගේ දෝණිට කියාදීමටයි. මගේ දිවියේ බොහෝ කාලයක් ගතව ගියේ ආදරය කිරීම දිවියේ මූලිකම කාර්ය බව සිතමිනුයි.පැකිලෙමින් වුවත් මම බොහෝ දෑ වලට තර්ජනය කර තිබෙනවා. නමුත් තවමත් එවැනි බොහෝ අභියෝගයන්ට මම තර්ජනය කරනවා.
මගේ දිවියට අරුතක් ගෙන ආ බොහෝ මිනිසුන් සිටිිබවත් ඔවුන් මට බොහෝ පාඩමි කියාදී තිබෙන බවත් සිහිපත් කළයුතුයි.මාව අඩපණ කර තිබෙන බොහෝ දෙනා මට කියාදී තිබෙන්නේ මගේ දිවිය අර්ථවත් එකක් නොවන බවයි.
මගේ දිවිය තුළ මා බොහෝ වැරදි සිදුකර තිබෙනවා.ඒ වැරදි ගොඩට තවත් වැරදි ප‍්‍රමාණයක් මගේ මරණයට පෙර අනිවාර්්‍යයෙන්ම එකතුෙවි යැයි මා විශ්වාස කරනවා. මම ෙවිදනාව දකිනා විට අසතුට පමණක්ම ගෙනදෙන මෝඩකමි කර තිබෙන බව දැනගන්නා විට, මගේ වගකීමි සහගත බව අවබෝධ කරගනිමින් ප‍්‍රථමයෙන් මම මටම සමාව දී ගන්නවා. මම ඊළගට කරන්නේ මම කළ කී දෑ වලින් අසතුටට පත් වූ අය වෙත ගොස් සමාව ඉල්ලීමයි.
මගෙ දෝණියේ, නුෙඹි ඡීවිතය තුළ නුඹට මුහුණදීමට සිදුවන සියල්ලම පාලනය කිරීමට ඔබට නොහැකිෙවිවි. නමුත් එවැනි විඳවීමි පාලනය කළ හැක්කේත් නුඹටමයි. වෙනකෙකුගේ අහසක දේදුන්නක් වීමට උත්සහ ගන්න. ඔබ අකමැති යමක් සිදුවන විට එවැන්නක් වෙනස් කිරීීමට ඔබට කළහැකි සෑම උත්සහයක්ම ගන්න.නුඹට කිසිදු වෙනස්කමක් කිරීමට නොහැකි වුවහොත් මුලින්ම ඔබ හිතන පතන අයුරු වෙනස් කරගන්න. එවිට ඔබට නව මානයක් සොයාගැනීමට හැකිවනු ඇත.
මගෙ දෝණියේ” කිසිදිනක මැසිවිලි නගන්නට නමි එපා” මන්ද එවැනි කන්කෙඳිරියක් ඇසෙන තිරිසනෙකුට හැගී යන්නේ තමන් මාන බලාහිඳින ගොදුර අතළගම ඇති බවයි” මිනිසත්කම වෙනුවෙන් කිසිවක්ම කර මිස නුඹ මිය නොවන බව තරයේ සිහි තබාගන්න
Wednesday, December 10, 2014
Windy
December 10, 2014
0 Comments
ෙමි දවස්වල බොහෝ දෙනෙක් කතාකරන්නේ කතා කරන්නේ විධායක ජනාධිිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැනනේ”.ඉතිං මි නිසාම විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න පිරිස විධායක ජනාධිිපතිධූරය අහෝසි කළයුතුයි කියලා පහුගිය දවසක සන්ධානගත වුණානේ”.ඔය ගැන මාධ්‍යයෙන් එක එක විදියේ කතාබහත් ඇතිවුණා”. ෙමි ගැන අහන්න දේශපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රබල චරිත කීපයකටම කතා කරන්නට කතාකරන්න සිද්ධ වුණූ අවස්ථාවක අහන්න දකින්න ලැබුණ දෙයක් තමයි ෙම. ෙමික මම දන්න කියන කෙනෙක්ට වුණා කියලා හිතන්නකෝ. මාදුළුවාෙවි සෝභිත,හිමි, ඵමි කේ එස් ගුණවර්ධන,හිටපු බුද්ධශාසන නියෝජ්‍ය කටයුතු ඇමති,ඒ අතරින් දෙන්නෙක් පමණයි. මුලින්ම කතාකරන්න හිතුණේ සෝභිත හාමුදුරුවන්ට.
‘‘ බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පිං මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ ’’
‘‘ ලොකු හාමුදුරුවෝ ෙමි වෙලාෙවි නැහැ” හවසට ගන්න ’’.
අනික් පැත්තෙන් ඇහුණු තරුණ කටහඩ එහෙම කිවිවා” හාමුදුරුවෝ නිවන හොයාගෙන වත් ගිහිංද? එහෙමත් අහන්න හිතුණා” .නැහැ උන්වහන්සේ විධායක ජනාධිිපති ක‍්‍රමය අහෝසි කරන මාර්ගය හොයාගෙන ගිහිං ඇති”
ඊට පස්සේ මම කතාකරේ පහුගිය දවසක ශී‍්‍ර ල නි ප කාර්යාලයේ යකා නටපු ෙමි ගිවිසුමට අත්සන් තැබුව එක පාර්ශ්වයක් වුණු ගුණවර්ධන මන්ත‍්‍රීතුමත් එක්කයි”
’‘ රජකමි කෙරුවත් කළකමි පළ දේ
ඇඟ ලේ රුහිරේ කාගෙත් උණු ෙවි
ගිය වාරේ නුෙඹි
ෙමි වාරේ මගේ ’’.
ගුණවර්ධන මහත්තයෝ” ෙමි කතාව කියන්නේ කාට ඇහෙන්නද හැබෑටම ? මමයි රජා කියලා ගහපු බෝඞ් ලෑලි සිය දහස් ගණනින් ගහක් ගලක් ගානේ එල්ලිලා තියෙන අපූරුව නමි දැකගන්න පුළුවන්” දැන් කවුද ? රජා” එතකොට ලේ උණුවෙන්නේ කාගෙද?
ඒ දෙකට උත්තරේ මොකක් උණත් ගුණවර්ධන මහත්තයා ‘‘ වාරේ ’’ ගැන කියන කතාව හරිහැටි තේරුමි ගත්තානමි එතුමා ආණ්ඩුවෙන් ගියේ ඇයි කියන කාරණෙත් හොඳහැටි පැහැදිලි කරගන්න පුළුවන්. මොකද? ඉතින් වාරයක් ගැන තියෙන හුටපටයක් නිසානේ එතුමා ගිහිල්ලා තියෙන්නේ.
උතුමි රත්නත්තරේ ආනුභාවයෙන්” සියලු දෙවි දේවතාවන්ගේ පිහිටෙන් ආවඩා ආයුබෝ වේවා. ඉතිං අපේ ප‍්‍රාර්ථනාව සෝභිත හාමුදුරුවෝ නිවන් මාර්ගයේ යන එක පැත්තකින් තියලා ෙමි හොයාගෙන යන මාර්ගය ළඟදිම දිනෙක හමුෙවිවා යන්න සහ ගුණවර්ධන මහත්තයට වුවමනා කරන විදියේ වාරයකුත් ලැෙබිවා යන්නයි.


